2005 අවුරුද්දෙදී නිකුත්වුන චිත්‍රපටයක්.මේ චිත්‍රපටියේ මං ආසම කරන දේ තමයි මේකේ තියෙන මියුසිකලි ගතිය.2002 දී ඇමරිකානු ලේඛක ජොනතන් සෆ්රාන් ෆෝ ඒ නමින්ම ලියපු නවකතාව තමයි මේ ෆිල්ම් එකට පාදක වෙන්නේ.
ජොනතන් නමින්ම ඉන්න ඇමරිකානු යුදෙව් ජාතිකයෙක් තමන්ගේ සීයගේ මුල්බිම වෙච්ච යුක්‍රේනයේ ට්‍රෙශම්බ්‍රෝඩ් කියන කල්පිත ගම හොයාගෙන යනව.ජොනතන් කියන්නේ හුගන්ම ආචාරශීලී කෙනෙක්.ඊ වගේම හොද එකතු කරන්නෙක්.අපි හැමෝටම පොඩි කාලෙදී විනෝදාංශයක් තියෙනව එක එක දේවල් එකතු කරන එක.මුද්දර,වේලුනු කොල,ටොනික් මූඩි වගේ දේවල්.හැබැයි අපි වයසින් උස් මහත් වෙනකොට මේ දේවල් අත ඇරල දානව.මේ කතාවේ ජොනතන් නම් කොහෙත්ම එහෙම කෙනෙක් නෙමෙයි.එයාගේ මේ එකතු කිරීමේ පුරුද්ද පාරම්පරික එකක්.
ප්‍රධාන චරිතය රගපාන්නේ එලයිජා වුඩ්.අපි කවුරුත් ආදරය කරන නලුවෙක්.ලෝඩ් ඔෆ් ද රිංග්ස් කතා මාලාවේ ප්‍රෝඩෝ බැගින්ස්.
ඒ වගේම අනික් චරිත ගැන කතා කලොත් යුක්‍රේන ජාතික Eugene Hütz සහ Boris Leskin සෙසු චරිත.
පොතේ ලේඛකයා කියන විදිහට නම් මේ සීයගේ ගම් පලාත ඇත්තටම දැන් තියෙන්නේ පෝලන්තයේ.ඒක දෙවනි ලෝක යුද්ධ කාලෙදී නාසීන් යුදෙව්වන් සමූලඝාතනය කරපු තැනක්.
ප/ලි : මම ඇත්තටම මෑතක් වෙනකං පුරුදක් කරගෙන තිබ්බේ රේටිංග්ස් බලලා ෆිල්ම් එක තෝර ගන්න.හැබැයි මේ ටික කාලෙට ඒ දේවල් වෙනස් වෙච්ච නිසා වෙනස්ම විදිහේ සිනමාවක් අත්විදිමින් ඉන්නව මේ දවස් වල.ඊවත් ඉදිරියේදී කිරියේ බෙදා හදා ගන්නම්. දැන් මම ඉන්නේ කවුරුත් දීපු රේටිං එකකින් කොහොමද මං මගේ රසාස්වාදය තීරණය කරන්නේ වගේ තැනක.
Last edited:
