Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    @KingCm එළකිරි සහෝ .දිගටම දාමු .කෝට් කරේ නෑ ත්‍රෙඩ් එක දිග වැඩි වෙන නිසා​
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,053
    528
    113
    3096geg.jpg
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මල්ටි වයිබ්‍රේටර් පරිපථය​

    hqdefault.jpg


    LED කාණ්ඩ දෙකක් මෙම මල්ටි වයිබ්‍රේටර් පරිපතයෙන් ස්වයන්ක්‍රියව නිවී නිවී දැල්විය හැක . එම පරිපථය පහලින් දක්වා ඇත

    ට්‍රාන්සිස්ටර් = C828 X 2
    කන්ඩේන්සර් = 100u(මෙතන තියෙන්නේ යු අකුර නෙමේ.ඒ වගේ සිම්බල් එකක්.එක ටයිප් කරන හැටි දන්නේ නෑ ) F X 2
    R1 = 27k X 2
    R2 = 470ඕම්ස් X 2


    n6BkYo0l.jpg

    අංක 5 රුප සටහන


    පරිපථය තේරුම් ගැනීමේ පහසුව තකා LED සඳහන් කර ඇත්තේ දෙපසට දෙකක් පමණි . නමුත් මෙයට LED වැඩි සංඛ්‍යාවක් යෙදිය හැක . එහෙත් දෙපසට සමාන සංඛ්‍යාවක් LEDබල්බ යෙදිය යුතු වේ
    කන්ඩෙන්සර් වල ධන අග්‍ර ට්‍රාන්සිස්ටර් දෙකෙහි කලෙක්ටර් පාදවලට සවිවිය යුතුයි . LED කාණ්ඩ දෙකෙහි ඇනොඩ පාදයන් සියල්ල එකට කර ධන අංශයට සවි කලයුතුය
    එක් කාණ්ඩයක කැතොඩ සියල්ල එකතුකර එක් කලෙක්ටර් පාදයකටත් ,අනෙක් කාණ්ඩයේ කතොඩ පාද සියල්ල එකතුකර

    අනෙක් කලෙක්ටර් පාදයටත් සවිකළ යුතු වේ . මෙයට LED නිර්මාණ පහත රුප සටහනේ දැක්වේ


    lgzRMjml.jpg

    අංක 5B රුප සටහන

    මෙම පරිපථයට ඔබ වැඩි වෝල්ට් ප්‍රමාණයක් දීමට අදහස් කරන්නේ නම් පහත රුප සටහනට අනුව LED සම්බන්ද කල හැක

    t39QTTVl.jpg

    අංක 5C රුප සටහන


    5B රුප සටහනේ සඳහන් A,B,C යන අග්‍ර 5A රුප සටහනේ දැක්වෙන A,B,C ස්ථාන සමග සම්බන්ධ කරන්න .
    LED සංඛ්‍යාව වැඩිවන විට ඒවායේ ආලෝකය දුර්වල වේ .එයට පිලියමක් ලෙස පහත අංක 6 දරණ රූපයෙන් දැක්වෙන පරිදි D400 ට්‍රාන්සිස්ටර් දෙකක් හෝ C1061 ට්‍රාන්සිස්ටර් දෙකක් සම්බන්ධ කල හැක
    C1061 ට LED විශාල සංඛ්‍යාවක් යෙදිය හැකි අතර D400 ට යෙදිය හැකි වන්නේ අඩු LED සංඛ්‍යාවකි


    NqqeE6Kl.jpg

    අංක 6 රුප සටහන



    TR 1-C828
    TR2-D400
    C1061
    C828 සහ
    D400හි පාද පිහිටි ආකාරය

    23NFq0Ul.jpg



    මෙම පරිපතවලින් සිදු කෙරෙන්නේ LED කාණ්ඩ දෙකක් නිවෙමින් දැල්වෙමින් ක්‍රියා කිරීමයි . එක කාණ්ඩයක් නිවෙන විට අනෙක් කාණ්ඩය දැල්වේ .මෙය මාරුවෙන් මාරුවට සිදුවේ
    මෙයට වඩා විශිෂ්ට ක්‍රමයක් වන නයිට් රයිඩර් පරිපථය පහත දැක්වේ


    jmCdwMQl.jpg

    අංක 7 රුප සටහන

    මෙම IC එතරම් මිලක් නොවේ .R 2 මැගොම් ප්‍රිසෙට් එකකි .මෙය ඇජස්ට් කිරීමෙන් LED දැල්වෙන වේගය පාලනය කල හැක . මේ සඳහා ඕම්ස් 220 ක පමණ රෙසිස්ටරයක් භාවිතා කිරීමට පුලුවන .එවිට එහි ප්‍රතිරෝධයට ගැලපෙන ප්‍රමාණයක වේගයකින් LED දැල්වේ

    IC පාස්සනවිට බවුතයේ තාපය නිසා විනාශ විය හැක . එනිසා හොඳම ක්‍රමය ඒ සඳහා IC Base භාවිත කිරීමයි . මෙම බේස් එකක් රුපියල් 5ක් පමණ වේ .පරිපථයට පාස්සනු ලබන්නේ බේස් එකේ පාදවන අතර බේස් එකේ මතුපිටට IC එක සවි කල හැක

    IC 4017 හි දොරටුවල අදාළ පාදයන් අනුපිලිවෙලට පිහිටා නැති හෙයින් , එහි ඊතල ලකුණු සහ ට්‍රආන්සිස්ටර්වල සමාන ඊතල ලකුණු එකට යා කල යුතුය . මෙය තේරුම් ගැනීම සඳහා පරිපථයේ සඳහන් අංක කීපයක් කඩ ඉරි මගින් යා කර ඇත

    මෙම C828 ට්‍රාන්සිස්ටර් වෙනුවට C1061 ට්‍රාන්සිස්ටර් දීමෙන් කුඩා ටෝච් බල්බ පවා මෙම ක්‍රමයට දැල්විය හැක
    ඔබට හොඳ නිර්මාණ ශක්තියක් තිබේනම් මෙම පරිපථය ඇසුරින් ඔබට බොහෝ නිර්මාණ කල හැක


    N9CJ8k2l.jpg

    අංක 8 රුප සටහන

    LED සවි කිරීම සඳහා ඔබට ඉහත පරිපථ සටහන් යොදාගත හැක . මෙහි දැක්වෙන LED සියල්ලෙහි ඍන අග්‍ර සියල්ල එකට කර අංක 7 පරිපතයෙහි ඍන විදුලිය අග්‍රයට සම්බන්ද කරන්න . LED සියල්ල රවුම් 4 කට හෝ 5කට සිටින පරිදි සවි කරන්න

    එහි එක රවුමක ධන අග්‍ර සියල්ල එකට පාස්සන්න . මේ ආකාරයට LED යොදන රවුම් හතරේ හෝ පහේ ඇතුලත් සියලු LED වල ධන අග්‍ර එක රවුමක් බැගින් සියල්ල එකට පාස්සන්න

    අංක 8 පරිපථය අනුව මෙසේ එකට සම්බන්ද කරගත් ධන අග්‍ර කොටස් 5කින් දැක්වේ . 7 වන පරිපථයේ ඇත්තේ ABCD කොටස් 4ක් පණක් නිසා 8 පරිපථයේ රව්ම් දෙකක් එකට කර එය A වශයෙන් ගන්න (කැමති රවුම් දෙකක් තෝරා ගන්න )
    අනිත් අග්‍ර BCD යනුවෙන් දක්වා ඇත .මේ ආකාරයට ඔබේ කැමැත්ත පරිදි පරිපථයේ ලගින් පිහිටි පේලි දෙකක් එකතුකර ABCD අග්‍ර වශයෙන් යොදා ගත හැක . දැන් මේ අංක 8න් දැක්වෙන ABCD අග්‍ර අංක 7න් දැක්වෙන ABCD යන අග්‍ර හා සම්බන්ධ කරගන්න

    පරිපථ හරියාකාරව සකස්කර ධන ඍන මාරු නොකර එයට විදුලිය සපයන්න .R2 ප්‍රිසෙට් එක කරකවිමෙන් බල්බ් දැල්වෙමින් ගමන් කරන වේගය පාලනය කල හැක . LED වල පැත්ත මාරුවීමත් පරිපථයට සපයන විදුලියේ ධන ඍන අග්‍ර මාරු වීමත් පරිපථය ක්‍රියා නොකිරීමට හේතු වනු ඇත එමෙන්ම ධන ඍන මාරු වීමෙන් IC ද විනාශ විය හැක
    මේ නිසා පරිපථයේ වැඩ කටයුතු නිමවා විදුලිය සැපයීමට පෙර දෙතුන් වතාවක් ඉතා හොඳින් එය නිවැරදිව සිදුකර ඇත්දැයි පරික්ෂාකර බලා විදුලිය සපයන්න


    images


    ඔන්න එකත් ඉවරයි .මම හිතෙනවා මේකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා.ආයේ අයෙත් කියන්නේ ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා හැමෝටම අරාධනා කරනවා මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්න කියල .ඉලෙක්ට්‍රොනික් ගැන දැනගන්න ආස අයටත් කියන්නේ දිගටම ත්‍රෙඩ් එකත් එක්ක ඉන්න .වැඩේ හොඳයි නම් බම්ප් එකක් දාල රෙප් වලින් සලකල යන්න:cool::cool::cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබත් electronic ගැන දන්නවනේ
    මම දැක්ක පල්සර් ක්ලබ් එකේ දාල තිබ්බ පොස්ට් එහෙම
    දාමු මේකෙත් හොඳ පොස්ට් ඉලෙක්ට්‍රොනික් ගැන :)

    දාන්නම් මචන් අනිවා...:yes:

    හිරවෙලා ඉන්නේ කරගෙන යන වැඩකට..:sorry: ඉක්මනින්ම දාන්නම් කට්ටියට වැඩක් වෙන පෝස්ට් ටිකක්..:cool:

    දිගටම කරගෙන යමු...:)
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    දාන්නම් මචන් අනිවා...:yes:

    හිරවෙලා ඉන්නේ කරගෙන යන වැඩකට..:sorry: ඉක්මනින්ම දාන්නම් කට්ටියට වැඩක් වෙන පෝස්ට් ටිකක්..:cool:

    දිගටම කරගෙන යමු...:)

    එල එල
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබත් electronic ගැන දන්නවනේ
    මම දැක්ක පල්සර් ක්ලබ් එකේ දාල තිබ්බ පොස්ට් එහෙම
    දාමු මේකෙත් හොඳ පොස්ට් ඉලෙක්ට්‍රොනික් ගැන :)

    mama electronics igena ganna patan gaththe ,mata wayasa aurudu 10di.

    ow aurudu 10di onama loku circuit ekak gahanna puluwan..

    mamama thmai copper clad board genalla,chemical wala daala pcb board haduwe...

    ita passe mamama gril eken widala thmai board haduwe...aurudu 10di...:dull::dull::dull:

    dan thiyena wadath ekka,amathara wada karanna welawak na.....

    electronics walata godak asai. eth welawak na ban......​