ElaKiri Watch Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔරලෝසු පිස්සෝ ඉන්නවා නම් මේකට සෙට් වෙමු.
    අලුත් මොඩල්, පරණ මොඩල් ගැන විස්ථර කථා කරමු. තමන් පාවිච්චි කරන ඔරලෝසු ගැන විස්ථර කියමු. මේ.... එලකිරියේ
    "The Watch Club"
    Post Your Watch Here..
    :cool::cool::cool:

    Last edited:
    • Like
    Reactions: TROJAN-MAN

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි කාලේ මට හැමතිස්සෙම අසනීප වෙනවා. එක්කෝ බඩේ අමාරුවක් එක්කෝ උණක් මොකක්ම හරි මලදානයක් හැදිලා මාව ග්‍රෑන්ඩ්පාස් සුලේයිමාන් හොස්පිටල් එකේ උස්සං ගිහිල්ලා නවත්වනවා අම්මයි තාත්තායි දෙන්නා. මම හරි ආසයි ඕකට යන්න. වෙන මොකවත් නිසා නෙමෙයි. මාව පොඩි කාලේ ඉස්පිරිතාලේ නැවත්තුවාම මම ඉල්ලලා අඬන්නේ වෙලාව බලන්න අත් ඔරලෝසුවක්. ඉතිං තාත්තා අනිවාර්යෙන්ම මට චූටි ඔරලෝසු කෑල්ලක් ගෙනත් දෙනවා අතේ බැඳං ඉන්න. මම පොඩි එකා කාලේ මගේ වර්ගීකරණය අනුව අත් ඔරලෝසු කාන්ඩ 02 කට බෙදලා තිබුනා. පළවෙනි එක කටු කැරකෙන ඔරලෝසු. දෙවෙනි එක අංක වැටෙන ඔරලෝසු. මම එවුවට පොඩි කාලේ කිව්වේ ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු කියලා. මම ආසම මට ඕනේම ඔන්න ඔය ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු තමා. ඉතිං සුලේයිමාන් එකේ ඉන්නකං ඔය ඔරලෝසුව අතින් ගලවන්නේ නෑ. එච්චරට මම ඔරලෝසු වලට ආසයි."Casio G-Shock" ගැන දැනගන්නේ ඉස්කෝලේ 04-05 පන්තියේදී විතර. ඉස්සර වැල්ලම්පිටිය හන්දියේ තියෙනවා උස ඔරලෝසු පෙට්ට්ටියක් තියෙන ඉලෙක්ට්‍රික් බඩු කඩයක්. අම්මා එක්ක ක්ලාස් ඉවර වෙලා එනගමන් බස් එකක් එනකන් ඔය ඔරලෝසු පෙට්ටිය වටේ කැරකි කැරකි ඔරලෝසු බලන එක තමා කරන්නේ. හැමදාම ඔතනින් යනකොට විනාඩියක් හරි ඒ උස ඔරලෝසු පෙට්ටිය දිහා බලලා තමා එන්නේ. ඒ පෙට්ටියේ ඔරලෝසු ස්ථානගත වෙලා තිබුනේ උඩම පිරිමි ඔරලෝසු, යටම ගෑණූ ඔරලෝසු විදියටයි. පිරිමි ඔරලෝසු වලත් උඩම කටු කැරකෙන එවුවා. දෙවනුව ඉලෙක්ට්‍රොනික් එවුවා. ඔතන තමා ඉස්සේල්ලාම මම "G-Shock "එකක් දකින්නේ. එවුවා ඔරිජිනල් නෙමෙයි කියලා ඉතිං එත්කොට දන්නේ නෑ. කොහොම හරි අඬලා අඬලා අඬලා තාත්තා එක්ක ගිහින් "G-Shock " ඔරලෝසුවක් ගත්තා. ඒ වෙනකොට රුපියල් 100යි වටිනාකම. අද වෙනකන්ම මම Casio "G-Shock" පිස්සෙක්. මම වගේම "G-Shock" "Pathfinder" වලට කැමති කීප දෙනයි මට හම්බ වෙලා තියෙන්නේ. කොච්චර ලොකු ලොකු බ්‍රෑන්ඩ්ස් වල කොච්චර මිල අධික ඔරලොසු ආවත් ඉස්සරත් අදත් හෙටත් Casio "G-Shock" තමා වොච් එක. Casio සමාගමේ G-Shock developer ගේ හීනය උනේ මේකයි.
    "Creating a watch that never breaks."
    ඒක හැමදාටම එහෙමයි. නැත්තම් අවුරුදු 25ක් තිස්සේ මෙහෙම තියෙන්න විදියක් නෑ නෙව.

    මේ තියෙන්නේ මම දැනට පාවිච්චි කරන Casio G-Shock "GA-100C" වොච් එක. මේක මට තෑග්ගක් විදියට හම්බ උනේ. ඔය මට වොච් එක අතට ලැබුන වෙලේම ගත්තු පින්තූරයක්..

    11136107_10153128667776418_6076108303581792467_o.jpg

    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    patta machan mage yaluwek gava meka thiyenne mama ganna inne ekak

    ෆේක් මගුල් නම් ගන්න එපා මචං. සල්ලි ටික ටික හරි එකතු කරලා, අවුරුද්ක් හරි ඉඳලා ඔරිජිනල් එකක්ම ගනින් මචං. රෙප්ලිකා මගුල් කොල්ලයි බල්ලයි හ්ඇම එකාම බඳිනවා. මෙලෝ රහක් නෑ. වොච් එකේ ක්ලාස් එකත් නැති වෙනවා ඒකෙන්. රෙප්ලිකා නම් ගන්න එපා මලාට. :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඇත්තම කිව්වොත් මම මන් ඔරලෝසු වලට එච්චර කැමැත්තක් නැහැ. අදටත් මම ඔරලෝසුවක් බදින්නේ නැහැ. නමුත් රස්සාවල් කරන කාලේ නම් ඔරලෝසුවක් බැන්දා. ඒකාලේ (80 දශකේ) අද වගේ මොබයිල් ෆෝන් තිබුනේ නැහැ වෙලාව එහෙම බලාගන්න. ඒක ඕනේ උනේ ෆීල්ඩ් එකේ වැඩ වලට ගිහාම වෙලාව අවශ හින්ද. එකත් මහලොකු වර්ග වල ඒවා නෙමෙ. පිටකොටුවේ මල්වත්ත පාරේ කඩ වලින් ගනිපු ඩුප්ලිකෙට් ඔරලෝසු. නමුත් ඩුප්ලිකෙට් උනත් ඒකාලේ ආපු බඩු අවුරුදු 4-5ක් වත් වැඩ කරනවා. අදටත් ලාච්චුවේ තියනවා අන්තිමට පාවිච්චි කරපු ඔරලෝසුව. එක අදටත් වැඩ.

    වටිනා කියන ඔරලෝසුවක් ලෑබුනේ මම කසාද බදින්න ලං උනාම. අපේ තාත්ත මට සිටිසන් වර්ගයේ. තුනී හම් පටිය තියන ඔරලෝසුවක් අරන් දුන්න. ඔය කසිකබල් විසිකරලා වෙඩින් එකට දන්නා කියල. අපේ තාත්ත නම් branded ඔරලෝසු වලට ගොඩක් කැමති. එය මුලින්ම පාවිච්චි කලේ OMEGA එකක්. පස්සේ ROLEX එකක්. ඒ ROLEX එක පස්සේ කාලෙක මගේ පුතාට දුන්න.

    මම නම් එදා ඉදන් ආස කලේ කැමරා බඩු වලට. අදටත් අතේ වැඩිපුර මුදලක් ගැවසුනොත් මොකක් හරි ලෙන්ස් එකක් ගන්න තමයි බලන්නේ
     
    • Like
    Reactions: Mr PERERA

    :shocked:
    මුද්‍රන අයියා පොටෝග්‍රැපර් ද??
    මොකද්ද පාවිච්චි කරන කැමරාව? මොනාද ලෙන්සස් තියෙන්නේ?? :)
    මට මතකයි ලක් දසුන් එක ගැන අයියා මට කීවා 2011 දී ;)
     
    • Like
    Reactions: kellsupun