වන්දි බට්ඨයො මොකද දැන්නැ කරන්නේ

රාජපක්ෂලාගේ අංක එකේ සට්ටැඹියෙක් වු මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද රටින් පැන ගොස් තිබේ. ඇමරිකාවේ නිව්යොර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයෙන් ඉවත්වී ශ්‍රී ලංකාවට පැමිනි ශවේන්ද්‍ර සිල්වා පලාගොස් ඇත්තේ ඉන්දියාවට ය. ඔහු පුහුණුවක් සඳහා ගිය බව කියැවේ. මීට අමතරව රාජපක්ෂලාගේ තියරි කාරයා වූ ජැක්සන් ඇන්තනීද රටින් පළා යෑමට සූදානම් වන බව වාර්තා වේ. ඔහු යන්නේ බටහිර රටක සංදර්ශනයක් සඳහා සහභාගී වන බව කියමිනි. තත්ත්වය නරක වුවහොත් එහිදී දේශපාලන රැකවරණ ඉල්ලන බව ඔහු මිතුරන් සමග පවසා ඇත.
කිතුණුවෙක් වූ ජැක්සන් ඇන්තනී මහින්ද රාජපක්ෂ වැනි මෘග චෞරයෙක් බුදු රජාණන් වහන්සේගේ නෑදෑයෙක් යයි තියරියක් හැදීම නිසා බහුතර බෞද්ධ ජනතාවගේ වෛරයට පාත්‍ර වී සිටියදී මහින්ද රාජපක්ෂ සදාකාලික නායකයා විය යුතු යැයි කියා ප්රජාතන්ත්රවාදයට ගරුකරන ජනතාවගේද වෛරයට පාත්‍ර විය.
ජැක්සන් ඇන්තනී නම් පුද්ගලයෙක් ගැන කිසිවෙක් නොදන්නා කාලයේදී පළමුවෙන්ම ‘තාරාවෝ ඉගිලෙති‘ නම් එකල අති ජනප්‍රිය වූ නාට්‍යයේ චරිතයක් රඟපෑමට දී ජැක්සන්ට නාට්‍ය කලාව ඉගැන්වූ ලූෂන් බුලත්සිංහල ජ්‍යෙෂ්ඨයා පුරවැසි බලය වේදිකාවේ සිය පවුල පිටින්ම ජනතාව වෙනුවෙන් ක්‍රියා කරද්දී ජැක්සන් ඇන්තනී රාජපක්ෂලාගේ කලා කොන්තරාත් වලින් ලැබෙන මුදලට වහ වැටී ජනතාවට එරෙහිව ක්‍රියා කෙළේය.