මට ලොකු උදව්වක් ඕනා. කෙටියෙන්ම කිව්වොත් මේක භාෂා ප්‍රශ්නයක්, මං ගොඩක් පීඩා විඳින එකක්
මට ඉංග්‍රීසි හොඳටම බැහැ, ඒත් කියන දෙයක් තේරුම් ගත්තහැකි, ගැටගහලා ලියා ගත්තහැකි, හැබැයි කතා කරද්දී නම් ටිකක් නෙමේ ගොඩක් අවුල්, දැන් ප්‍රශ්නේ නම් ඒක නෙමෙයි,
මට දැන් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සටහන් එහෙම තනිකරම ඉංග්‍රීසි. පාඩම් කරන්න එහෙම ගොඩක් අමාරුයි. මං කියන්නේ පාඩම් කරත් මතකයේ තියාගන්න හරිම අමාරුයි. අපේ භාෂාවක් නෙමෙයිනේ, පර භාශාවක්නේ. සිංහල නම් ඕන එකක්. කොච්චර මහන්සි වුනත් හැමදාම අඩු ලකුණු ලැබෙන්නේ. අනිත් අය ඉතින් හොඳ ලකුණු වලට යද්දී දුකයි.
ඔලුවට කොච්චර දාගන්න හැදුවත් ටික වෙලාවක් යද්දී නෙලුම් කොලේ වතුර වගේ අමතක වෙලා යනවා, විභාගයේදී මොනාහරි ගැටගහලා එනවා. මට එපා වෙලා තියෙන්නේ. මට කියන්න, මේ වගේ අත්දැකීම් ඇති අය එහෙම ඇති නොවැ, මට කියනවද මේකට විසඳුමක්. කොහොමද වෙනස් භාෂාවකින් තියෙන සටහනක් මතක තියාගන්නේ. කට පාඩම් කරනවා කියන ඒක නම් මං හිතන්නේ මට නම් හරිම අමාරු වැඩක්, ඒ වගේම නිකම් කෘතීම වැඩක් වගේ. මට ඕන මේක තේරුම් අරගෙන ඔලුවට දාගන්නයි. පුළුවන් කෙනෙක් මට විසඳුමක් දෙන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා කියන්න එපා, ඒක වෙන්නම ඕන දෙයක් කියලා දන්නවා. පුරුදු වුනාම ඒක හරියාවි. මට මේකට විසඳුමක් කියන්න. බොහොම පින්

Last edited: