EPF/ETF ඔන්ලයින් බලමු

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    873
    559
    93
    Colombo
    ETF eka ara application eka fill karala wenama office eka service letter ekakuth oneda? Nathan ara form eke palleha tyana thana HR ekan sign karala seal eka tibbama athida?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Meke tiyana EPF, ETF registration forms links dan wada na.

    ETF registration form eke link eka danna ekek dapanko
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    MAMA EPF ekata application dala reject una mage. palaweniyata weda karapu company eken EPF eka hariyata nelu a nisa acount ekak create wela ne kiyala. Hebei mata B card ekath deela tiyanawa. Mama a company eka nethuwa forms fill karala demmoth passe connect kara ganna puluwan weida a company eka.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    EPF/ETF ඔන්ලයින් බලමු

    ජොබ් කරන ගොඩාක් දෙනෙක් තමන්ගේ EPF/ETF ගැන සැලකිල්ලක් නෑ.
    ඊයේ පෙරේදා වෙනකම් මමත් එහෙමයි :P

    ඒත් මම ගිය මාසේ ඔන්ලයින් EPF, ETF බලාගන්න ඔය දෙකටම රෙජිස්ටර් වුණා.
    දැන් මට Online බලාගන්න පුළුවන් ඒ ඒ කම්පැනි වල මම වැඩ කරද්දී EPF/ETF වලට මගේ පඩියෙන් කැපිලා තියන සල්ලි කොහොමද කියලා මෙන්න මේ වගේ.:yes:

    කලින් වැඩ කරපු ආයතන 5ක හා දැන් වැඩ කරන ආයතනයත් එක්ක මුළු ආයතන 6යේම ETF ශේෂය පෙනෙන්නේ මෙහෙමයි.

    ikUypRk.jpg

    කලින් වැඩ කරපු ආයතන 3ක හා දැන් වැඩ කරන ආයතනයත් එක්ක මුළු ආයතන 4ක EPF ශේෂය පෙනෙන්නේ මෙහෙමයි.

    G3Wv7d7.jpg

    කලින් අවුරුද්දේ දෙසැම්බර් 31 ශේෂය තමා මේ පෙන්නන්නේ.
    අපි කැමති අවුරුද්දක් තෝරගන ඒ අවුරුද්දේ මාසේ ගානේ ආයතනයෙන් දාපු EPF ප්‍රමාණය මේ වගේ බලන්න පුළුවන්.

    මේ තියෙනේ මගේ 2013 අවුරුද්දේ.

    v3mvQXI.jpg

    උඩින් පෙන්නන්නේ ඔය මාසේ ගානේ බැර වුන ප්‍රමාණය අවුරුදු ගානක් පොලී වෙලා දැන් තියන මුළු ශේෂයයි

    මාස 6කට වතාවක් අප්ඩේට් වුන EPF ගිණුම් ශේෂ පත්‍රිකා ආයතනයට එවනවා. අයින් වුනාට පස්සේ සමහර ආයතන වලින් ඒ ගිණුම් පත්‍රිකා සේවකයන්ට යවන්නෙ නෑ. ඒ නිසා ගිණුම් පත්‍රිකාව ආවේ නැතත් මේකේන් බලාගන්න පුළුවන් එක වාසියක්.

    ඒත් ඒවා එන්නේ අවුරුද්දක් විතර පරක්කු වෙලා. 2015 දෙසැම්බර් 31 වෙනකම් EPF පත්‍රිකාව මට ලැබුණේ ගිය සතියේ (අවුරුද්දකට පස්සේ)
    ඒත් ඔන්ලයින් බලපුවහම මේකේ අප්ඩේට් වෙලා තියනවා මාස 6කට කලින් ඒවත් මේ වගේ :D:D

    JdnaSoK.jpg

    ETF වලින් පෙන්නන්නේ අපේ මූලික පඩියෙන් පඩියෙන් 3% ගානේ කැපිලා ඒ මුදල් පොලී වෙවී තිබිලා මේ වෙද්දී තියන ශේෂය. අවුරුදු 5කට සැරයක් මේ මුදල් ගන්න පුළුවන්.
    ඒ වැඩෙත් ඔන්ලයින්ම දැන් කරගන්න පුළුවන්.

    EPF වලින් පෙන්නන්නේ අපේ මූලික පඩියෙන් පඩියෙන් 8%කුත්, කම්පැනියෙන් 12%කුත් (සේරම 20%ක්) කැපිලා පොලී වෙලා තියන ශේෂය.

    ETF වලට රෙජිස්ටර් වෙන්නේ මෙහෙමයි

    මුලින්ම ETF රෙජිස්ටර් වෙන්න නම් මෙන්න මේ ඇප්ලිකේෂන් එක පුරවලා දැනට වැඩ කරන තැනින් සහතික කරගන මේ ලිපිනයට යවන්න. එච්චරයි. :yes:

    http://www.etfb.lk/pdf/eServicesEn/Application for Member Request English for ETF e Services.pdf

    The Manager,
    Employee's Trust Fund Board,
    Member Account Larger Category Section,
    1st Floor,
    P.O Box 807,
    Narahempita,
    Colombo

    http://www.etfb.lk සයිට් එක ගිහින් බලද්දී එක වගේ ඇප්ලිකේෂන් කිහිපයක් පෙන්නනවා. ඒකෙන් අපි ගන්න ඕනේ member කියන එක.
    මම මුලින් පුරවලා යවලා තියෙන්නේ කම්පැනි එකෙන් පුරවන්න ඕනේ එකක්.
    ඒකෙන් රෙජිස්ටර් වුණා නම් මට පේන්නේ මගේ පරන කම්පැනි වල ETF නෙවෙයි දැනට වැඩ කරන කම්පැනි එකේ මුළු සේවක මණ්ඩලයේම ETF :D

    සති 2-3ක් යද්දී ඊමේල් එකට පාස්වර්ඩ් එකයි යූසර්නේම් එකයි ඊමේල් එකකින් දාපු මේල් එඩ්‍රස් එකට එයි.
    ඊට පස්සේ මෙතනින් ලොග් වෙලා බලන්නයි තියෙන්නේ.

    http://www.eservices.etfb.lk/member/login.action

    යූසර්නේම් එක වෙන්නේ දැන් වැඩ කරන කම්පැනි එකේ අංකයයි තමන්ගේ අංකයයි එකදිගට. මුලින්ම ලොග් වෙද්දී කියනවා පාස්වඩ් එක වෙනස් කරගන්න කියලා.
    ඒ වෙනස් කරගත්ත පාස්වර්ඩ් එක අමතක වුණොත් තමන්ටම රීසෙට් කරගන්න පුළුවන් තමන්ගේ ඊමේල් එක හරහා. :oo:

    ඇප්ලිකේශන් එක පුරවද්දී Zone කියන එකට A, B, C,D වගේ තියන අංකය දාන්න.
    ඔය අංකය එන්නේ වැඩ කරන කම්පැනිය තියෙන්නේ කොළඹද කොහෙද කියන එක මත.
    දැනට වැඩ කරන ආයතනෙන් මේක පුරවගත්තම ඇති. NIC නම්බර් එකට පරණ සේරම පෙන්නනවා

    EPF වලට රෙජිස්ටර් වෙන්නේ මෙහෙමයි

    EPF වලට මේ ඇප්ලිකේශන් එක පුරවන්න ඕනේ මෙතනින් ඩවුන්ලෝඩ් කරගන. ඇප්ලිකේෂන් එකේ 2 වෙනි පිටුවේ තියනවා යවන්න ඕනේ එඩ්‍රස් එක

    http://www.epf.lk/assets/library/member_registration_form.pdf

    මේ ඇප්ලිකේෂන් එකත් එක්ක තමන්ගේ NIC කොපි එකකුත් වැඩකරන තැනින් සහතික කරගන්න ඕනේ. ඒක අනිවාර්යයි

    ඒ විතරක් නෙවෙයි පරණ හිටපු කම්පැනි වලින් අස් වෙද්දී අරගත්ත B card වල ෆොටෝ කොපිත් අමුණන්න ඕනේ. ගොඩාක් අයට ප්‍රශ්ණයක් වෙයි අයින් වෙද්දී B කාර්ඩ් අරගන අයින් වුනේ නැහැනේ කියලා.

    එහෙනම් ඒ කම්පැනි වලට HR එකට කතා කරලා ගිහින් ඒවා ඉල්ලගනිල්ලා. වෙන කරන්න දෙයක් නෑ. තමන් දාඩිය මහන්සියෙන් ගත්ත පඩිය නිසා දරුවන්ට අයිති වෙන්න තියන රුපියක් වත් අහක දාන්න එපා. :yes::yes::yes::yes:

    ETF ඔන්ලයින් බලද්දී ආයතන 6ක ගිණුම් ශේෂ පෙන්නුවත් EPF වල මගේ පෙන්නන්නේ ආයතන 4ක ගිණුම් ශේෂ විතරයි. ඒකට හේතුව මම ලඟ B කාර්ඩ් 2ක් නැති නිසා. ඒ 2න් එකක් ගන්න යන්න ඕනේ. අනිත් තැන B කාර්ඩ් එකක් තියෙන්න ෆෝම් එකක් පුරවලත් නෑ මොකද එතන මාස 3ක් විතරයි වැඩ කළේ, ඒත් එතනින් සල්ලි යවලා තියනවා. ඒ ආයතනයේ HR එකට අවුරුදු 10කට පස්සේ කතා කලාම ආපහු එන්න කිව්වා අලුතෙන් ෆෝම් එකක් පුරවලා B කාර්ඩ් එකක් හදන්න.

    අංක 9 යටතේ තියෙන්නේ පරණ වැඩ කරපු තැන් වල අංක පුරවන්නයි. ඇප්ලිකේෂන් එකේ 2 වෙනි පිටුවේ තියනවා යවන්න ඕනේ ලිපිනය

    යවද්දී ඔය ලියුම් දෙකම රෙජිස්ටර් පෝස්ට් යවපල්ලා. රෙජිස්ටර් කරද්දී දෙන කුවිතාන්සි දෙක ලඟ තියාගනිල්ලා. එයාලට කෝල් කරලා ඇප්ලිකේෂන් එක ගැන විස්තරයක් අහනවා නම් රෙජිස්ටර් කරපු අංකය ඉල්ලනවා.

    මාසෙකින් විතර Username, Password ගෙදරට තැපෑලෙන් එයි.ඊට පස්සේ මෙතනින් ලොග් වෙලා බලන්නයි තියෙන්න.

    https://www.epfportal.com/Pages/Member/MemberLogin.aspx

    යූසර්නේම් එක වෙන්නේ තමන්ගේ NIC එක. මුලින්ම ලොග් වෙද්දී කියනවා පාස්වඩ් එක වෙනස් කරගන්න කියලා. ඒ වෙනස් කරගත්ත පාස්වර්ඩ් එක අමතක වුණොත් තමන්ටම රීසෙට් කරගන්න පුළුවන් තමන්ගේ ඊමේල් එක හරහා.

    ඇප්ලිකේෂන් එක පුරවද්දී SMS, Online දෙකම ටික් කලා නම් ලියුමත් එක්කගෙදරට එන ලියුමතෙක්ක SMS වලින් EPF ශේෂය බලන්නත් Username, Password එකක් එනවා. ඒත් මේක බලන හැම එකාම ඔන්ලයින් එන නිසා SMS වලින් බලන එක ගැන ලියන්න යන්නේ නෑ මම.

    EPF එකට ඇප්ලිකේෂන් එක යවලා සති 3කට විතර පස්සේ මම කතා කරලා බැලුවා ඔන්ලයින් ඇප්ලිකේෂන් handle කරන තැනට. මේ මහත්තයා තමයි ඕක කරන්නේ (Mr. Waruna 0112-477149). කථා කළාම ලොකූ ගැටළුවක් අහු වුණා :oo:

    අපේ ආයතනයෙන් මගේ EPF යවලා තියෙන්නේ වැරදි ID Number එකකට කියලා කිව්වා. :rofl::rofl::rofl: ඒත් හොයාගන යද්දී අන්තිමට වැරැද්ද වෙලා තියෙන්නේ EPF එකේ පැත්තෙන්. පස්සේ එයාලා ඒ වරද හැදුවා. අවුරුදු 60 වෙනකම් ඉඳලා මම සල්ලි ගන්න ගිහින් මේ වරද අහු වුනා නම් මාස ගානක් රස්තියාදු වෙන්න වෙනවා වැඩ කරන ආයතනය ලංකාවෙත් නැති දවසක. :frown::frown:

    .
    meke link dekama weda ne. puluwani nam download karanna one application deka and address deka share karanna puluwanida .
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,644
    952
    113
    Mawanella Town

    den tiyena samahara web site wada karanna na. e nisa mona wage form bala ganna ona.