ETCA එකට විරුද්ධ ජාතිවාදීන් – වි.ඇ. මොංගල

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ETCA එකට විරුද්ධ ජාතිවාදීන් – වි.ඇ. මොංගල

    mangala-cepa.jpg


    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ද්විපාර්ශ්වික වෙළද හා සේවා ගිවිසුම මගින් ඉන්දියානුවන් මෙරට ආක්‍රමණය කරන බවට බහුතරයක් වූ සිංහල ජනතාව ඇතුළුව ශ්‍රී ලාංකිකයන් අනියත බියක් ඇතිකරගෙන ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි.
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දු – ශ්‍රී ලංකා සංගමයේ පැවති රැස්වීමක් අමතමිනි.
    එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියානු බලපෑම ගැන වැඩිපුර බිය ඇති කරගෙන ඇත්තේ ආගම සහ ජනවර්ගය සිය දෙඋරහිස තබාගෙන තමන් පැවතගෙන එන සිංහ වංශයට ලේ නෑකම් කියමින් එවැන්නක් පිළිබඳව මිත්‍යා මත පතුරවන සිංහල බෞද්ධයන් බවයි.
    “පෝක් සමුද්‍ර සන්ධිය හරහා දෙරට අතර ඉදිකිරීමට යෝජිත නව පාලම තැනීමෙන් පසු ඒ හරහා ඉන්දියානු වෙද්‍යවරුන් , කරණවෑමියන් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ පදිංචි වෙයි කියලා මෙම කොටස් විශ්වාස කරනවා .”
    දැන් මොවුන් කියනවා වෙළඳ ගිවිසුම් නිසා ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ශිල්පින් ලංකාවට පැමිණෙන නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවන් ශ්‍රී ලාංකික තරුණ ඉංජිනේරුවන්ට අහිමි වනවා කියලා . ඔවුන් මෙහෙම කියන්නේ ඉන්දියානු තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් මුළු ලෝකයම ඉල්ලුම් කරන විට දී ” යයි අමාත්‍යවරයා එහිදී පැවසිය.
    ඉන්දියානු ඉංජිනේරුවන්ට ලෝකය පුරා ඉහළ ඉල්ලුමක් ඇති බවට මංගල සමරවීර අමාත්‍යවරයා පැවසුවද පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා පලකර තිබුනේ ඉන්දීය ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 80%ක් පමණ රැකියාවක් සදහා සුදුසුකම් නොමැති බවයි. පසුගිය වසරේදී පමණක් එරට සරසවි, අධ්‍යාපන ආයතන 650ක් මගින් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කළ පුද්ගලයන් 1,50,000ක් සිටියද ඔවුන්ගෙන් සියයට 80ක්ම රැකියාවන් කිරීමට කිසිසේත්ම නුසුදුසු අය බවත් ඉන්දියාවේ අධ්‍යපන පද්ධතියේ පවතින දුර්වලතා මීට හේතු වී ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දී තිබුණා.


     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ P ඩයල් එකටත් කටට එන්නේ සිංහල බෞද්ද සෙට් එක ගැන විතරමයි.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    daksanam unta unge ratema company dala denna kiyapn ponna ballata. lamayith na. ratakuth na. agamakuth na. ganiyekuth na.
     

    rusiyanuwa

    Active member
  • කාලයක් මොකකට හරි විරුද්ධ වුනොත් සිංහල කොටි කිය කියා කෑ ගැහුවා.
    දැන් සිංහල බෞද්ධ ජාතිවාදින්.
    බලන්ගියාම හැමවෙලාවෙම මොනවාහරි අහගන්නෙ සිංහලයාමයි. එකඅතකට අපේ උන්ගෙ එකමුතුවක් නැති නිසා මෙහෙම වෙලා මදි
     

    rusiyanuwa

    Active member
  • පිටරට කොම්පැනි වලට ඕන සොෆ්ට්වෙයා හදන්න පිටරටින්ම මිනිස්සු ගෙන්නලා උන්ගෙම ආයතන ලංකාව ඇතුලෙ දැම්මම අපේ රටේ ආර්ථිකය දියුණු වේවි කියලා හිතාන ඇති. මෙහෙ තියෙන ශාඛාවෙ හදන සොෆ්ට්වෙයා වල ආදායම මෙහෙට නොගෙන්වා ඉන්දියාවෙ මවු ශාඛාවටම ගෙන්වා ගනීවි. ලංකාවට එන උන් ඉස්තිරික්කයක් අරන් ඒකෙන් රොටීපුච්චගෙන උදේටයි රෑටයි කාලා දවල්ට වතුර බිබි වැඩ කරාවි.

    අන්තිමට නේපාලයට අත්වුනු ඉරණමම ලංකාවටත් අත්වේවි. (නේපාෙලට මොකද වුනේ අහන්න එපා. මම දන්නෙත් නැතිවයි කීවෙ. ගුගල් කරලා බලන්න ඉන්දු නේපාල ගිවිසුම් ගැන)
     
    yako monada oya website. owagen news gihin dapan modayonta

    ජාතිවාදින් නෙමෙයි ඊටත් වඩා දරුණු කතාවක් මු කිව්වේ...මු කිව්වේ සිපා වලට එරෙහි වෙන්නේ ඉන්දියාවත් සමඟ පාලමට විරුද්ධ වන්නේ සිංහල බෞද්ධ neo fascists ලා ටික තමයි කියල...

    ඕන නම් ගිහින් බලපන් ඉන්දියාවේ ද හින්දු පුවත්පත
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada

    ජාතිවාදින් නෙමෙයි ඊටත් වඩා දරුණු කතාවක් මු කිව්වේ...මු කිව්වේ සිපා වලට එරෙහි වෙන්නේ ඉන්දියාවත් සමඟ පාලමට විරුද්ධ වන්නේ සිංහල බෞද්ධ neo fascists ලා ටික තමයි කියල...

    ඕන නම් ගිහින් බලපන් ඉන්දියාවේ ද හින්දු පුවත්පත

    :(:(:yes::yes:
    Sri Lankan Foreign Minister Mangala Samaraweera has criticised “neo-fascists” in Sri Lanka for opposing closer ties with India.

    Pointing out that there were certain “misguided Sinhalese Buddhists of this country who wear their ethnicity and religion on their sleeve,” Mr. Samaraweera said that instead of being grateful to India for having given the majority of Sri Lanka “their great religion, Buddhism”, such persons feared India the most.

    “Whenever a bridge over the Palk Straits to connect our two nations is proposed, they get into a paranoid frenzy that all of India is waiting to drive over that bridge and make Sri Lanka their home. When trade agreements are discussed, they see swarms of Indian doctors and barbers coming across to flood the Sri Lankan market,” he said.

    Delivering a talk at the Sri Lanka-India Society on Sunday, the Minister was referring to reactions among a section of parties and groups to reports on the Indian government’s plan to build a sea bridge and tunnel connecting Rameswaram with Thalaimannar in the Northern Province of Sri Lanka. His observations were also made in the context of steps being taken to get Economic and Technological Cooperation Agreement signed between the two countries.

    As India forges ahead to become an economic superpower, Sri Lanka must see its neighbour’s progress “not as a threat but as a great opportunity to prosper and develop. Sri Lanka must realise that like Canada, Hong Kong or Vietnam, we are blessed with a historic opportunity by way of our location right next to one of the world’s largest and fastest growing economies”, he said.

    At the same time, the Foreign Minister called upon India to be “vigilant to the needs, hopes and aspirations” of ordinary Sri Lankans. He said recurring issues such as the bottom-trawling crisis in the North needed to be resolved.


    http://www.thehindu.com/todays-paper/tp-international/neofascists-opposing-closer-indiasri-lanka-ties-minister/article8180653.ece