Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread

hasi_2

Well-known member
  • Aug 8, 2014
    2,053
    528
    113
    resister 2
    2a7ep8j.jpg
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    විවිධ හඬ ලබාගැනීමේ පරිපථ​


    images

    අතීතයේ නිවෙස්වල විදුලි සීනු (ඩොර් බෙල් )සඳහා පාවිච්චි කරනු ලැබුවේ කොයිලයක් , කම්බියක් අගට සවි කරන ලද මිටියක්(ලෝහ ගුලියක් ) තුනී වානේ තහඩුවක් සහ බෙල් පියනක් අධාරයෙන් නිමවන ලද බෙල් එකකි . එහෙත් වර්තමානයේ ඉලෙක්ට්‍රොනික පරිපථ ආධාරයෙන් විවිධ හඬවල් ලබාගත හැකි පරිදි නිර්මාණ කරන ලද බෙල් බහුල වශයෙන් පාවිච්චි කරනු ලැබේ . එපමණක් නොව නොයෙකුත් සෙල්ලම් භාණ්ඩ සඳහාත් මෙවැනි හඬවල් ලබාගත හැකි පරිපථ යොදා ඇත . ආරක්ෂක මෙවලම් වශයෙන්ද මෙවැනි හඬ ලබා ගැනීමේ පරිපථ පාවිච්චි කරනු ලැබේ​

    කුරුළු හඬ පරිපථය​


    XMbYLzhl.jpg



    ඉහත රුප සටහනෙන් දැක්වෙන්නේ ඩොර් බෙල් සඳහා භාවිත කල හැකි පරිපතයකි .මින් කුරුළු හඬ නිකුත් කෙරේ . පරිපථයට ප්‍රධාන විදුලිය සපයා එය ස්පර්ශ කරමින් පරික්ෂා කිරීම අනතුරුදායක බැවින් පරිපථය නිමවා එහි A ස්ථානයට ධන අග්රයත් B ස්ථානයට ඍන අග්‍රයත් සම්බන්ධකර බැටරි වලින් හෝ පවර් පැක් එකක් මගින් ක්‍රියා කරවා බලන්න . මෙයට 3V සිට 6V දක්වා විදුලි බලයක් අවශ්‍ය වේ . විදුලි බලය වැඩි වීම අපිරිසිදු හඬක් නිකුත් කිරීමට හේතු වේ

    පරිපථය සකස් කර බැටරි යොදා ක්‍රියා කරවා බල පසුව ප්‍රධාන විදුලියෙන් ක්‍රියාකරවීමට උත්සාහ කරන්න . ප්‍රධාන විදුලියෙන් ක්‍රියා නොකරන්නේ නම් R1 හි ප්‍රතිරෝදය අඩුකළ යුතු වේ . එනිසා R1 සඳහා යොදා තිබෙන වොට්2- 47K රෙසිස්ටරය එසේම තිබියදී , එම ප්‍රමානයේම තව රෙසිස්ටරයක් පරලාල් ක්‍රමයට එම රෙසිස්ටරය සමග සවි කරන්න . ට්‍රාන්ස්ෆෝමරය සඳහා වොට් 1/4 ප්‍රමාණයේ අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමරයක් සුදුසුය . ස්පීකරය සඳහා අඟල් 2 ඕම්ස් 8 ක එකක් සුදුසුය . විදුලිය සපයන වයරය ස්විචයට සවි කර ඩොර් බෙල් වශයෙන් පාවිච්චි කල හැක​


    පැරණි දුම්රියේ හඬ ලබාගැනීමේ පරිපථය​


    s-l1000.jpg

    මෙම පරිපථය මගින් පැරණි දුම්රියේ 'හු' හඬ ලබාගත හැක . එම හඬ නිපදවනු ලබන්නේ මල්ටි වයිබ්‍රේටර් පරිපථයක ආධාරයෙනි . ඉන් නිකුත් වන්නේ හඬ වර්ධනය කිරීමටයි
    KIA7313 IC පරිපථය යොදා තිබෙන්නේ . මල්ටි වයිබ්‍රේටර් පරිපථයේ R2 R4 සහ C1 C2 වෙනස් කිරීමෙන් වෙනත් නාද ලබාගත හැක . පහත පරිපථ සටහනෙහි එම පරිපථය දක්වා ඇත​

    VHflMEkl.jpg



    අවශ්‍ය උපකරණ

    IC-KIA 7313
    Tr1,Tr2-C828
    C1-0.001uF(යු අකුර නොවේ )
    C2-0.001uF("")
    C3-0.002uF("")
    C4-470uF("")
    C5-100pf
    C6-47uF("")
    C7-100pF
    C8-0.005uF
    C9-470uF("")
    C10-220uF("")
    C11-47uF(යු අකුර නොවේ )
    C12-0.01uF(යු අකුර නොවේ )
    C13-100uF("")
    C14-4.7uF("")
    R1-50-120දක්වා
    R2-5K
    R3-220k
    R4-5K
    R5-220K
    R6-10L වොලිම් කන්ට්‍රෝල්
    R7-47


    R2 සහ R4-5k සිට 10k දක්වාත් C1 සහ C2 0.001 සිට 0.005 දක්වාත් වෙනස්කර විවිධ නාද ලබාගැනීමට උත්සාහ කරන්න . පරිපථයට IC යොදා තිබෙන නිසා විදුලිය සැපයීමේදී ඉතා කල්පනාකාරීව ධන ඍන නොවරදවා සපයන්න .ධන ඍන මාරු වුවහොත් IC විනාස වේ.එමෙන්ම IC පාස්සිමේදී ප්‍රවේශම් වන්න .IC බේස් යොදා ගැනීමෙන් IC විනාශ වීම වැළක්විය හැක
    පාස්සන්නේනම් ඉතා ඉක්මනින් එක පාදයක් පාස්ස එය නිවෙන්න හැර ඊළඟ පාදය පාස්සන්න .මොනම හේතුවක් නිසාවත් IC පාදයක් මත ටික වෙලාවක් බවුතය ත ගෙන නොසිටින්න​



    " ________"
    _____
    ___
    මෙය අර්ත් සංකේතයි. යම්කිසි උපාංගයක එක පාදයකට මෙම ලකුණ යොදා තිබේනම් ඉන් අදහස් වන්නේ , එම අග්‍රය අර්ත් විය යුතු බවයි . බොහෝවිට සෑම පරිපතයකම පහල අග්‍රය අර්ත් අග්‍රය වශයෙන් සැලකේ . මේ සඳහා යොදා ගනු ලබන්නේ , ධන විදුලි අග්‍රය හෝ ඍන විදුලි අග්‍රයයි . මේ අනුව අංක 10 දරණ රූපයෙන් දැක්වෙන පරිපථයේ ඍන විදුලි අග්‍රය වශයෙන් සැලකේ​

    මීළඟ කොටසින් ආරක්ෂක උපකරණයක් නිර්මාණය කර ගන්න හැටි බලමුඔන්න එකත් ඉවරයි .මම හිතෙනවා මේකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා.ආයේ අයෙත් කියන්නේ ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා හැමෝටම අරාධනා කරනවා මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්න කියල .ඉලෙක්ට්‍රොනික් ගැන දැනගන්න ආස අයටත් කියන්නේ දිගටම ත්‍රෙඩ් එකත් එක්ක ඉන්න .වැඩේ හොඳයි නම් බම්ප් එකක් දාල සලකල යන්න:cool::cool::cool:

    gPuCpCR.png
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ටැග් වල අංක දාපු ටැග් එකේ තියෙන්නේ මම දාපු පොස්ට් වල පේජ් නම්බර්ස්
    අලුත් ඒවා දාලද කියල එකෙන් බලන්න :yes:
    gPuCpCR.png
     

    AnuradhaRa

    Well-known member
  • TV Repair කරන එවුං ඉන්නවනං තමන්ගෙ අත්දැකීම්, දෝශය හොයාගත්ත පිළිවෙල එහෙම මේකෙ දාන්ඩකො...

    මමත් පොඩි ටිප් එකක් දෙන්නං.. ස්විචිං පවර්සප්ලයි වල එක වාසියක් තමා.. ලොකු ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කිරීමට සිදු නොවීම.. :) පොඩි එකක් හොඳටම ඇති.. දැකල තියෙනවනෙ කොච්චර පොඩිද කියල
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    TV Repair කරන එවුං ඉන්නවනං තමන්ගෙ අත්දැකීම්, දෝශය හොයාගත්ත පිළිවෙල එහෙම මේකෙ දාන්ඩකො...

    මමත් පොඩි ටිප් එකක් දෙන්නං.. ස්විචිං පවර්සප්ලයි වල එක වාසියක් තමා.. ලොකු ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කිරීමට සිදු නොවීම.. :) පොඩි එකක් හොඳටම ඇති.. දැකල තියෙනවනෙ කොච්චර පොඩිද කියල

    Aniwa hamotama open thread ekak meka.hamogema adhas athdakim bedagamu:cool:
     

    AnuradhaRa

    Well-known member
  • ඔය කියනව නේ.. මදර් බෝඩ්, රැම්, ප්‍රොසෙසර් එහෙම අතින් අල්ලන කොට පරිස්සං වෙන්ඩ කියල. අපේ අතේ පොඩි ආරෝපණයක් තියෙනවලු.
    ඒ ආරෝපණය හින්ද මේ බඩු වෙලට හානි වෙන්ඩ පුලුවන්ලු
    electrostatic discharge කියන්නෙ ඕකට තමා.. අපේ අත ආරෝපණය වෙලාලු කොහොමත් තියෙන්නෙ..
    දැං ඔය කම්පියුටර්ස් එහෙම රිපෙයාර් කරන තැං වල, ඔය ගැන හිතනවද ?
    අලුතින් එන ටීවි වුණත්, එහෙමයි.. පරිස්සං වෙන්ඩ ඕන කියල කියනව
    නැත්තං මේක හිතන තරං අවුලක් නෙමේද ?