Empathy අනිවාර්යයි!!

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,902
    3,244
    113
    Empathy අනිවාර්යයි!!!

    Empathy කියලා කියන්නෙ තවත් මනුස්සයෙක්ගෙ හැඟීම්,සිතුවිලි ඒ වගේම එයා ඉන්න Situation එක තේරුම් අරගෙන ජීවත් වීම සහ පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම. ඔයා කොච්චර පොරක් උනත් ඒක තමයි මනුස්සයෙක්ට තියෙන්න ඕන වැදගත්ම Quality එක.

    Empathy එක කොටස් 3යි.

    1. Cognitive empathy - අපිට යම් කෙනෙකුගේ හැඟීම් සහ සිතුවිලි ඒ අයට දැනෙන ආකාරයට තේරුම්ගැනීමට හැකියාව ලැබීම. උදාහරණයක් විදිහට ඔයාගෙ යාලුවෙක්ගෙ ලඟම හිතවතෙක්ගෙ මරණයක දි ඒ යාලුවාගෙ හැඟීම සහ ඉන්න තත්වය ඔයාට තේරුම්යන එක.

    2. Emotional empathy - වෙන කෙනෙකුගෙ දුකක් ඔයාට දුකක් ලෙස දැනීම සහ ඒ අයගෙ සතුට ඔයාට සතුටක් ලෙස දැනීම.

    3. Compassionate empathy - මේක උඩ තියන Empathy දෙකෙහිම එකතුවක්. ඔයා ඒ කෙනාගෙ තත්වය තේරුම් ගැනීම, එකතු වෙලා දුක් වීම හෝ සතුටු වීම. ප්‍රශ්නයක දි ඒක විසඳීමට කටයුතු කිරීම.

    ඇයි අපි Empathy එකක් තියෙන මනුස්සයෙක් වෙන්න ඕනෙ?
    විශේෂයෙන්ම පුද්ගලයන් අතරෙ තියන හිඩැස් නැති කරගන්න. ඒ වගේමයි මිනිස්සු අතර වටිනාකමක් ඇති මනුස්සයෙක් වෙන්න. තව අපිට මිත්‍රශීලී වටපිටාවක් හදාගන්න, ඒ වගේම අපේ Empathy එකෙන් අපිට අපි ගැන අවබෝධයක් ලැබෙන නිසා සංකීර්ණ සමාජ තත්වයක කටයුතු කරන විදිහ ඔයාට තේරුම් යනවා. වැදගත්ම දේ තමයි කෙනෙක් ගෙවන අමාරු කාලය ඇතුලෙ ඔයාට පුලුවන් පුඳුමාකාර හොඳ මනුස්සයෙක් වෙන්න.

    Empathy එක සමාජ ආර්ථික මට්ටම් අනුව විවිධ වෙන දෙයක් නෙවෙයි. ඒත් අපි අද දකින සමාජය ඇතුලෙ Empathy එක ගැන කතා කරන එක විහිලුවක් වගේ. අන්න ඒකමයි අපිට ඒක අත්‍යවශ්‍ය. විශේෂයෙන්ම අපි බහුතරයක් රැකියාවල් වල නිරත වෙන මිනිස්සු විදිහට! Empathy එක නම් අනිවාර්යයි! ඉතින් වඩා දයාණුකම්පිත ලෝකයක් සාදාගන්න, මානසික නිදහස උපරිමයෙන් විදින්න මේක අනිවාර්යය කරගන්න!

    - copied
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    633
    1,048
    93
    Proud to be an Empath:love:

    empathetic-signs-3.png
     
    • Like
    Reactions: IMUNA