Everything Is Illuminated (2005) වින්දනීය මතක එකතුව

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    EB20050922REVIEWS50919003AR.jpg


    මතකයන් කියන ඒවා එකතු කරනවට පොදුවේ කියන වචනයක් තියෙනවද ?අපි පොඩි කාලේ නං මොකද්ද පුතා විනෝදාංශේ කියල අහපුවහම කලෙක්ටිං ස්ටෑම්ප්ස් වගේ එකක් කියනව වැඩිහිටි පෙලබවීම මතම.ඒ කවුරු හරි ඒක අහාවී කියලා ටක්කෙටම දන්න නිසා.නමුත් පස්සේ කාලෙකදී එහෙමත් දේවල් ඇයි අපෙන් වියැකෙන්නේ කියල ඇහුවොත් දෙන්න උත්තරයක් තියෙනවද ?මොකද ඒක අපි මත කවුරු හරි බලෙන් පටවපු දෙයක් නිසා.අපි කවුරුත් අකමැතී කවුරු හරි අපි මතට බලෙන් දේවල් පටවල ප්‍රගුන කරන්න කියනවට.කොටින්ම පොඩිකාලේ ගොඩ දෙනෙක් ට චක්කරේ පාඩං කරන්න එපා වෙන්නේත් දෙමල යාලුවෝ සිංහල යාලුවෝ මුස්ලිම් යාලුවෝ කියල මිනිස්සුන්ව වෙන් ව දකින්න එපා වෙන්නෙත් අකමැති වෙන්නෙත් ඒ වැඩිහිටියන් විසින් බලහත්කාරයෙන් හෝ පාරම්පරික කාරණා මත පැවරීම නිසා.ඒ ඇයි කීවොත් පවුලේ කවුරු හරි දොස්තර කෙනෙක් නම් ඒ ගෙදර වැඩිහිටියෝ කැමති වෙන්නේ නෑ ඒ ගෙදර පොඩි උං වෙන දෙයක් කරනවට.පවුල සිංහල නම් දෙමල කෙනෙක් හරි මුස්ලිම් කෙනෙක් හරි බදින්න අකමැති වෙනව.හැබැයි යම්කිසි පුරුද්දක් වගේ දෙයක් පාරම්පරිකව ඇවිල්ලා පුරුකේ ඊළඟ කෙනාට කීවොත් ආ උඹත් ඊලගට මේක ඉදිරියට කරගෙන යන්න ඔනේ කියලා...ඒක පපි වගේ රටවල අයට නම් ටිකක් අමුතු දෙයක් වෙන්න පුලුවන්.ඒ කොහොමද උනත් යුදෙව් පවුල් වලට නම් මේ දේවල් අමුතු දේවල් නෙමෙයි.මේ කතාවේ එන ජොනතන් කියන්නෙත් යුක්‍රේනයෙන් ඇමරිකාවට සංක්‍රමනය වෙච්ච යුදේව් පවුලක වර්තමාන පුරුකක්.මේ පවුලේ අයගේ පුරුද්දක් තියෙනව හරි අමුතු විදිහට වර්ධනය වෙච්ච.ඒ තමයි එකතු කරන එක.එක එක විදිහේ මතක හිටින දේවල්.කාලයක් තිස්සේ එයාලා පුදුම දේවල් ගොඩක් එකතු කරනව.

    1589909814674.jpeg


    maxresdefault.jpg


    7202_illuminated-627.jpg


    4848771222_09d53ecb4b_b.jpg


    4848150917_20fa1492c2_b.jpg


    ජොනතන්ට තමන්ගේ සීයගේ මුල්බිම දැකගන්න යන්න අවස්තාවක් හම්බෙනව.මෙතනදි තමයි මේ කතාවේ හැරවුම් ලක්ශය.ජොනතන් ට යුක්‍රේනයේදී මේ ගමනට මග පෙන්වන්නේ ඇලෙක්ස් කියල ආතල් බුවෙකුයි එයාගේ සීයයි.තව පිස්සු බල්ලෙකුත් ඉන්නව.මේ කතාව පුරාවටම බොහොම සියුම් විදිහට සෝවියට් පාලනය ගැන විවේචන,සෝවියට් සංගමයේ රටවල් විසිර ගියහම එහෙම වෙන්ව ගිය රටවල් ධනවාදය ගැන මොන වගේ උණකින්ද පෙලෙන්නේ වගේ දේවල් ඉතාම සියුම්ව මතු කරනව.එක තැනකදී ජොනතන් මගදී පාර අහනව ගමක වයසක යුක්‍රේන ජාතිකයෙක් ගෙන්.එහෙම අහලා ස්තූති කිරීමක් විදිහට දෙන්නේ මල්බොරෝ පැක් එකක්.එතනදී ඇලෙක්ස් අහනව ඇයි ඒකට ස්තූති කරන්න මල්බොරෝ පැකට් එකක් මම දෙන්නේ කියලා.එතකොට ජොනතන් ගේ උත්තරේ වෙන්නේ මම කියවපු මාර්ගෝපදේශන පොතකට අනුව මෙහේ කාටවත් මල්බොරෝ පැකට් එකක් දකින්න පුලුවන් වෙන් නෑ කියන එක.මේ ගැන පොඩ්ඩක් අතීතෙට ගිහින් බැලුවොත් ඔව්.ඇත්තටම සීතල යුද්දේ තිබ්බ කාලේදී සෝවියට් කාරයන්ගේ එකම ආසාව වෙන්නේ කොකාකෝලා එකක්,මල්බොරෝ එකක් වගේ කවදාවත් තමන්ට පරිභෝජනය කරන්න නොලැබෙන ඒ රටේ කවදාවත් දකින්න නොලැබෙන දේවල්.ඒ නිසාමයි මෙටැලිකා පැන්තේරා වගේ විශාලා ඇමරිකන් බෑන්ඩ් මොස්කව් වල සෙනග ඉතිරිලා යන තරමට ශෝ එකක් කරන්නෙත්.ධනවාදයේ තියෙන විනෝදකාමිත්වයට ඒ ලැබෙන කෙටිකාලීන සතුටට ආස කරපු කෙනෙක් ඒක අත අරින්නේ නෑ කොහෙත්ම.
    තව තැනක් තියෙනව සෝවියට් සංගමේ කාලේ හදපු ගොඩනැගිලි කඩං වැටිච්ච තැනක් පෙන්නන.එතනදී ජොනතන් අහනව ඒ ඇයි කියලා.ඇලෙක්ස් ගේ හාස්යට බර උත්තරේ වෙන්නේ " නිදහස " කියන තනි වචනේ.

    illuminated-house.jpg


    මේ චිත්‍රපටියේ සංගීතය පැත්තෙන් ගත්තොත් එතන තියෙන්නේ වෙනම රසයක්.මම වෙනම සවුන්ඩ් ට්‍රැක් එකක් බාල ඒක ආයෙත් ආයෙත් අහනව.දැන් මේට කොටන මොහොතෙත් මම අහන්නේ ඒ ටික.Paul Cantelon, Sergey Shnurov කියන දෙන්න තමයි Music කරල තියෙන්නේ.

    මට බොහොම අහම්බෙන් හම්බෙච්ච පොලිටිකල් කොමඩි කැටගරියට දාන්න පුලුවන් ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකට වස්තුවිශය වෙන්න ජොනතන් සෆ්‍රාන් ෆෝ කියන ඇමරිකන් ලේඛ්කයා ඒ නමින්ම ලියපු පොතක්.පොතට පාදක වෙන්නේ එයාට එයාගේ සීයා පොඩිකාලේ කියපු කතාවක්.මේ පොත නම් සිංහලට පරිවර්තනය වෙලා නෑ.නමුත් අමාරුවෙන් හරි මම මේ පොත කියවන්න හිතාගෙන ඉන්නේ.මේ වගේ අහම්බෙන් හම්බෙන ෆිල්ම් එකකින් අහබු සෙලට ඇතිකරන රසය නමුත් කියල නිම කරන්න බෑ.ඒක නියම අමෘතයක්.බිව්වට වඩා ජොයින්ට් එකක් ගැහුවට වඩා සැපක්.

    වැදගත් වෙයි කියල හිතෙනව නමුත් බම්ප් එකක් දාගෙන යන්න.මේකේ සවුන්ඩ් ට්‍රැක් එහෙම ඔන කෙනෙක් ඉන්නව නම් ලින්ක්ස් පහලින් දන්නම්.ෆිල්ම් එක බලන්න කැමති කෙනෙක් ඉන්නව නමු ත්එ කෙත් ලින්ක් දාලා ඇති.


    Soundtrack

    Download Movie

    ප/ලි :මේක ලියන්න පාවිච්චි කලේ කියන KDJ SINGLISH සොෆ්ට්වේයා එක.වචන වල අඩුපාඩු තියෙනව.ඒකට හේතුව මේක ඩිවලොප් කරපු පන්ඩිත බූරුවා ඔටෝ සජෙස්ට් වෙන එක අනිවාර්ය කරල ගොං හරක් වැඩක් කරපු එක.ඒ ඇප් එක අඩුපාඩු හදාගෙන පණ්ඩිතකම් අඩු කරගෙන ඉදිරියට යාවි කියලා පතන්න.
     
    Last edited: