Excel ප්‍රශ්නයක්...
මේකයි කතන්දරේ.. මට ඕන Excel වල sheet 1 වල ඕනම cell එකක color එක වෙනස් කරන කොට, sheet 2 වලයි sheet 3 වලයි ඒ cell එකේ ඒ color එක ඒ විදියටම automatically වෙනස් වෙන්න හදාගන්න. conditional formatting වලින් color base කරන්න පුළුවන් ද?




දන්න විදියට නම් conditional formatting වලින් බෑ... Excel VBA වලින් නම් කරන්න පුලුවන්![]()
එළ.. මම බලන්නම්... උත්තරයක් දාලා තිබ්බා...
හෙව්වා හෙව්වා... තේරෙන්නේ නෑ වගේ...EXEL VBA එකෙන් පුලුවන් කෝඩ් නෙට් එකෙන් ගන්න හැකි...
Can you explain this??Doesn't the old trick of holding down the Shift key on the last worksheet - allowing a range of worksheets to be selected in Group mode work?
මෙන්න මේක කරන්නේ කොහොමද???ක්ලෝන් කරපං
එහෙම ලේසියෙන් කරන්න බැරි වෙයි මේක.cell එක කොපි කරල අනිත් ෂීට් වල ලින්ක් එකක් හැටියට පේස්ට් කරපං
පාට වලට අංක දීපන්, එ අංක අනුව සෙල් එකේ පාට වෙනස් වෙන්ඩ කන්ඩිශන් දාපන්, පළවෙනි ශීට් එකේ රෙෆරන්ස් අනිත් ශීට් වලට දීපන්
තව දෙයක් තියේ.. ඒ color කරන cell
වලට අනිත් Excel file වල cell link කරලා තියෙන්නේ. ඒ හින්දා ඒවායේ තියෙන අනිත් ඒවා වෙනස් වෙන්නත් බෑ. මම ඒ cell එකේ color එක විතරයි වෙනස් කරන්නේ.
මම ඒකට ඉස්සරහින් වෙනම column එකක් දාලා ඒකෙ වෙනම number 5ක් විතර දාලා ඒ number 5ට color 5ක් assign කරලා තිබ්බොත්, ඒ row එකේම ඒ cell එකේ ඉසස්රහට හෝ පස්සට තියෙන cell 4ක වගේ එකම color එක වෙනස් වෙන විදිහට හදන්න පුළුවන් ද?
උදා. 1-රතු, 2-කොල, 3-නිල්, 4-කහ, 5-දම්
A1 cell = 1නම්, B1,C1,D1,E1 වල පාට රතු,
A1 cell = 2නම්, B1,C1,D1,E1 වල පාට කොල,
A1 cell = 3නම්, B1,C1,D1,E1 වල පාට නිල්,
A1 cell = 4නම්, B1,C1,D1,E1 වල පාට කහ,
A1 cell = 5නම්, B1,C1,D1,E1 වල පාට දම්,
වෙන්න හදාගන්න පුළුවන් ද?
වෙනත්....
කලින් දාපු නූලක් edit කරන්නේ කොහොමද???