::::...Embrio Bombardier,,,තනි රෝදේ බයිසිකලේ...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
::::...Embrio Bombardier,,,තනි රෝදේ බයිසිකලේ...::::


මට මාරම කම්මැලියි මේ දවස් වල...ඉතින් දවසෙම එළකිරි එකේ තමයි...:yes:

මේ ටිකේම ලිපි කිහිපයක්ම පල කරා...ඔයගොල්ලොන්ගෙන් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා ඒවාට...හැමෝටම ගොඩාක් ස්තූතියි...!!! :D

අදත් අලුත් දෙයක් ලියන්න හිතුනා...Technical පැත්තට බර ලිපියක්...කියවලම බලන්නකෝ...

මම අද කියන්න යන්නේ නව නිර්මාණයක් පිලිබඳව. මේක තවම concept එකක් විතරයි...
2003 අවුරුද්දේදි තමයි මුලින්ම මේ අදහස කරලියට ඇවිත් තියෙන්නේ...

මේක තනි රෝදයේ Motor Bicycle එකක්...:yes::yes::yes:


2350_02.jpg



මේක නිර්මාණය කරලා තියෙන්නේ Bombardier Recreational Products කියන කැනේඩියානු ආයතනයක්...2025 වර්ෂය වෙනකොට නිර්මාණය එළි දක්වන්න තමයි ඒගොල්ලොන්ගේ බලාපොරොත්තුව...

මේ නිර්මාණයේ තියෙන වැදගත්ම අංගය තමයි සමබරතාව පවත්වා ගැනීම. ඒ සඳහා සංවේදක සහ Gyroscope එකක් පාවිච්චි කරලා තියෙනවා.

25 kmph වලට වඩා අඩු වේගයෙන් යද්දි සහ නිශ්චලව පවතිද්දි ඉදිරිපස තිබෙන කුඩා ප්‍රමාණයේ ආධාරක රෝද
ක් දෙක භාවිතා වෙනවා. නමුත් නිශ්චලව තියෙද්දි ආධාරක රෝද නැතුව උනත් සමබරතාවය පවත්වා ගැනීමේ හැකියාව මෙය සතුයි.

අධික වේග වලදී මේක තනි රෝදයෙන් තමයි ගමන් කරන්නේ...පහසුවෙන් දෙදෙනෙකුට ගමන් කල හැකියි මේ බයිසිකලයේ...


embrio-6.jpg



මේ බයිසිකලය පණ ගැන්වීමට ජවය දෙන්නෙ Hydrogen Fuel Cell එකකින්. ඒක නිසා වඩාත් පරිසර හිතකාමී වෙනවා.
මීට අමතරව උසස් තාක්ෂණයෙන් යුතු තිරිංග පද්ධතියක් (Breaking System), Active Suspension System, Night Vision වගේම රොබෝ තාක්ෂණයත් මේ සඳහා යොදා ගැනීමට මෙහි නිෂ්පාදකයන් බලාපොරොත්තු වෙනවා.


2350_31080621300.jpg



මේක නිෂ්පාදනය කිරීමට Polypropylene, Santoprene, Nylon, Aluminum, Magnesium වගේ බොහොම සැහැල්ලු ද්‍රව්‍ය තමයි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.

මේ තියෙන්නේ මෙහි තාක්ෂණික දත්ත කිහිපයක්.

Model Name : Embrio Advanced Concept
Developed By : Bombardier Recreational Products
Status : Concept
Year : 2003
Drive System : Fuel Cell Electric
Fuel : Hydrogen
Length : 1,240 mm (48.8 in)
Width : 700 mm (27.5 in)
Height : 1,200 mm (47.5 in)
Weight : 164 kg (360 lbs)
Seating Capacity : 2

one-wheeled-motorcycle-2.jpg


Bombardier_Embrio_front_and_rear.jpg



ඉතින් මේ නිර්මාණය තවම පරීක්ෂණ මට්ටමේ තමයි පවතින්නේ...මේ වගේ නිර්මාණ කිහිපයක්ම වර්තමානය වෙනකොට බිහිවෙලා තිබුනත් මෙහි නිෂ්පාදකයන්ගේ අරමුණ ඒ සියල්ල අභිබවා යන ලොව මවිත කරවන ආකාරයේ විශිෂ්ට නිමැවුමක් බිහි කිරීමයි.

මේ හා සමාන තවත් නිර්මාණයක් තමයි Honda U3-X. කැමති කට්ටිය මෙන්න මේකත් පොඩ්ඩක් බලන්නකෝ...





ඉතින් තව අවුරුදු 15කින් විතර සමහරවිට අපිටත් පුලුවන් වෙයි තනි රෝදේ අධි වේගී බයිසිකලයකින් ලංකාව වටේම රවුමක් දාන්න නේද...
ඒ නිසා දැන් ඉඳන්ම මුදල් එකතු කරලා තියාගන්න....

ගොඩාක් ස්තූතියි කියවීම සඳහා වැය කරපු කාලයට!!!
පුංචි පිළිතුරක් සටහන් කරන්නත් අමතක කරන්න එපා හොඳද...


Capture.JPG



© RLR [ElaKiri Community]









 
Last edited:

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
හ්ම්ම්ම්ම්...කවුරුවත්ම බලලා නැහැනේ...
කවුරුවත් කැමති නැහැ වගේ.... :(:(:(

 

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    යාලුව ගොඩක් මහන්සි වෙලා
    බොහොම ස්තුත්යි තොරතුරට
    අපිටත් තව ටික කාලෙකින් මේ වගේ එකක යන්න පුලුවන් වෙයි නෙද?
    ඒත් ඉතින් තව අවුරුදු 15ක් ඉවසන්න එපැයි

    You must spread some Reputation around before giving it to RLR again
     
    • Like
    Reactions: RLR

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Maxxa do..+rep

    Thank you so much!!! :D:D:D


    යාලුව ගොඩක් මහන්සි වෙලා
    බොහොම ස්තුත්යි තොරතුරට
    අපිටත් තව ටික කාලෙකින් මේ වගේ එකක යන්න පුලුවන් වෙයි නෙද?
    ඒත් ඉතින් තව අවුරුදු 15ක් ඉවසන්න එපැයි

    You must spread some Reputation around before giving it to RLR again

    ඔව් අරෙහෙන් මෙහෙන් හොයාගෙන තමයි ලිව්වේ....:yes::yes::yes:

    මේක නැති උනාට මේ වගේ තව ඒවා දැනටම වෙළඳපොලේ තියෙනවා...කැමතිනම් එකක් ගන්න....:D:D:D

    ගොඩාක් ස්තූතියි යාලුවා මගේ මහන්සිය අගය කරාට...:D:D:D


    You must spread some Reputation around before giving it to RLR again


    HODA POST EKAK MACHAN.........

    Thank you so much aadaraneeya nayoo....:D:D:D
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    හ්ම්ම්ම්.....කට්ටිය තනි රෝදෙන් යන්න බයයි වගේ....:rolleyes::rolleyes::rolleyes:



     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    thans for sharing Hebei baya hithena wedak wage

    නැහැ බයවෙන්න කිසිම දෙයක් නැහැ....මොකද සමබරතාව පවත්වාගන්න විශේෂ තාක්ෂණික උපක්‍රම යොදාගෙනයි තියෙන්නේ...

    අපිට අමුතුවෙන් ඒ ගැන අවධානය යොමු කරන්න ඕනි නැහැ...

    ගොඩාක් ස්තූතියි පිළිතුරට....! :D:D:D