EPF සල්ලි ගන්න

topkollek

Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක්

    March 22, 2020 04:58 pm

    උද්ගතව ඇති නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ඉල්ලුම් කරන්නන්හට විද්‍යුත් ක්‍රමය මගින් තම ඉල්ලුම්පත්‍ර කම්කරු දේපාර්තමේන්තුව වෙත යොමු කිරීමට ක්‍රමවේදයක් සකස්කර ඇත.
    ඊට අදාළ සියළු උපදෙද් www.labourdept.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස ලබා ගන්නා මෙන් දන්වා තිබේ.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සේවක අර්ථසාදක අරමුදල් ප‍්‍රතිලාභ (K ආකෘතියෙන්) විද්‍යුත් තැපෑල භාවිතා කර ඉල්ලුම් කිරීමේ ක‍්‍රම වේදය



    1. නිසිපරිදි සම්පූර්ණ කරන ලද K අයදුම් පත‍්‍රය සමඟ ඊට අදාල අනෙකුත් සියළුම ලිපි ලේඛණ Scan කර හෝ පැහැදිලිව ඡායාරූප ගතකර [email protected] යන ඊ මේල් ලිපිනය වෙතට එවිය යුතුය.

    2. තමා ඉල්ලූම්කරන කරුණට අදාලව K අයදුම් පත‍්‍රය සමඟ ඉදිරිපත් කල යුතු සියළුම ලිපි ලේඛණ පිලිබඳ තොරතුරු මෙම ලින්ක් එක මගින් ලබාගත හැක.

    3. මීට අමතරව ඔබගේ පෞද්ගලික දුරකථන අංකය, පෞද්ගලික ඊ මේල් ලිපිනය (යොමු කර ඇති ඊ මේල් ලිපිනය වෙනත් අයෙකුගේ නම්) සහ ආසන්නතම දිස්ත‍්‍රික් කම්කරු කාර්යාලයද අනිවාර්යයෙන් සඳහන් කල යුතුය.

    **K අයදුම්පත්‍රය මෙම ලින්ක් එක මඟින් බාගත කර ගත හැකිය.