එක නං අව්ලක් නෑ බන් .. කොහොමත් english වලින්නේ course එක තියෙන්නේ .. A/L කරන්න තව අව්රුද්දක් ඉන්න ඕනෙනේ , ඉදල කරලා campus select උනත් තව අව්රුද්දක් ආයේ ඉන්න ඕනෙනේ
Sirawatama A/L walata kapakarana කාලය ithikaranna puluwan nam jeewithayata loku deyak.
godak institute wala foundation course karala degree ekata set wenna puluwan. Paaduwak na ehema karrana eka sinhalayooo.
ඒත් AL වත් නැතුව eng degree එකක් කරන එක ටිකක් අමාරු වැඩක් AL නතර කරන තැනයි eng degree එකක මැත්ස් පටන් ගන්න තැනයි අතර තරමක ගැප් එකක් තියනවා. එහෙම බැලුවොත් AL නැතුව eng degree එකක් කරනවා කියන්නෙ අමාරු වැඩක්. අනික ෆවුන්ඩේශන් කෝස් එකෙන් AL වලට ලැබෙන සුදුසුකම සම්පූරණයෙන්ම ලැබෙන්නෙත් නැහැ අවශ්‍යම කොටස් ටිකක් විතරයි නේ තියෙන්නෙ. software engneering වගේ නම් ෆවුන්ඩේශන් එකක් කරලා අවුලක්ම නැතුව කරගන්න පුලුවන් වෙයි මොකද ලංකාවෙ ගොඩක් SE කෝස් වල මැත්ස් පැත්ත බොහොම අඩුවෙන් කරන නිසා. ඒත් Civil වගේ එකකට සෑහෙන්න මැත්ස් ඕනෙ වෙන නිසා ටිකක් අමාරු වැඩක් වෙයි.
ෆවුන්ඩේශන් එකක් කරලා සිවිල් ඩිග්‍රී එකක් කරනවා නම් තනියම හරි AL මැත්ස් ටික ගොඩ දාගන්න එහෙම නැත්නම් ෆවුන්ඩේශන් එක කරන ගමන් AL මැත්ස් පිසික්ස් ක්ලාස් ගිහින් හරි මැත්ස් හදා ගන්න එහෙම කරලා Eng ඩිග්‍රී එක මැත්ස් නිසා කෙල කරගන්නෙ නැතිව කරගන්න උත්සාහ කරන්න
Eng ඩිග්‍රී එකක මැත්ස් කොයි තරම් අමාරුද කියල පොඩි උදාහරන දෙක තුනක් කියන්නම්
ගොඩක් මොරටුවට යන්නෙ ලංකාවෙන්ම හොදම සෙට් එක හොදටම මැත්ස් පිසික්ස් කරපු සෙට් එක. ඒත් ඉන්න එකෙක් ගෙන් අහපන් AL කාලෙ වගේ ආසම සබ්ජෙක්ට් එක මැත්ස් ද කියලා.ගොඩක් එවුන්ට එපා කරපුම සබජෙක්ට් වෙන්නෙ මැත්ස් රිලේටඩ් ඒව
මම කම්පියටර් සයන්ස් ඩිග්‍රී එකක් කරේ(UCSC CS) ඒකෙ දරුනුවටම මැත්ස් නැහැ ඒ වුනත් අපේ කෝස් එක කරපු ගොඩක් එවුන් ඇණ ගනිපු තැනක් තමයි මැත්ස් සහ ස්ටැට්
මේ උඹට මේක කරගන්න බැහැ කියලා කියනවා නෙමෙයි ඒ වුනත් මැතස් ටිකක් ගොඩ දාල තමයි මේක කරන්න වෙන්නෙ AL නුත් නැත්නම්
A-Level s3 ක් වත් නැතුව උඹ කොහොමද engineering කරන්නෙ?
physics වලට s එකක් දාගන්න බැරි එකෙක් බැරි වෙලාවත් civil engineer කෙනෙක් උනොත් ජනතාවට අබ සරණයි. උඹ කොහොමද ගණන් බැරුව ගණන් හදන්නෙ? සූර පප්ප එකේ මකබාස් පිරමිඩ් හැදුව වගේ තියෙයි.
පුලුවන් ලබ්බක් කරගෙන හිටු.
thanks
A/L කියන්නෙ බලෙන් අපේ ඇගේ ගහන එකක්නෙ. නමුත් තමන්ම ආසාවෙන් ඩිග්‍රිය කරොත් ඒක ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ.

Open එකේ නැතුව වෙන නැද්ද බන් .. එකේ එච්චර වැඩක් නෑ නේද eng degree
මචන් A/L, 3S දානවට වඩා B.Sc එක ගොඩ දාන එක ලේසියි කියල හිතනවද?
anemanda ban lamai eka eka lokawalaතරහකට නවෙයි බං කියන්නේ.
මුලින්ම කියප, උඹ AL fail වෙන්න හේතුව මොකක්ද කියල.
එකට හේතුව උඹ විහින් ලොස්ස් වීම නම්, උඹට කැම්පස් ගියාට වැඩක් වෙන්නේ නෑ.
කැම්පස් ගියාම හිතෙනවා AL කියන්නේ මොන ළදරු exam එකක් ද කියල. AL කාලේ වත් හිත එකඟ කරගෙන වැඩ ගොඩ දාන්න බැරි වෙච්ච එකෙක්ට කැම්පස් එකේ (engineering ගැන කියන්නේ, අනිත් ඒවා දන්නේ නෑ) වැඩේ ගොඩ දාන්න බෑ 99% of time. එකෙන් ගොඩ යන්න පට්ටම කලාතුරකින්.
AL වලින් island රෑන්ක් දාල උජාරුවෙන් අපු උන් බලුවෙන හැටි අපි කැම්පස් එකේදී දැක්ක. ලොවෙත් නැති උන් batch top වෙනවා. AL හොඳ රිසල්ට් දැම්මට අයිලන්ඩ් රෑන්ක් ගත්තට ඒවා කැම්පස් එක ඇතුලෙදි බලු වටින්නේ නෑ. එතන තියෙන්නේ වෙනම යුද්ධයක්, උඹල හීනෙකින් වත් හිතපු නැති අකාරයේ.
පටන් ගනිද්දිම සෙට් එකක් ලොස්ස් වෙනවා කඩ්ඩ බැරි නිසා, මොන AL ඩයල් එකක් උනත් ලොස් වෙනවා හැම ලෙක්චර් එකක්ක්ම කඩ්ඩ නිසා, අනිත් එක ඉස්කෝලේ වගේ ලේක්චරර්ස් ල උඹල ගැන හොයන්නේ නෑ කැම්පස් එකේදී, උන් ඇවිල්ල නෝට් එකක් කියවල බෝර්ඩ් එකේ ස්ලයිඩ් ටිකක් දාල යනවා. ඉතුරු ටික උඹේ අතේ.
AL කාලේ ගුරුවරු, දෙමව්පියෝ ඇඟිල්ලෙන් එන එන කියල දීලත් ගොඩ දාගන්න බැරි උනානම්, කැම්පස් කාලේ ගොඩ යනවා බොරු.
සමහරු ඉන්නවා AL කෙල වෙනවා සාධාරණහේතු මත, (etc ලෙඩ උනා,පවුලේ මරණයක් exam කිට්ටු වෙලා, etc)
කෙල්ලෝ නිසා කෙල වෙන ඒවා සාධාරණ හේතු නෙවේ, ඒ වගේ උන්ට මම නම් කියන්නේ මැරියන් කියල, අම්ම තාත්තගේ පවුලේ සල්ලි නාස්ති කලාට.
අපි සල්ලි කාර පවුලක් නෙවි, එක නිසාමයි මම නම් උනන්දුවෙන් වැඩකලේ, OL,AL කාලේ තිබ්බේ එකම දෙයි, අම්මල තාත්තල මම වෙනුවෙන් විඳින දුකට මම අනිත් පැත්තට එයාලට යමක් දෙන්න ඕන කියන හැඟීම. මම ලොකු රෑන්ක් දාල AL / OL පාස් උනේ නෑ, සාමාන්‍ය රිසල්ට් තියෙන්නේ. (AL 2A1B). කැම්පස් (ඉන්ජිනියරින්ග්) එන්න පුළුවන් උනා.
කැම්පස් ඇවිල්ලත් මුලකාලේ සැහෙන්න මෙන්ටල් බ්රේක් ඩවුන් එකක් උනා හෝම් සික් නිසා, නමුත් 1st year එක හොඳ GPA එකක් දැම්ම.
කැම්පස් කාලෙත් මම මහා ලොකුවට වැඩ කලේ නෑ, හැබැයි ලොස්ස් උනේ නම් නෑ. සාමාන්‍ය ඩයල් එකක්.
අන්තිමට 2nd upper එකක් දාගත්ත.
ඇක දාපු උන් 1st class ගත්ත.
එත් මම නම් සතුටුයි මගේ 2nd upper එක ගැන, මොකද මම ඇක ටිකක් දාල ප්‍රැක්ටිකල් knowledge එකත් එක්ක එලියට බැහැපු නිසා,
1st class daapu හුගක් උන්ට practical knowledge minus තියෙන්නේ.
එනිවේ, උඹට සල්ලි දීල ප්‍රයිවට් කරන්න පුළුවන් වෙයි ඩිග්‍රිය, නමුත් උඹ එහෙ ගිහිල්ලත් ලොස්ස් උනොත් උඹ තමයි ඒ පවුලේ ඉන්න "පට්ටි පාළුව" වෙන්නේ. ඒ වගේ තැනක තියන නිදහසත් එක්ක ලොස්ස් වෙන එක හරිම ලේසිය්.
ඔන්න කිව්වා, අදාළ දේවල් ජිවිතයට ගන්න.
කැමති නම් AL ෆේල් වෙන්න හේතුව දාන්න, උඹට හොඳ සොලුෂන් එකක් දෙන්න පුළුවන් වෙයි එතකොට
බලෙන් ඇගේ ගහන එකක් කිවුවෙ?
ඒක තමයි ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ. අවුරුදු 13ක් නොමිලෙ උගන්නලා හය එඩියුකේශනුත් ෆ්‍රී දෙන්න සිලෙක්ට් කරන ක්‍රමවේදය කාට හරි ෆ්‍රී හය එඩියුකේශන් එපා නම් නොකර ඉන්න පුලුවන්
අනික පැය තුනක පේපරෙන් දැනුම මනින්න බැරි එක ඇත්ත ඒ වුනාට S3ත් නැහැ කියන්නෙ ඒක වෙනම කතාවක් නේ
අනික මගේ මේ ජීවිත කාලෙටම ඔය විදියෙ AL නැතුව ඉන්ජිනියරින් වගේ එකක් ගොඩදාපු එවුන් දන්නෙ අතේ ඇගිලි වලටත් අඩුවෙන් ඒක නිසා ඔහොම ඩිග්‍රී එකක් කරන එක ගැන සෑහෙන්න හිතන්න ඕනෙ මම ඔතන හිටියා නම් වැඩිපුර යන අවුරුද්ද ගැන හිතන්නෙ නැතිව හිත හදාගෙන ආපහු AL කරනවා
chema oni na kiyahan.mathata s ekak nathuwa kohomada ban engeniroing.echhcra amaruda maths a/l. wala.poddka potak dekak aran balahan tiyena ewa issrahata a/l wage podi ewada kiyala.a/l aikaranna kiyahan ochhcra asa nam