බය වෙන්න එපා...!!
මේ පිටසක්වල ජීවියෙක් නෙවෙයි.
චීනයේ අලි මිනිහ(Elephant Man) කියන්නෙ මෙයාට තමයි. සමහර විට EK කට්ටිය මෙයා ගැන දන්නව ඇති.
මොකද මේක ටිකක් පරන ප්‍රවෘතියක්. ඒත් දන්නෙ නැති අයට මම විස්තර ටිකක් දෙන්නම්කො.
මෙයා නමින් Huang Chuancai ඉපදිල තියෙන්නෙ චීනයේ Hunan දිස්ත්‍රික්කයේ. මේයා ප්‍රසිද්ධ වෙන්න හේතු කාරණාව උනේ මුහුණේ හටගෙන තිබු ලොකු දදය (tumor) නිසයි
.ඔහුට අවුරුදු 31ක් පමණ වනවිට මේ දදය 15Kg ක් පමණ බර වුනා කියල තමා වාර්ථා උනේ
මේ රෝගය නමින් Neurofibromatosis. Huang(1977) ගේ පවුලෙ තතුවිත්ති මෙහෙමයි. Huang කියන්නෙ පවුලෙ දරුවන් තුන් දෙනෙකුගෙ වැඩිමලා. ඔවුගෙ පියා වෘතිය විදිහට කලේ නූඩ්ල්ස් වෙලදාම. Huang ගෙ පොඩිකාලේ ඔහුගේ පවුල ඉතාමත් දුප්පත්ව සිටියා. මේ හින්ද Huang ට අවුරුදු 4දී මේ රොගය මතුවන විට නිශ්චිත ප්‍රතිකාර ගන්න බැරි වෙලා තියෙනවා.
Huangට මේ දදය නිසා වයස අවුරුදු 8දි පාසල් ගමන අතහරින්නත් සිද්ධ වෙලා තියෙනවා.
2007දී මොහුගේ පෙනුම නිසා ලබාගත් ප්‍රසිද්ධිය නිසාම Fuda Cancer Hospital, Guangzhou හි වෛද්‍යවරු මෙම දදය ඉවත් කිරීමට ඉදිරිපත් වෙලා තියෙනවා
. ඒ අනුව 2007 ජූලි මාසේ දදයෙ දකුණු පසින් 10kg ක්ද, 2008 ජනවාරි වල දදයෙන් 4.5kg ප්‍රමාණයක්ද 2008 අවසානයේ දදයේ වම්පස වශයෙන් සැත්කම් කර තිබෙනවා.
සැත්කම් වලට පෙර හා පසු.....
ඔහු පිලිබඳ රුප වාර්තා....
Huang Chuancaiට අවසානයේ වාසනාව උදාවෙද්දි ඔහුගෙ ජීවිතේ හොඳම කාලය ගිහින් ඉවරයි.

මේ කතාවෙ අන්තිමට මම ප්‍රර්ථනා කරන්නෙ මෙවන් දෙයක් වනේ වන හතුරෙකුටවත් නොවේව කියල.!!!!

Source-
My Other threads-
Don't forget to leave a comment if you like this post....




