..::Energy Drinks බිව්වොත් ඔබ අමාරුවේ::..

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    ..::Energy Drinks බිව්වොත් ඔබ අමාරුවේ::..

    Energy Drinks බිව්වොත් ඔබ අමාරුවේ…

    අද ගොඩක් දෙනා වෙළඳ පොලේ විවිධ වෙළඳ නාම වලින් හඳුන්වලා දෙන ශක්ති ජනක පාන ගැනීමට පුරුදු වෙලා තිබෙනවා. එත් මේ Energy Drinks මොන තරම් දුරට ඔබේ ශරීරයට හිතකරද එහෙමත් නැතිනම් මේවා ගැනීමේදී යම් සිමාවක් තිබෙනවාද යන්න ගැන අද අපි ඔබව දැනුවත් කරන්නට හිතුවා.;)
    පොදුවේ ශක්‌ති ජනක පාන වර්ගවල ප්‍රධාන සංයුතිය වන්නේ කැෆේන් (Caffeine), ටෝරීන් (Taurine) සහ ග්ලුකුරොනො ලැක්‌ටෝන් (Glucuronolactone) වාගේ සරල සීනි වර්ග කිහිපයක්:rolleyes:. ඒ වගේම කෘත්‍රිම විටමින් වර්ග, කෘත්‍රිම වර්ණක සහ කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යයන් පවා අඩංගු වනවා:dull:.

    මේ අඩංගු දෙඅල් වල හොඳ නරක ගුණ අගුණ ගැන අපි දැන් බලමු.
    කැෆේන් උත්තේජක හැකියාවක් තිබෙන මිනිස් ශරීරයේ මධ්‍ය ස්නායු පද්ධතිය මත ක්‍රියා කරන රසායනිකයක්. එය ලොව ප්‍රභලම ඇබ්බැහිකාරකයක් ලෙසත් හඳුනා ගෙන තිබෙනවා:oo:.
    කැෆේන් අඛණ්‌ඩව අධිමාත්‍රාවකින් ශරීර ගතවීමෙන් නොසන්සුන්බව, කේන්තියාම, නින්ද නොයාම, අධික ලෙස මූත්‍ර පහ වීම, පුරුෂයින් වඳ භාවයට පත් වීම (මඳ සරුභාවය), අජීර්ණය, පෙනීමේ ආබාධ, ස්‌නායු ආබාධ සහ හදවත මත ක්‍රියා කරමින් ක්‌ෂණික මරණය පවා ඇති කරන්න හැකියාවක් ඇති බව සොයා ගෙන තිබෙනවා:shocked::sorry::eek:.
    සාමාන්‍යයෙන් කෝපි කෝප්පයක කැෆේන් මිලි ග්රෑම් 56 – 95 ක්‌ අතර ප්‍රමාණයකුත්, තේ කෝප්පයක මිලි ග්රෑම් 14 – 50 ක ප්‍රමාණයකුත්අඩංගු වනවා.
    බොහොමයක්‌ ශක්‌තිජනක පාන වර්ගවල ලේබලයේ සඳහන් කර ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් කැෆේන් අඩංගු වන බවය සමීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. ඇතැම් ශක්‌තිජනක පාන වර්ගවල එක්‌ බඳුනක, කැෆේන් මිලි ග්රෑම් 200 ද ඉක්‌මවා තිබුණු බව සොයා ගෙන තිබෙනවා.

    සාමාන්‍යයෙන් දිනකට වැඩිහිටි පිරිමියකු කැෆේන් මිලි ග්රෑම් 200 ක්‌ 300ක්‌ සහ ළමයකු මිලි ග්රෑම් 50 ක්‌ 100 ක්‌ පමණ ලබා ගැනීම හානිකර වන්නේ නැහැ. අපි දෛනිකව තේ, කෝපි මගින් කැෆේන් මිලි ග්රෑම් 100 ක්‌ 130 ක්‌ පමණ ලබා ගන්නා බව මතකයේ තබාගන්න. ඉතින් ඊට අමතරව ශක්ති ජනක පාන වලින් තවත් කැෆේන් ප්‍රමාණයක් අපේ ඇඟට එකතු වෙනවා:dull:.
    අධික කැෆේන් මාත්‍රාවක්‌ ශරීරගත වීමේ තවත් අනතුරුදායක තත්ත්වයක්‌ වන්නේ, ස්‌ලීප් ඇප්නියා (sleep apnoea) නැමති රෝග තත්ත්වයයි:rolleyes::no::frown:. මෙම ආබාධයෙන් පෙළෙන්නන් හට දිවා කාලයේදී අධික නිදිමතක්‌ ඇති වීම හා අවධානය ගිලිහී යාමේ තත්ත්වයක්‌ ඇති වනවා. මේ නිසා රාත්‍රියට පාඩම් කිරීමට හෝ නිදි මැරීම සඳහා කැෆේන් අඩංගු පාන වර්ග වලට ඇබ්බැහි වීම නුසුදුසු බව වෛද්‍ය වරුන් පවසනවා.
    කැෆේන් මගින් ශරීරයෙන් මුත්‍ර පිට කිරීම වැඩි කරන නිසා සහ බොහොමයක්‌ ශක්‌ති ජනක පාන වර්ග වල අත්‍යවශ්‍ය සෝඩියම්, පොටෑසියම් වැනි ලවණ නොමැති නිසා සිරුර විජලනයට ලක්‌ වීමේ අවධානමක්ද තිබෙනවා. එමෙන්ම මේවායේ අඩංගු වන අධික සීනි ආන්ත්‍රික ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන අතර ශරීරයට අත්‍යවශ්‍ය ජලය අවශෝෂණය අඩපණ කරනවා. සාමාන්‍යයෙන් 1% න් අපගේ ශරීරය විජලනයට ලක්‌ වීම නිසාවෙන් 10% න් ශාරීරික ක්‍රියාකාරිත්වයන් අඩපණ වන බව සොයාගෙන තිබෙනවා. මේ නිසා ක්‍රීඩකයින්ට සහ කය වෙහෙසන්නන් හට ශක්‌ති ජනක පාන වර්ග පානය කිරීම අවදානම් වනවා.
    දිනකට මෙවැනි පාන වර්ග එකකට වඩා පානය කර, කය වෙහෙසා සිදු කරනු ලබන ක්‍රියා කාරකම් වල නිරත වීම නිසා සහ පෙර කී කැෆේන් මගින් මොළයට සහ හදවතට සිදු කරනු ලබන බලපෑම් යන සියල්ල එකවර ක්‍රියාත්මක වීමෙන් කෙනකුගේ ශරීරය ක්‌ෂණිකව හිරවීම, දරදඩු වීම (seizures) සිදු වී මරණය පවා ඇති විය හැකි බව සොයා ගෙන තිබෙනවා.
    මේවායේ අධික ලෙස අඩංගු වන සරල සීනී නිසා කුසගිණි ඇති වීම ව්‍යාජව වළක්‌වන නිසා පෝෂණීය ආහාර ලබා ගැනීමට ඇති අවස්‌ථාවන් මග හරවනවා. මේවා ස්‌වාභාවික ආහාර වර්ගවල ඇති තන්තු සහිත සංකීර්ණ පිෂ්ඨය හා සීනි මෙන් නොවෙයි. මෙය පෝෂණ ඌණතා රෝග වලට අත වනනවා.
    සාමාන්‍යයෙන් දෛනිකව වැඩිහිටි පිරිමියකුට ලබා ගත හැකි උපරිම සීනි ප්‍රමාණය වන්නේ ග්රෑම් 40 යි. ශක්‌ති ජනක පාන එක්‌ බඳුනක සීනි ප්‍රමාණය ඉන්1/3 ක පමණ ප්‍රමාණයක්‌. සීනි එකතු කළ වෙනත් ආහාර පාන වර්ග වලින් ලබා ගන්නා සීනි ප්‍රමාණයත් සැලකූ විට මෙම ප්‍රමාණය වැඩිහිටි අයකුටද ඔරොත්තු නොදෙන තත්ත්වයක්‌ වනවා. ළමයකු හෝ නව යෞවනයකු සැලකූ විට මෙය අනතුරුදායකයි. අධික සීනි පරිභෝජනය දියවැඩියාව, කොලස්‌ටරෝල් වැඩි වීම, තරබාරුව, ඇතැම් පිළිකා වර්ග, වැනි රෝගාබාධ සඳහා ඉවහල් වනවා. එමෙන්ම අධික සීනි පරිභෝජනය, පිරිමි ලිංගික හෝර්මෝන ශ්‍රාවය වීම අඩු කරන්නටද හේතු වන බව සොයා ගෙන තිබෙනවා. මෙයද මඳ සරුභාවයට හේතුවක්. මෙයට අමතරව මේවා තුළ විවිධ රසායනික සංයෝග ඇති බව හඳුනා ගෙන තිබෙන අතර ඒවාද විවිධ ආකාර වලින් ශරීරයට අහිතකර ලෙස බලපානවා.
    ශක්‌තිජනක පාන වර්ගවලට කෘත්‍රිම බී විටමින් වර්ග එක්‌ කර තිබෙනවා. විටමින් බී ජලයේ දිය වන විටමින් කාණ්‌ඩයක්‌ වන නිසා වැඩිපුර ශරීර ගත වුනාට වරදක්‌ නැති බව මුලින් විශ්වාස කළත් දැන් සොයා ගෙන ඇත්තේ එවැනි විටමින් සඳහාත් ශරීරයට දරාගත හැකි උපරිම මට්ටමක් තිබෙන බවයි. මේ බොහොමයක්‌ ශක්‌තිජනක පාන වර්ගවලට බී කාණ්‌ඩයේ විටමින් වර්ග වැඩි මාත්‍රා වලින් එක්‌ කරලා තිබෙනවා. අප ස්‌වභාවික ආහාර වර්ග වලින්ද විටමින් ලබා ගන්නා බැවින් විටමින් විෂ වීමේ අවදානමක්‌ද තිබෙනවා.
    බටහිර රටවලම ශක්‌ති ජනක පාන වර්ග වලට එරෙහිව දැඩි ජනතා මතයක්‌ ඇති වන්නට පටන් ගෙන තිබෙනවා. එබැවින් ලොව බොහෝ රටවල් ශක්‌ති ජනක පාන වර්ග තහනම් කොට හෝ නිති රීති මගින් නියාමනය කර තිබෙනවා. අපේ රටේ එවැනි වාරණයක් නැති වුණත් Energy Drinks භාවිතා කරන අපි මේ ගැන දැනුවත් වෙලා අපිට සුදුසු දේවල් පමණක් පරිභෝජනය කරනවා නම් හොඳයි නේද?:yes::D
     

    Mr.Abey

    Member
    Nov 5, 2014
    77
    9
    0
    මම දන්න තරමින් නම් ඔය energy drinks හදල තියෙන්නේ long vehicles එලවන driversලාට. America වගෙ රටක පැය 10ක් 12 ක් යනව ට්‍රන්ස්පොර්ට් කරන්න...උන්ට නින්ද යන හින්දයි ඔක නිශ්පදනය කරලයි තියෙන්නේ. එක හින්ද අපේ රටට ඔය energy drinks වලින් ඇති වැඩක් නැ..

    අපෙ ගොඩක් එවුන් ඔව්ව බොන්නෙ පොශ් වෙන්න කියල හිතාගනනේ...:P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    samanyen man sathiyakata parak wage no2 eka gahanawa mokada
    bench gahana dawasata amaru nisa..eka gahuwama 80/90kg yanna puluwan kisi ginnak na
    habay un kiyana handen 1/5 wage bonne..
    eka nisa awlk naha kiyalay hithanne

    redbull wage sobba pada soo danne natha
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    හොදම ශක්තිජනක පානය.-

    .
    .
    fotokingcoconut.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොදම ශක්තිජනක පානය.-

    .
    .
    fotokingcoconut.jpg

    ඔව් බන් පොක වතුරයි තැබිලි වතුරයි වලට ගහන්න ශක්තියක් නැහැ.
    කුරුම්බා ගෙඩියක් බිලා දවසක් උනත් බදකින්නේ ඉන්න පුළුවන් බන්
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මම දන්න තරමින් නම් ඔය energy drinks හදල තියෙන්නේ long vehicles එලවන driversලාට. America වගෙ රටක පැය 10ක් 12 ක් යනව ට්‍රන්ස්පොර්ට් කරන්න...උන්ට නින්ද යන හින්දයි ඔක නිශ්පදනය කරලයි තියෙන්නේ. එක හින්ද අපේ රටට ඔය energy drinks වලින් ඇති වැඩක් නැ..

    අපෙ ගොඩක් එවුන් ඔව්ව බොන්නෙ පොශ් වෙන්න කියල හිතාගනනේ...:P
    අපේ රටේ driver මහත්තුරුන්ට බුලත් විට තියෙන්නෙ බොල මේව මොකටද