සරලව ගත්තොත් අඩුම 250W වත් මෝටරයක් ඕන. 300-500W අතරවත් නම් හොඳයි. CT100 වගේ සාමාන්‍ය පොඩි මෝටර් සයිකල් කටුවකට සමාන response එකක් තියෙන්න නම් 2000W විතර ඕන.
බැටරි එක ඉතින් 250W දෙන්න පුළුවන් වෙන්න ඕන. උදාහරණයක් විදිහට 12V නම් 250W වෙන්න 21A විතර අදිනවා. එහෙම Ampere ගාණක් out කරන්න පුළුවන් බැටරියක් වෙන්න ඕන. ඔය නිසා වොට් ගාණ ඉහළ මෝටර් ගොඩක් වෙලාවට volt ගාණත් වැඩියි. 1000W එහෙම 48V වත් එන්නෙ කලාතුරකින්.
250W වලින් මහලොකු rpm එකක් නම් එන් නෑ. උඹ 8 වසරෙ ගණිතය, විද්‍යාව කරලා අැතිනෙ. රෝදෙ පළල/අරය අරගෙන පරිධිය බලපන්. සාමාන්‍ය 26" බයිසිකල් ටයර් එකක් නම් මීටර් දෙකක් විතර එන්නෙ. ඉතින් 250W නම් මීටර් දෙකකදි යෙදෙන බලය 125N. වාත ප්‍රතිරෝධය ගත්තාම පෙනෙයි flat පාරෙ 36kmph විතර තමයි උපරිම. කිලෝ 125 ක් බරක් අරගෙන 1:10 බෑවුමක් නගිනවා නම් වේගය පැයට කිලෝමීටර් 7.2 යි උපරිම. ඔය ඉලක්කම් ටික හදලා බලපන්.
අන්න එ‍් නිසා සාමාන්‍යයෙන් 500W විතර මෝටරයක් හරි, 250W දාගෙන පැඩල් කරන්නත් පුළුවන් විදිහට හදන එක හරි තමයි සාර්ථක.