ගෙදර කරන්ට් බිල රු. 2300 ක් විතර එනවා. වැඩිය කරන්ට් බඩු පාවිච්චි කරන්නෙත් නැහැ. ෆ්රිජ් එක විතරයි හැමදාම දාලා තියෙන්නේ. ඇඳුම් මදින්නෙත් සතියට එකපාරයි. ඩෙස්ක්ටොප් එකත් අතහැරලා ලැප් එක විතරයි පාවිච්චි කරන්නේ. රයිස් කුකර් එකත් වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. ලෙඩ් බල්බ් දාලා තියෙන්නේ. මාසෙට යුනිට් 125 ක් විතර එනවා. වෙන ගෙවල් එක්ක බලන කොට මේ ගාන හොදටම වැඩියි. මෙච්චර යුනිට් ගාන වැඩි වෙන්න හේතු මොනවාද? මට නම් හිතාගන්නවත් බැහැ. දැනට තියෙන වියදම එක්ක මාසෙට මාර ගේමක් දෙන්න වෙනවා. මීටරේ චෙක් කරගන්න ක්රමයක් හරි ගෙදර ඇතුළු වයරිං එකේ අවුලක් ද කියලා හොයාගන්න ක්රමයක් තියෙනවද? උදව් කරපල්ලා යාළුවනේ...


