Election Commissioner

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    පොලීසියත් රාජ්‍ය මාධ්‍යයත් සන්ධාන නියෝජිතයන් ලෙස වැඩ කරද්දී ජනාධිපතිවරණ පැවැත්වීමේ තේරුමක් තිබේද? - මැතිවරණ කොමසාරිස් කළකිරේ........!! :oo::oo:


    (ලංකා ඊ නිව්ස් -2010 ජන.12, ප.ව.5.10-දෙවන සංස්කරණය පව.7.40) පොලීසිය සහ රාජ්‍ය ජන මාධ්‍ය ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරයේ නියෝජිතයන් ලෙස කටයුතු කරද්දී ජනාධිපතිවරණයක් පැවැත්වීමේ තේරුමක් තිබේද යන ප‍්‍රශ්නය මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා සහ දේශපාලන පක්‍ෂ නියෝජිතයන් අතර අද (12) පැවැති සාකච්ඡුාවේදි බැ?රුම් ලෙස ඉස්මත්තට පැමිණියේය.


    මෙලෙස නිදහස් හා සාධාරණ ඡුන්දයක් පැවැත්විය නොහැකි බව පක්‍ෂ නියෝජිතයන්ට පැහැදිලි කළ මැතිවරණ කොමසාරිස්වරයා මින් ඉදිරියට පක්‍ෂ නියෝජිතයන් සමඟ රැුස්වීම් නොපවත්වන බවත් රාජ්‍ය මාධ්‍ය අධීක්‍ෂණය කිරීමට තමා පත්කළ නිසි බලධාරියා ඉවත් කර ගන්නා බවත් පවසා තිබේ.


    සාකච්ඡුාව ආරම්භයේදීම අතිශය කළකිරීමෙන් කතා කළ මැතිවරණ කොමසාරිස්වරයා, පෙන්වා දුන්නේ පොලිස්පතිවරයා සහ රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන් මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පිළිපදිමින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාවලියට ආධාර කළ යුතු වුවද සිදුවන්නේ ඊට පටහැනිව දිගින් දිගටම බාධා පැමිණවීම බවය.


    රාජ්‍ය මාධ්‍ය පක්‍ෂග‍්‍රාහීව හා අගතිගාමී ලෙසින් කි‍්‍රයා කිරීම සීමා කිරීමට නිසි බලධාරියෙක් පත් කළද රාජ්‍ය මාධ්‍ය ඔහුගේ අධීක්‍ෂණයට යටත් වී කටයුතු නොකරන බව දැඩි කලකිරීමකින් පක්‍ෂ නියෝජිතයන්ට පෙන්වා දුන් මැතිවරණ කොමසාරිස්වරයා ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඞ්සන් සමරසිංහ මහතා ‘ඡුන්ද කොමසාරිස්ට තියෙන්නේ ඡුන්දෙ දාට ඡුන්ද පෙට්ටි ටික බලාගන්න විතරයි.’ යනාදී වශයෙන් දොස් පවරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තමා දරණ උත්සාහය අවඥාවට ලක් කරමින් ඊයේ (11) සහ අද (12) දැඩි විවේචනයක යෙදී ඇතැයි ද කීය.


    මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තමන් වෙත පැවැරී ඇති බලතල පවා විවේචනයට හා අභියෝගයට ලක් කරමින් රාජ්‍ය මාධ්‍ය කි‍්‍රයා කරන්නේ නම් ඒවා අධීක්‍ෂණය කිරීමට නිසි බලධාරියකු පත් කිරීමේ තේරුම කුමක්දැයි පක්‍ෂ නියෝජිතයන්ගෙන් ප‍්‍රශ්න කළ මැතිවරණ කොමසාරිස්වරයා මේ තත්ත්වය නිසා රාජ්‍ය මාධ්‍ය අධීක්‍ෂණයට පත් කළ නිසි බලධාරියා ඉවත් කරගන්නේ යයි කීය.


    මෙම සාකච්ඡුාවට පොලිස්පතිවරයාද සහහභාගී වූ අතර පොලීසියේ උසස් නිලධාරීන් ආණ්ඩුව වෙනුවෙන් මැතිවරණයට බලපෑම් කිරීම පක්‍ෂ නියෝජිතයන්ගේ ද මැතිවරණ කොමසාරිස්වරයාගේද දැඩි විවේචනයට ලක්විය.


    නියෝජ්‍ය පොලිස්පතිවරුන් පොලිස් නිලධාරීන්ගේ ඡුන්දයට බලපෑම් කිරීම, පුනරීන් හා යාපනය හමුදා නිලධාරීන් ස්ථාන මාරු කිරීම, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඡුන්දය දෙන මෙන් දන්වමින් ලිපියක් යවා තිබීම. විපක්‍ෂයේ ආධාරකරුවන්ට එරෙහිව එල්ල වන ප‍්‍රහාර තර්ජන හා බාධා කිරීම්වලට පොලීසිය පියවර නොගැනීම, ජනාධිපතිවරයාගේ බැනර් කටවුට් හා ප‍්‍රචාරක පුවරු ඉවත් කිරීමට අසමත්වීම වැනි කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී කරුණු ඉදිරිපත් විය.


    සාකච්ඡුාවට සහභාගී වූ එක් නියෝජිතයෙක් ලංකා ඊ නිව්ස්’ වෙත කියා සිටියේ පොලිස්පතිවරයා ආණ්ඩුවේ මැතිවරණ ප‍්‍රචාරක යාන්ත‍්‍රණයේ අදෘශ්‍යමාන හස්තය ලෙස කි‍්‍රයා කරන බව විපක්‍ෂයේ නියෝජිතයන් පමණක් නොව මැතිවරණ කොමසාරිස්වරයාගේද අදහස වූ බවය. මින් ඉදිරියට පක්‍ෂ නියෝජිතයන් සමඟ රැුස්වීම් නොපවත්වන බවත් රාජ්‍ය මාධ්‍ය අධීක්‍ෂණයට පත්කළ නිසි බලධාරියා ඉවත් කර ගන්නා බවත් මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබෙන්නේ මෙම තත්ත්වය යටතේය.


    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අදහස් දක්වමින් සුහදව කතා කොට මෙම ප‍්‍රශ්න නිරාකරණය කොට ගත හැකි යයි පැවසූව ද රාජ්‍ය මාධ්‍ය හා පොලීසියේ හැසිරීම ගැන එල්ල වු විවේචනවලට නිසි ප‍්‍රතිචාරයක් දක්වා නැත.


    නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධා කෙරුණ කරුණු සම්බන්ධයෙන් තමා මෙහි පැවැසූ අදහස් අධිකරණය හමුවට ගොස් පවසා සහනයක් ලබා ගන්නා මෙන් මැතිවරණ කොමසාරිස්වරයා විපක්‍ෂ නියෝජිතයන්ට දැනුම් දුන් විට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා මැතිවරණ කි‍්‍රයාවලිය අධීක්‍ෂණය කිරීමේ කටයුතුවලින් ඉවත් නොවන මෙන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළේය. මෙම අවස්ථාවේ විපක්‍ෂයට පවතින එකම පිළිසරණ මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීම බව පෙන්වා දුන් අත්තනායක මහතා නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස ජනාධිපතිවරණය පැවැත්වීමට විපක්‍ෂය දරණ වෑයමට සහයෝගය දෙන මෙන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.


    මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ තමා සෘජුව කි‍්‍රයා කරන නමුත් රජයේ නිලධාරීන් හා මාධ්‍ය උදව් නොකරන්නේ නම් තමාට පමණක් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කි‍්‍රයා කළ නොහැකි බවය.


    පොලිස්පතිවරයා මෙහිදී තරමක නම්‍ය ස්වභාවයක් දක්වමින් ඉදිරි දින දෙක තුන තුළ පොලීසිය අපක්‍ෂපාත ලෙස හැසිරෙන බවට වගබලා ගන්නේ යයි කීය.


    මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී තම පළමු ප‍්‍රකාශය ඉවත් කර ගනිමින් පක්‍ෂ නියෝජිතයන් සමඟ ඊලඟ රැුස්වීම ලබන 19 වන දිනට නියම කළේය. රාජ්‍ය සම්පත්, මාධ්‍ය සහ පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කටයුතුවලට අයුතු ලෙස යොදා ගැනීමේ භාවිතයට තිත තැබිය යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා පක්‍ෂ නියෝජිතයන්ට අවධාරනය කිරීමත් යළි පක්‍ෂ නියෝජිත රැුස්වීම් නොපවත්වන බවට කළ පළමු ප‍්‍රකාශය ඉවත් කර ගනිමින් ඊළඟ රැුස්වීමේ දිනය නියම කිරීමත් තුළ රාජ්‍ය මාධ්‍ය වෙනුවෙන් පත් කළ නිසි බලධාරියා ඉවත් කර ගැනීමේ පළමු තීරණයද ඒ සමඟම වෙනස් කර ගන්නට ඇතැයි පක්‍ෂ නියෝජිතයන් විශ්වාස කළද ඒ ගැන නිශ්චිත හැඟීමක් ඔවුන්ට නොතිබුණි.


    මෙම රැුස්වීමෙන් පසුව ‘ලංකා ඊ නිව්ස්’ වෙත අදහස් දැක්වූ එක් පක්‍ෂ නියෝජිතයකු කියා සිටියේ ආණ්ඩුව රාජ්‍ය බලය උපරිම ආකාරයෙන් අයුතු ලෙස යොදවා ගෙන ජනාධිපතිවරණයට මුහුණ දීමට දරන ප‍්‍රචණ්ඩ වෑයම වැලැක්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට යාන්ත‍්‍රණයක් නොවීම තුළ මැතිවරණ දූෂණ වැලැක්විය හැක්කේ ජනතාව බලමුළු ගැන්වීමෙන්ම පමණක් බවය.



    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=11929
     
    Last edited:
    • Like
    Reactions: kasun1986

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    me dewal walin paenne wasara 40k palapurudu nayakaya dina 40k palapurudu nayakayata baya wechcha bawai
    baya wela nattanm mechchara dagalan one nane
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    mud002.jpg