Erozan ල මොන බය්යොද , මෙන්න බයි රචනා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ජය ශ්‍රී මහා බෝධිය අටමස්ථානාධිපති හිමියන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගෙන් දශක දෙකක පමණ කාලයක් තිස්සේ ප‍්‍රතිකාර ලබා ගන්නා බව තමනට දැනගන්නට ලැබී ඇතැයි මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි.

    පසුගිය දා ජය ශ‍්‍රී මහා බෝධි පුද බිමේදී එහිමියන්ගේ මෑණියන් කාලි අම්මා යයි ධම්මික බණ්ඩාර මහතා සදහන් කර ඇත්තේ එනිසා යයිද ඒ මහතා කියා සිටී.

    තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව සදහන් කර තිබේ.

    එම සම්පූර්ණ සටහන මෙසේය.

    එක දෙවියයි එක දැනුමයි විය යුතු නැහැ
    ධම්මික වෙද මහතාගේ පැණිය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වුණේ ඒ ගැන ප්‍රසිද්ධියක් ලැබුණු දිනයේ දී ම බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ සම්බන්ධ යම් ආකාරයක නිල නොවන අයුරකින් හරි සම්පරීක්‍ෂණයක් කර ඇති බවට පළ වූ වාර්තා ප්‍රශ්නයේ මුලයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් මෙරට දේශීය වෙදකමේ බහු ප්‍රතිකාර ඇති නමුත් ඒ එකටවත් ප්‍රසිද්ධියක් නොලැබුණේ අවශ්‍ය බටහිර වෛද්‍ය සහතික නොතිබූ නිසයි.

    එහෙත් ධම්මික වෙද මහතාගේ පැණියට යම් බටහිර වෛද්‍ය සහතිකයක් ලැබීම නිසා ජනමාධ්‍ය ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ සමග ම ඒ වටා පිරිස් එකතු වීම මෙන් ම එයට විරුද්ධ ව ජනමතයක් ගොඩ නැගීම ද ඇරඹුණා. අර පසුව එකතු වූ පිරිස් අතර තක්කඩියන් ද ඉන්න පුළුවන්. ඔවුන් මුල සිට ම සිටි අය නො වෙයි. ඔවුන්ට වෙනත් දෙයක් අවශ්‍ය වන්න පුළුවන්. පැණියට විරුද්ධ ව ජනමතයක් ගොඩ නැගීමට විවිධ දේශපාලන කොටස් එකතු වුණා. බටහිර අධ්‍යාපනයෙන් එන්නත් කරනු ලැබූ මතවාද දෘෂ්ටිවාද (අල්තුසර් ද දෘෂ්ටිවාදයකින් මිදුණ අයකු නොවෙයි) සහිත ව ධම්මික වෙදමහතාගේ සුදූුසුකම් සාකච්ඡාවට ගැණුනා. කපු මහතකු බව මේසන් බාසුන්නැහැ කෙනකු බව ආදිය වැදගත් වුණා. කාලි අම්මාගෙන් දැනුම ලැබුණු බව ප්‍රශ්නයක් වුණා. රාමනුජන්ට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. බටහිර උගතුන් එකලත් රාමනුජන් වෙනත් ගණිතඥයන් මෙන් යැයි කීමට තැත් කළත් එය සාර්ථක වුණේ නැහැ.

    බටහිර විද්‍යාව (වෛද්‍ය විද්‍යාව විශේෂයෙන්) ධනපති ක්‍රමය සමග ඇති අවියෝජනීය (ඔවුන්ගේ වචන) සම්බන්ධකම් විවිධ පුද්ගලයන් සමාගම් මගින් පෙන්නුම් කෙරුණා. බටහිර විද්‍යාව ධනපති ක්‍රමයෙන් වෙන් කරන්න බැරි ඒ දෙක ම එක ම චින්තනයක් මත පදනම් වෙන නිසා. බටහිර විශ්වවිද්‍යාල වැඩවසම් සම්බන්ධකම් මත ඇති වූ ආයතන. ඔක්ස්ෆඩ් කේම්බ්‍රිජ් එයට හොඳ ම උදාහරණ. එහෙත් අද වන විට ඒ විශ්වවිද්‍යාල ධනේශ්වරය සමග සම්බන්ධකම් ඇති කරගෙන වැඩවසම් නෂ්ටාවශේෂත් සමග. හරියට වින්ඩ්සර් රජපවුල වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව සමග සම්බන්ධකම් ඇති කර ගෙන තියෙන විධියට. බටහිර වෛද්‍ය විද්‍යාව ඖෂධ සමාගම් එක්ක ඇති සම්බන්ධයේ අංශු මාත්‍රයක් පමණයි මෙරට ඖෂධ නියෝජිතයන් බටහිර වෙදමහතුන් සමග ඇති සම්බන්ධයේ තියෙන්නෙ.

    පැණියේ සාර්ථකත්වය මනින්න පුළුවන් රෝගීන් සුව වෙනව ද බලීමෙන්. එය බටහිර ඊනියා සායනික නැහැසුම් ක්‍රමයට ම සිිදු විය යුතු නැහැ. එහෙත් අද ඇති දැනුම් යටත්විජිතවාදය නිසා පරක්‍ෂාව බටහිර ක්‍රමයට සිදු කරන්න වෙලා. ඒ අතර ආයුර්වේද කමිටුවකුත් තියෙනවා. මෙරට ඉන්න සහතික උගතුන්ට සහතිකය හැර වෙනත් දෙයක් නැහැ. ඔවුන්ට දැනුමක් අලුතෙන් දෙන්න බැහැ. වැඩිම වුණොත් කළ හැක්කේ වැමෑරීම පමණයි. මෙරට නිර්මාණාත්මක හැකියාවක් ඇතියවුන් වැඩිය දකින්න පුළුවන් සාමාන්‍ය පෙළෙන් එහාට උගත් නැති අය අතර. උසස් පෙළ අධ්‍යාපනයෙන් නිර්මාණාත්මක හැකියාවන් නැත්තට ම මෙන් නැති කරනවා. මෙරට අවුරුදු 150ක බටහිර වෛද්‍ය අධ්‍යාපනය එයට හොඳ ම උදාහරණයයි.

    අද උදේ එක් කමිටුවක වාර්තාවක් නිකුත් වෙලා. බටහිර විද්‍යාව අනුව කරන ලද පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත්තේ පැණියේ විෂක් නැති බවයි. ඒ වාර්තාව ආයුර්වේද කමිටුවට යොමු කරලා. ආයුර්වේද කමිටුව තවම එයට ප්‍රතිචාරයක් දක්වා නැති බවයි පේන්න තියෙන්නෙ. ඔවුන් ඉක්මණින් ඒ කටයුත්ත කරනවා නම් හොඳයි. මේ ආයුරවේදය හා හෙළ වෙදකම අතර ප්‍රශ්න ඇති කරගන්න වෙලාවක් නො වෙයි.

    අද විවිධ අය කාලිඅම්මා ගැන විවිධ කතා කියනවා. ඇගේ සම්භවය පිළිබඳ ව ඇත්තේ එක් කතාවක් පමණක් නොවෙයි. ඒ තමයි පෙරදිග දැනුමේ එක් ලක්‍ෂණයක්. බ්‍රහ්මන් ඒක දේව සංකල්පය බිහිවන්න පෙර මේ රටවල තිබුණේ බහුදේවවාදයක්. අප එක් දෙවියකු පමණක් ගැන විශ්වාස කෙළේ නැහැ. ලංකාවේ කොහාමටවත් තිබුණේ නැහැ. මෙරට බ්‍රහ්මන් සංකල්පයක් නැහැ. මහා බ්‍රහ්මයත් තවත් දෙවියකු (බ්‍රහ්මයකු) පමණයි. කාලිඅම්මා භද්‍රකාලි මෑණියන් නමිනුත් හැඳින්වෙනවා. ඒ යහපත් අරුතෙන්. කෙසේ වෙතත් මට කියන්න තියෙන්නෙ අපේ සංස්කෘතියෙහි එකම කතාවක් නොව විවිධ කතා තියෙන බවත් විවිධ දෙවියන් ඉන්න බවත් විවිධ දැනුම් විවිධ ප්‍රතිකාර තිබෙන බවත්.

    බටහිර ක්‍රිස්තියානි හා මුස්ලිම් සංස්කෘතිවල ඉන්නේ එක් දෙවියන් පමණයි. අද ඔය එක් දැනුමක් අනන්‍ය දැනුමක් ආදී සංකල්ප පැන නගින්නේ ඒ ඒක දේව සංකල්පයෙන්. සිංහල බෞද්ධයන්ට බහු දේව සංකල්පයක් තියෙන්න. ඒක දේව සංකල්පයක් නැත කියන එකෙන් බහු දේව සංකල්පයක් නැත කියා කියැවෙන්නෙ නැහැ. බටහිර දැනුම ලෝකයේ එක ම දැනුම විය යුතු නැහැ. බහුදේව වගේ ම බහු පද්ධති තියෙනවා. ක්‍රිස්තියානි හා මුස්ලිම් සංස්කෘතීන්ට ඒ බව පිළිගැනීමේ අපහසුතාවක් තියෙනවා. මේ ගැන තවත් විස්තර පසුවට.

    අද කිවයුතු වැදගත් කරුණක් තියෙනවා. පඬියන් පඬි නැට්ටන් ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති නායක හාමුදුරුවන්ට සැරෙන් කතා කිරීම ප්‍රශ්නයක් කර ගෙන. මේ අය ඒ කරන්නේ ශ්‍රද්ධාවකින් නොවෙයි. ශ්‍රී මහා බෝධින් වහන්සේ මුළ ඉඳගෙන අරක්කු බීමට කතා කෙළේ ඒ වර්ගයේ අය. මේ හුදෙක් වෙද මහතාට හා ඒ මගින් හෙළ වෙදකමටත් අවසානයේ දී සඟ සසුනටත් සිංහල බෞද්ධ සංස්කෘතියටත් පහර ගැසීම සඳහා කෙරෙන්නක්.

    මට දැන ගන්නට ලැබී ඇති තොරතුරු අනුව දැනට දශක දෙකක පමණ කාලයක් තිස්සේ ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති හාමුදුරුවන්ට වෙදකම් කරනවා. උන්වහන්සේ දන්නවා වෙද මහතා දැනුම ලබා ගන්නේ භද්‍රකාලි මැණියන්ගෙන්, කාලි අම්මගෙන් බව. නායක හාමුදුරුවන් එ නිසා වෙද මහතා අමතන්නේ මෑණියන් කීයා. වෙද මහතා හාමුදුරුවන් සමග සාකච්ඡාචේ දී මා ඔබ වහන්සේගේ මෑණියන් කියන්නේ ඒ අරුතෙන්. ඒ සාකච්ඡාචේ ඉතිරි කොටස් ද ප්‍රචාරය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ සාකච්ඡාව හොඳින් දන්නා හඳුනන අය අතරයි.

    විවිධ බලවේග හෙළ වෙදකමට විරුද්ධව ක්‍රියා කරනවා. ඔවුන්ට රෝගීන්ට මොනව වුණත් කමක් නැහැ. හෙළ වෙදකමට පහර දෙන්න පුළුවන් නම්. අද අපට අවශ්‍ය රෝගීන් සුවපත් කිරීමටයි. එහි දී අප එක දැනුමක් පමණක් යන්න බැහැර කරනවා. බහු දේවා බහු විජ්ජා මිස ඒක දේව ඒක විජ්ජා නොවෙයි.

    – නලින් ද සිල්වා FB
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් - මහාචාර්‍ය නලීන් ද සිල්වා

    නලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය. නලීන් ද සිල්වා හැදෙන වැඩෙන කාලයේ ලංකාවේ හාල් හිඟයක් ඇති විය. එම නිසා එඞලන්තයේ නිශ්පාදිත නැව් මගින් බුරුමයේ සිට හාල් ලංකාවට ගෙන එනු ලැබීය. එම නිසා නලීන් ද සිල්වා මන්ද පෝෂණයට ලක් නොවී හැදුනි වැඩුනි. ඔහු පාසල් ගියේ බටහිරයන් ගේ තාක්ෂණයෙන් නිශ්පාදනය කල බස් රථයකිනි. පසු කාලයක බටහිර තාක්‍ෂණය යොදා නිපදවූ මෝටර් රථයකින් ඔහු ගමන් බිමන් ගියේය.

    තරුණ නලීන් ද සිල්වා වරක් වැස්සට තෙමී බ්‍රොන්කයිටිස් හදා ගත්තේය. වෙද මහතෙකුගේ කසාය සුමාන දෙකක් බිව් නමුත් බ්‍රොන්කයිටිස් රෝගය වැඩිවී නිව්මෝනියාවට හැරුනේය. මේ නිසා නලීන් ද සිල්වාගේ පියා ඔහුව බටහිර දොස්තර කෙනෙක් වෙත ගෙන ගියේය.බටහිර දොස්තර නලීන් ද සිල්වාගේ පෙනහළු ආසාදනය වී තිබෙන බව සොයාගෙන ඔහුට ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං නම් සුද්දා සොයාගත් පෙනිසිලින් නම් ප්‍රතිජීවකය දුන්නේය. පෙනිසිලින් වලට පින් සිද්ද වන්න නලීන් ද සිල්වාගේ පණ බේරුනේය.

    විශ්ව විද්‍යාලයට ගිය නලීන් ද සිල්වා ලංකාවේ බොහෝ ප්‍රදේශ වල සංචාරය කලේය. ඔහු බොහෝ විට ගමන් කලේ ජෝජ් ස්ටීවන්සන් නම් ඇමරිකන්කාරයා සොයා ගත් දුම්රියේය. මෙයට නලීන් ද සිල්වලා කිව්වේ රේල්ලුව කියාය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කොට නලීන් ද සිල්වා බටහිර තාක්‍ෂණය මගින් නිපදවූ ගුවන් යානයකින් එංලන්තයට ගියේ ආචාර්‍ය උපාධිය කිරීමටයඑඞලන්තයේ සිටි කාලයේ ඔහු පණ ගැට ගසා ගත්තේ දේශීය කොස් දෙල් කා නොව බටහිර කෑම මගිනි. ආචාර්‍ය උපාධිය කිරීමෙන් පසුව නලීන් ද සිල්වා ලංකාවට පැමිණි විගස ඔහුට රැකියාවක් ලැබුනි. ඒ එඞගලන්ත ආචාර්‍ය උපාධිය නිසාය. මේ කාලයේ ඔහු පෙළවහක් කර ගත්තේය. ඔහුට දරුවන් ලැබුණි. නලීන් ද සිල්වා ගේ දරුවා කුඩා කාලයේ පෝලියෝ රෝගය හිස ඔසවා ලමයින් බොහෝ දෙනෙකු අබ්බගාත කරන ලදී. නලීන් ද සිල්වා ගේ දරුවා කුරිරු පෝලියෝ රෝගයෙන් බේරෙන ලද්දේ සුද්දෙකු විසින් සොයාගත් පෝලියෝ එන්නතට පින්සුදු වන්නටය. එසේම නලීන් ද සිල්වා ගේ දරුවා කාස රෝගය, වසූරිය, ගලපටලය , සරම්ප ,කක්කල් කැස්ස වැනි රෝග වලින් බේරා ගත්තේ සුද්දන් ගේ වෛද්‍ය තාක්‍ෂණයේ පිහිට මගිනි. මේ නිසා නිරෝගීව හැදුනු වැඩුනු දරුවා පසු කාලයක බටහිර රටක වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියේය.

    මධ්‍යම වයසේදී නලීන් ද සිල්වාට මැලේරියාව සෑදුනි. ගැට අන්නාසි , පැපොල් යුශ බෙහෙත් වශයෙන් ගත්තද මැලේරියාව සුව නොවීය. අවසානයේදී මැලේරියාව සුව වන්නේ සුද්දෙකු විසින් සොයා ගත් ක්ලොරොක්වීන් නම් බෙහෙත නිසාය.

    මීට වසර කීපයකට ඉහතදී නලීන් ද සිල්වාට හෘධ රෝගයක් සෑමුනු අතර මුලදී සුදු ලූණු තම් බා බීම හිඳල කොල යුෂ බීම , මයියොක්කා කොල ඉස්ම බීම කලද හෘධ රෝගය සුව නොවී වඩාත් අසාධ්‍ය විය. ඉන් පසු නලීන් ද සිල්වා රෝහල් ගතවී බටහිරයන් විසින් සොයා ගත් බයි පාස් එකකට පින් සිදු වන්නට පණ බේරා ගත්තේය.

    මෙලෙස බටහිර තාක්‍ෂණයේ බටහිර විද්‍යාවේ පිහිෙටන් පණනල ගැට ගහගත් නලීන් ද සිල්වා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීවේය. මෙයට චූන් ගිය ලංකාවේ මාධ්‍යකාරයෝ රූපාවාහිනී වැඩසටහනක් සඳහා නලීන් ද සිල්වාට දිනයක් සහ වෙලාවක් දුන්හ. නියමිත දිනයේදී සුවිස් ඔරලෝසුවෙන් වෙලාව බලා වේලාපහින් නැගිට ගත් නලීන් ද සිල්වා සුද්දන් සොයා ගත් ක්ලෝරීන් මගින් විස නැසූ වතුර වලින් නාගෙන දේශීය අමුඩයක් වෙනුවට සුද්දන් නිපදවූ සස්පෙන්ඩරයක් යටට ඇඳ ඊට උඩින් ජාතික ඇඳුම ඇඳලා බටහිර තාක්‍ෂණයේ මහිමයෙන් නිපදවන ලද මෝටර් රථයකින් ජාතික රූපාවාහිනියට ගියේය. හෙතෙම ජාතික රූපාවාහිනියට ගොස් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීවේය. මේ සිංහ ගර්ජනාව ලංකාවේ සකල හුදී ජනයන්ට මහාචාර්‍ය නලීන් ද සිල්වා සූරීන් ගේ රූප කාය සමග ඒ මොහොතේම දැක බලා ගන්නට හැකි වූයේ ජෝන් ලොගී බෙයාඩ් නම් සුද්දා විසින් සොයාගත් රූපාවාහිනී තාක්‍ෂණයට පින්සිදු වන්නට .

    උපුටා ගැනිමකි

    http://transyl2014.blogspot.com/2020/12/blog-post_10.html
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඉසකුඩිච්චි කියල දෙයක් තියනවා නේද ඔය හෙළ හෝ ආයුර්වේද වෙදකමේ ? නරකද මේ නලින්ද මහත්තයට එකක් දැම්මොත් ?

    වෙලාවකට හිතෙනවා මේ මහාචාර්ය තුමාට වඩා ආචාර්ය මර්වින් සිල්වාට මොලේ තියනවා නේදෝ කියල
     
    Last edited:

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් - මහාචාර්‍ය නලීන් ද සිල්වා

    නලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය. නලීන් ද සිල්වා හැදෙන වැඩෙන කාලයේ ලංකාවේ හාල් හිඟයක් ඇති විය. එම නිසා එඞලන්තයේ නිශ්පාදිත නැව් මගින් බුරුමයේ සිට හාල් ලංකාවට ගෙන එනු ලැබීය. එම නිසා නලීන් ද සිල්වා මන්ද පෝෂණයට ලක් නොවී හැදුනි වැඩුනි. ඔහු පාසල් ගියේ බටහිරයන් ගේ තාක්ෂණයෙන් නිශ්පාදනය කල බස් රථයකිනි. පසු කාලයක බටහිර තාක්‍ෂණය යොදා නිපදවූ මෝටර් රථයකින් ඔහු ගමන් බිමන් ගියේය.

    තරුණ නලීන් ද සිල්වා වරක් වැස්සට තෙමී බ්‍රොන්කයිටිස් හදා ගත්තේය. වෙද මහතෙකුගේ කසාය සුමාන දෙකක් බිව් නමුත් බ්‍රොන්කයිටිස් රෝගය වැඩිවී නිව්මෝනියාවට හැරුනේය. මේ නිසා නලීන් ද සිල්වාගේ පියා ඔහුව බටහිර දොස්තර කෙනෙක් වෙත ගෙන ගියේය.බටහිර දොස්තර නලීන් ද සිල්වාගේ පෙනහළු ආසාදනය වී තිබෙන බව සොයාගෙන ඔහුට ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං නම් සුද්දා සොයාගත් පෙනිසිලින් නම් ප්‍රතිජීවකය දුන්නේය. පෙනිසිලින් වලට පින් සිද්ද වන්න නලීන් ද සිල්වාගේ පණ බේරුනේය.

    විශ්ව විද්‍යාලයට ගිය නලීන් ද සිල්වා ලංකාවේ බොහෝ ප්‍රදේශ වල සංචාරය කලේය. ඔහු බොහෝ විට ගමන් කලේ ජෝජ් ස්ටීවන්සන් නම් ඇමරිකන්කාරයා සොයා ගත් දුම්රියේය. මෙයට නලීන් ද සිල්වලා කිව්වේ රේල්ලුව කියාය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කොට නලීන් ද සිල්වා බටහිර තාක්‍ෂණය මගින් නිපදවූ ගුවන් යානයකින් එංලන්තයට ගියේ ආචාර්‍ය උපාධිය කිරීමටයඑඞලන්තයේ සිටි කාලයේ ඔහු පණ ගැට ගසා ගත්තේ දේශීය කොස් දෙල් කා නොව බටහිර කෑම මගිනි. ආචාර්‍ය උපාධිය කිරීමෙන් පසුව නලීන් ද සිල්වා ලංකාවට පැමිණි විගස ඔහුට රැකියාවක් ලැබුනි. ඒ එඞගලන්ත ආචාර්‍ය උපාධිය නිසාය. මේ කාලයේ ඔහු පෙළවහක් කර ගත්තේය. ඔහුට දරුවන් ලැබුණි. නලීන් ද සිල්වා ගේ දරුවා කුඩා කාලයේ පෝලියෝ රෝගය හිස ඔසවා ලමයින් බොහෝ දෙනෙකු අබ්බගාත කරන ලදී. නලීන් ද සිල්වා ගේ දරුවා කුරිරු පෝලියෝ රෝගයෙන් බේරෙන ලද්දේ සුද්දෙකු විසින් සොයාගත් පෝලියෝ එන්නතට පින්සුදු වන්නටය. එසේම නලීන් ද සිල්වා ගේ දරුවා කාස රෝගය, වසූරිය, ගලපටලය , සරම්ප ,කක්කල් කැස්ස වැනි රෝග වලින් බේරා ගත්තේ සුද්දන් ගේ වෛද්‍ය තාක්‍ෂණයේ පිහිට මගිනි. මේ නිසා නිරෝගීව හැදුනු වැඩුනු දරුවා පසු කාලයක බටහිර රටක වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියේය.

    මධ්‍යම වයසේදී නලීන් ද සිල්වාට මැලේරියාව සෑදුනි. ගැට අන්නාසි , පැපොල් යුශ බෙහෙත් වශයෙන් ගත්තද මැලේරියාව සුව නොවීය. අවසානයේදී මැලේරියාව සුව වන්නේ සුද්දෙකු විසින් සොයා ගත් ක්ලොරොක්වීන් නම් බෙහෙත නිසාය.

    මීට වසර කීපයකට ඉහතදී නලීන් ද සිල්වාට හෘධ රෝගයක් සෑමුනු අතර මුලදී සුදු ලූණු තම් බා බීම හිඳල කොල යුෂ බීම , මයියොක්කා කොල ඉස්ම බීම කලද හෘධ රෝගය සුව නොවී වඩාත් අසාධ්‍ය විය. ඉන් පසු නලීන් ද සිල්වා රෝහල් ගතවී බටහිරයන් විසින් සොයා ගත් බයි පාස් එකකට පින් සිදු වන්නට පණ බේරා ගත්තේය
    මෙලෙස බටහිර තාක්‍ෂණයේ බටහිර විද්‍යාවේ පිහිෙටන් පණනල ගැට ගහගත් නලීන් ද සිල්වා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීවේය. මෙයට චූන් ගිය ලංකාවේ මාධ්‍යකාරයෝ රූපාවාහිනී වැඩසටහනක් සඳහා නලීන් ද සිල්වාට දිනයක් සහ වෙලාවක් දුන්හ. නියමිත දිනයේදී සුවිස් ඔරලෝසුවෙන් වෙලාව බලා වේලාපහින් නැගිට ගත් නලීන් ද සිල්වා සුද්දන් සොයා ගත් ක්ලෝරීන් මගින් විස නැසූ වතුර වලින් නාගෙන දේශීය අමුඩයක් වෙනුවට සුද්දන් නිපදවූ සස්පෙන්ඩරයක් යටට ඇඳ ඊට උඩින් ජාතික ඇඳුම ඇඳලා බටහිර තාක්‍ෂණයේ මහිමයෙන් නිපදවන ලද මෝටර් රථයකින් ජාතික රූපාවාහිනියට ගියේය. හෙතෙම ජාතික රූපාවාහිනියට ගොස් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීවේය. මේ සිංහ ගර්ජනාව ලංකාවේ සකල හුදී ජනයන්ට මහාචාර්‍ය නලීන් ද සිල්වා සූරීන් ගේ රූප කාය සමග ඒ මොහොතේම දැක බලා ගන්නට හැකි වූයේ ජෝන් ලොගී බෙයාඩ් නම් සුද්දා විසින් සොයාගත් රූපාවාහිනී තාක්‍ෂණයට පින්සිදු වන්නට .

    උපුටා ගැනිමකි

    ට්‍රාන්සිල්වෙනියා http://transyl2014.blogspot.com/2020/12/blog-post_10.html

    බටහිර දේවල් පාවිච්චි කර කර ඒකටම ගරහන එක අමු කුහක කමක්....
     
    • Like
    Reactions: Mr.Lokka and shenat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    professor une komada ban mu
    ඌ පෙුාපා උනේ මැත පිසික ටනේ.
    ඌට ඒවා පුලුවන් උනාට අනිත්වා නිල්.
    පිස්සු හුකන්නෙක්
    සමාන්‍ය ජනතාව ගැන දැනුම නිල්.
    ඕකා පේපර් හදනකොටත් ඔහොමයි.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    තාක්ෂණය යි විද්‍යාවයි කියන්නේ වචන දෙකක් තේරුම් දෙකක් කියල සිංහලයින්ට තේරුම් ගන්න බෑ අවුරුදු එකොලහක් අවම වශයෙන් පාසල් අධ්‍යාපනය දීලත්.
     
    • Like
    Reactions: Lankaputhra16

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    namal-rajapaksa-and-ranil-jpg.106647
     
    Attachments

    • Namal-Rajapaksa-and-Ranil.jpg
      Namal-Rajapaksa-and-Ranil.jpg
      40.1 KB · Views: 586

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,792
    23,463
    113
    මිනිහ කියන දේවල්වල ඇත්තක් තියෙනව. හැබැයි දේශපාලන යටි අරමුණු වලට ඕවා එලියට එන්නෙ. තානාපතිකම හම්බුනෙත් නිකන් නෙමේනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    professor une komada ban mu
    සමිල කියල ඩයල් එකක් ඉන්නව ඌත් පිසික්ස් පීඑච්ඩී එකක් කරන පොරක් රෙදි නැතුව කඩේ යන්නෙ මැදමුලනට මොනව හරි කිව්වොත්.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සාමාන්‍ය පෙලින් එහාට නිර්‍මානාත්මක හැකියාව නැතිවෙන එක, උගත්කම තියෙන්නේ සහතික වල විතරයි කියන දේ ඇත්ත කියලා ඔප්පු වෙලා තියනවා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඉසකුඩිච්චි කියල දෙයක් තියනවා නේද ඔය හෙළ හෝ ආයුර්වේද වෙදකමේ ? නරකද මේ නලින්ද මහත්තයට එකක් දැම්මොත් ?

    වෙලාවකට හිතෙනවා මේ මහාචාර්ය තුමාට වඩා ආචාර්ය මර්වින් සිල්වාට මොලේ තියනවා නේදෝ කියල
    🤭🤭
     
    • Like
    Reactions: Mr.Lokka

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    යකාගේ හැටියට විමානේ, ගෙවන ගානට තමා රචනාව..:P
     
    • Haha
    Reactions: Mr.Lokka

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ඉරෝසන් කියන්නෙ නලින් ද සිල්වා වෙන්න බැයිද ? 🤔
    වෙන්න බෑ ....නලින් ලොක්කා විද්‍යාවේ නාමයෙන් මිත්‍යාව පතුරනවනවා , එරෝසන් මිත්‍යාව නාමයෙන් මිත්‍යාව පතුරෝනවා ...

    ** පලි: මොන බයිලා කීවත් නලීන් ලොක්කා පොරක් වෙන්නේ මිහිහගේ Phy PHd (UK Middlesex ) එක හින්දයි
     
    • Haha
    Reactions: Mr.Lokka