English/කඩ්ඩ දියුණු කරගත හැකි පට්ටම මගක්

chathu4742

Well-known member
  • English/කඩ්ඩ දියුණු කරගත හැකි පට්ටම මගක්

    කරුණාකර මෙය කියවන්න..(ඔබට මෙහි පවතින ක්‍රමය ගැලපෙන්නේ නැතිනම් කරුණාකර මට බැනීමෙන්, රෙප් කැපීමෙන් වලකින්න... මෙය කාලය ඇති, මෙහි අදාල විනෝදාංශය ඇති අයට පමණක් බොහෝ දුරට ගැලපෙන අතර...මෙම ක්‍රමය ඔබට නොගැලපීම නිසා හෝ ඔබ මෙය අනුගමනය කිරීමට යාමෙන් සිදුවන ගැටලු වලට මම වග නොකියමි ):)

    ඔබට කඩ්ඩ පරතෙරටම කතා කර සුද්දන්ටත් එය ඉගැන්නීමට අවශ්‍ය නම් මෙම thread එක ඔබට නොවේ:no:


    ක්ලාස් ගානේ යන්න ඕන නෑ...ස්පෝකන් ක්ලාස් යන්න ඕනෙ නෑ...හැබැයි ටිකක් කල් යනව මචන්ලා...
    අත්දුටුවයි...
    නිතර භාවිතයයි වැදගත් වෙන්නෙ...
    ලේසිම වැඩක් කියන්නම්...පොඩි සිද්දියක්...තමන් සිනමා ලෝලියෙක් නම් වැඩේ පට්ට ලේසියි....:cool:
    කිසිම ෆිල්ම් එකක් සින්හල සබ්ටයිට්ල් Sub (උපසිරස ) දාගෙන බලන්න එපා...එතකොට ඇත්තටම තමන්ගේ කඩ්ඩ දැනුම මොට වෙනවා...දියුණු වෙන්නෙ නෑ කවදාවත් ම...ඒත් කඩ්ඩ sub එක්ක බලනකොට ඇත්තටම සිද්ද වෙන දේවල් ෆිල්ම් එකේ දැනෙන්න ගන්නවා...එහෙම දැනෙන්නෙ නැත්තන් අඩුම ගානේ හොයන්න වත් ගන්නවා වෙන්නෙ මොකක්ද කියල...ඒත් ඒක පින්තූර වලින් පේන නිසා ඇත්තටම කඩ්ඩ මෙලෝ මලදානයක් තේරුනේ නැතත් සිද්දිය තෙරෙනවා..එතකොට එකේ යන වචන වල තෙරුම අහු වෙනවා නිකන් ම....
    මම මේක කරල තියෙනවා... මම සතියට ෆිල්ම් 4ක් වත් බලනවා...එතකොට මට English lesson සතියකට පැය 2ඒ
    4ක් කෙරිලා...මගේ විනෝදාංශයටත් හොඳයි...;) කඩ්ඩ කතා කරන්න හිතෙනවා බන් එතකොට...බය කියන එක නැති වෙනවා ටික කාලෙකින් ම...අදාල වචන අදාල තැනට යෙදෙන විදිහ දැකල තියෙන නිසා....වචන ගලාගෙන එනවා නිකන් ම...මට නම් ඒක උනා බන්...
    තව මට උච්චාරණ විදික්‍රම Accents ..ගැන අවබෝධයක් ලැබෙනවා..ෆිල්ම් වල ඉන්න එක එක චරිත අනුව...මම අවුරුදු 2ක් වගේ එක දිගට මේ වැඩේ කරා..මට කඩ්ඩ ඉගෙන ගන්න පට්ට හදිස්සියක් තිබ්බෙත් නෑ..ඒත්..මට කඩ්ඩ ඕන වෙන කාලෙදි මට පැටලෙන්නෙ නැතිව කතා කරගන්න පුලුවන් තරමට මම දියුණු වෙලා....:)
    හැබැයි ආයෙත් කිසිම දවසක කඩ්ඩ හරි හින්දි හරි ෆිල්ම් එකක් සින්හල sub දාගෙන බලන්න බෑ....:)
    උඹලගේ කඩ්ඩ කාලයත් එක්ක දියුණු වෙනවා අනිවා... තව පුලුවන් නම් පිටරට එවුන් එක්ක ලයිව් chat කරහල්ල....අන්න ඒකත් එල ක්‍රමේ...මම ඒකත් කලා කාලයක්...Swedish කෙනෙක් එක්ක කතා කලා..හුඟක් කඩ්ඩ දියුණු උනා බන්...හැබැයි අඩුම ගානේ මාස 3ක් වත් එක දිගටම වැඩේ කෙරෙන්න ඕන දවසට පැය ගානේ වත්....එහෙම පුලුවන් නම් එලම තමා..

    ඉගෙනගන්න පොඩි උනටත්...ඔය 3,4,5 වසර වල පොඩි උන්ටත් සින්හල කාටුන්, ළමා චිත්‍රපට බලන්න දෙන්න එපා බන්... උන් කවදාවත් කඩ්ඩ ඉගෙනගන්නෙ නෑ....
    අර සිරසෙ යන හඬ කවපු film මල ජරාව...ශිහ්...එපා බන්...ඒවා මෙලෝ කමකට නෑ...මම මේ සිංහල බසට අගෞරව කරනව නෙව්යි...ඒත් කඩ්ඩ ඉගෙන ගන්න ඒකට සතතාභ්‍යාසය...(නිතර පුරුදු පුහුණු වීම ) තියෙන්න ඕන....
    පොඩි උන්ට නම් මේක පොඩි කාලෙ ඉඳන් කරාම වදිනවා ආයෙ තිතට..උන් කඩ්ඩ ඔස්තාර් ල වෙලා නවතින්නෙ ලොකු වෙලා:cool::cool:

    සියල්ල මගේ අත්දැකීම වන අතර ඔබට යම් දෙයක් නොගැලපෙන බවක් දැනේ නම් කොමෙන්ටුවක් දමා අසන්න...

    ප.ලි.-මම කවමදාකවත් ක්ලාස් ගිහින් නෑ කඩ්ඩ ට.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    හොද ක්‍රමයක් තමයි.මූලික දැනුම පොතපතකින් හරි ඉගෙනගෙන ඉන්න වෙනවා මේක කරන්න කලින්.එතකොට වැඩේ ලේසියි.ඉංග්‍රීසි පත්තර,නිවුස් බලන එකත් හොදයි.
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    බූරුවෙක් වගේ කියවන්න ඉගෙනගත්තට වැඩක් නෑ දෙයක් ලියාගන්න කියවගන්න බැරිනම්
    උදා - ස්පෝකන් පැත්තෙ මොන වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ ඌට තනියෙන් කඩ්ඩ භාවිතා කරල ලියුමක් ලියන්න බැරිනම්, ග්‍රැමර් නැතුව ඉංග්‍රිසි වලින් වැඩක් නෑ..
    කතා කරන එක ඕනෙ එකෙක්ට ඉක්මනට පුරුදු වෙන්න පුලුවන්, කඩ්ඩ තියන පරිසරයකජීවත් උනොත්. ඒත් ඕනෙම දේක කෙනෙක්ගෙන් අහල ඉගෙන ගන්න දෙයක් තියනව, කෙනෙක් කීවේ ගුරුවරයෙක් වගේ ෆලෝ කරොත් වැඩේ ලේසියි පහසුයි.

    tfs+
    ;)
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    බූරුවෙක් වගේ කියවන්න ඉගෙනගත්තට වැඩක් නෑ දෙයක් ලියාගන්න කියවගන්න බැරිනම්
    උදා - ස්පෝකන් පැත්තෙ මොන වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ ඌට තනියෙන් කඩ්ඩ භාවිතා කරල ලියුමක් ලියන්න බැරිනම්, ග්‍රැමර් නැතුව ඉංග්‍රිසි වලින් වැඩක් නෑ..
    කතා කරන එක ඕනෙ එකෙක්ට ඉක්මනට පුරුදු වෙන්න පුලුවන්, කඩ්ඩ තියන පරිසරයකජීවත් උනොත්. ඒත් ඕනෙම දේක කෙනෙක්ගෙන් අහල ඉගෙන ගන්න දෙයක් තියනව, කෙනෙක් කීවේ ගුරුවරයෙක් වගේ ෆලෝ කරොත් වැඩේ ලේසියි පහසුයි.

    tfs+
    ;)

    Uba aehenum Liyum liya liya hitapun..
     

    CK503

    Member
    Jul 6, 2016
    18
    2
    0
    මාත් ඔය ක්‍රමෙන් තමා කඩ්ඩ පොලිශ් කරේ
    ඒත් අවුල තියෙන්නෙ මම වැඩිපුර බැලුවෙ ඇසැබි වචන තියෙන ඒවා

    ඒක හන්ද සුද්දොත් එක්ක කතා කරන්න බයයි කොයි වෙලේ ෆක් කියල කියවෙයිද කියල ශුවර් නැති හන්දා
     

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    YES MACHAN... MAMATH OYA WIDIHATA THAMAI PURUDU UNE... SAMAHARA WITA DIC EKAK LANGA THIYAGENA FILM BALALTH THIYANWA.... THAWA KRAMAYAK THAMI ENGLISH SINDU LYRICS PAADAM KARALA PURUDUWENA EKA.... NET EKE LIRICS BALALA E WDIAHATA SINDUWA PADAMA KARAPUHAAMA MATAHAKA HITINAWA... ME KRAMAYA ENGLISH OSTAAR WENNA NEMAI. PODDAK JAAME BERAGANNA HARIYATA PODDAK KATAA KARANNA WITHARI...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් ඔය ක්‍රමය පාවිච්චි කරනවා
    friends, බිග් bang theory වගේ drama බලපන්

    ඊට පස්සේ eng sub එකත් අතහරින්න බලපන් (මටනම් තාම බෑ :( )

    එළකිරි සැමට කඩ්ඩ දියුණු කරගන්න හැකිවේවා !!!!!!

    Rep+
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක නම් ඇත්ත...සිංහල උපසිරසි එක්ක බලනකොට කවදාවත් ඇහෙන ඉන්ග්රීස්හි හඩට අවදානය යොමු වෙන්නේ නැහැ...එතකොට ඉගෙන ගන්න බැහැ
     

    Dhananja4medialab

    Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    මේ ක්‍රමය 100% සාර්ථකයි..මමත් පුද්ගලිකව..mමේ විදියට තමා මගේ English knowledge එක හදා ගත්තේ..ඒ වගේම තව දුරටත් හදා ගන්නවා..මුලික දැනුම කිවුහම අපිට මුලින්ම මතකක් වෙන්නේ English Alphabet එක ඒ වගේම Grammer පැත්ත තාම..අපිට ඒ දේවල් 100% Movie වලින් ගන්න අමාරුයි මොකද සුද්දා උනත දෙබස් කතා කරන්නේ වැඩිය Grammer බාවිත නොකර. ඉතින් එකට හොදම දේ තමා පොත් කියවන එක සහා පත්තර කියවන එක. තව මෙතන ඉන්නවනම් ඉගන ගන්න ආස ඇය මේ website එකත් ගොඩක් හොදයි .. www.[B]engvid[/B].com
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    බූරුවෙක් වගේ කියවන්න ඉගෙනගත්තට වැඩක් නෑ දෙයක් ලියාගන්න කියවගන්න බැරිනම්
    උදා - ස්පෝකන් පැත්තෙ මොන වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ ඌට තනියෙන් කඩ්ඩ භාවිතා කරල ලියුමක් ලියන්න බැරිනම්, ග්‍රැමර් නැතුව ඉංග්‍රිසි වලින් වැඩක් නෑ..
    කතා කරන එක ඕනෙ එකෙක්ට ඉක්මනට පුරුදු වෙන්න පුලුවන්, කඩ්ඩ තියන පරිසරයකජීවත් උනොත්. ඒත් ඕනෙම දේක කෙනෙක්ගෙන් අහල ඉගෙන ගන්න දෙයක් තියනව, කෙනෙක් කීවේ ගුරුවරයෙක් වගේ ෆලෝ කරොත් වැඩේ ලේසියි පහසුයි.

    tfs+
    ;)



    ඔය දෙකෙන් එකක් වත් බැරි එකෙක් ඉන්නේවා නම් කතා කරන්න හරි ඉගෙන ගන්න එක ලොකු දෙයක් නේ