සාම්ප්‍රදායික අපනයන මත රදා පවතින්න බැරි එකයි අවුල මචන්. උබ කියන ක්‍රමේ හරි ජපානේ වගේ රටකට.. උබ කියනවා වගේ බිලි පිත්ත තිබ්බට වැඩක් නැහැ මාළුවා අල්ලන්න දන්නේ නැතිනම්.. ලංකාවේ තේ, පොල්, රබර් අපනයනය කරලා ගොඩ යන්න බැහැ. ආයෝජන කරන්න තරම් ලංකාවේ ෆීල්ඩ් දියුණු නැහැ බන්.. පැදුරු, කොසු, ඉදල් හලන්න ආයෝජනය කරලා වැඩක් නැහැනේ.. අන්න එහෙමයි ඔතන අවුල හැදිලා තියෙන්නේ. තාම ලංකාවේ තේ නිෂ්පාදනය කරන්නේ සුද්දා කරපු ක්‍රමේට. එක දියුණුවක් උනේ නැහැනේ. ජපානේ තාම ෂෙල් මොඩල් හයිඑස් විකුනන්නේ නැහැනේ බන්. දැන් KDH විකුනන්නේ.. අන්න එහෙම ටෙක්නොලොජි එක්ක අප්ග්‍රේඩ් වෙන්න ලංකාවේ ඉන්දස්ට්‍රි වලට බැරි වෙලා තියන එක තමා මාකට් කැප්ෂන් එක නැති වෙන්න හේතුව. 1970 ගණන්වල ලංකාවේ උන් සෝමාලියාවේ උන්ට බෝට්ටු හදලා විකුනලා තියනවා. ඒ කාලේ චිනාවත් එහෙම බිස්නස් එකක් කරලා නැහැ. දැන් පුලුවන්ද එහෙම වැඩ. ඒ ටෙක්නොලොජිය අප්ග්‍රේඩ් උනානම් දැන් ලංකාවේ අඩු තරමේ ලංකාවට අවශ්‍ය කරන නැව් ටිකවත් හදන මට්ටමට ඉන්න ඕනා.. එහෙම නැහැනේ.. ඉදලා හිටලා නීල් මැරීන් උන්ට මාලදියව්යිනෙන් ඕඩරයක් අවොත් මිසක ඒ ඉන්දස්ට්‍රිය ඉවරයි.