Exclusive : ඉන්දියාවෙන් ලංකාවට උඩින් යවන රොකට්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    42,862
    1
    95,370
    113
    32
    Kalutara
    🚨 🚨 පළමු වරට කරන අනාවරණය 🚨 🚨

    "ලංකාවේ ගුවන් සීමාව සල්ලි දීලා ඉන්දියාව ගන්න හදන්නේ ඇයි?"

    ඇමරිකානු ඩොලර් මිලියන(හෝ බිලියන) ගාණකට ඉන්දියාව විසින් ලංකාවේ ගුවන් සීමාව මිලදී ගන්න හදන එක(මේ වෙනකොට අරන්ද දන්නෙත් නෑ ඉතින්) කුප්‍රකට රහසක්.

    අපේ ගුවන් සීමාව මොකටද ඉන්දියාවට? ප්ලේන් යවන්නද?

    නෑ, රොකට් යවන්න.

    ඉන්දියාවේ රාජ්‍ය අභ්‍යවකාශ ඒජන්සිය (ISRO) ලෝකයේ ප්‍රධානම ඒජන්සියක්. එයාලා රොකට් යවනවා රාජ්‍යයේ අවශ්‍යතාවලට සහ පෞද්ගලික මෙහෙයුම් හැටියට.

    මේ රොකට් යවන්නේ එක එක කක්ෂවල. ඒකෙන් අපිට වැදගත් වෙන්නේ "ධ්‍රැවීය කක්ෂ (Polar Orbit)" කියන එක.

    ධ්‍රැවීය කක්ෂයක වෙන්නේ චන්ද්‍රිකාව උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය හරහා යවන එක.

    ඉතින් ඉන්දියාවට මේ වැඩේට රොකට් යවන්න වෙන්නේ ශ්‍රී ලංකාව උඩින්.

    දැනට ලංකාව මිස් කරන්න ඕනේ නිසා ඉන්දියාව රොකට් යවන්නේ නැගෙනහිර දිශාවට යවලා පස්සේ දකුණු දිශාවට ගන්න එක.

    මේකට කියන්නේ Dog-Leg Maneuver කියලා. මේ වැඩේ කරන්න වැඩිපුර ඉන්ධන ඕනේ, එතකොට කක්ෂගත කරන්න පුලුවන් ස්කන්ධය අඩුවෙනවා.

    ඒකෙන් වෙන්නේ ඉතින් ලොකු චන්ද්‍රිකා තියෙන කස්ටමර්ස්ලා කැඩිලා SpaceX පැත්තට යන එක. ඒක පාඩුයි ඉතින්.

    ඉතින් වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් ලංකාව් උඩින් කෙලින්ම යැව්වා නම්.
    බැරි වෙලාවත් කඩාවැටුණොත් ඉතින්, මෙහේ අයට අල්ලගන්න පුලුවන් නෙහ්. 🙄🙄

    තව එකක්,
    ඉන්දියාව අදටත් එයාලගේ මිෂන්වලදී සිතියම්වල ලංකාව පෙන්නන්නේ නෑ. ලංකාව නෑ කියලා හිතන් එයාලා දැනටත් වැඩ කරන්නේ.

    ළඟදීම දකුණු ඉන්දියාවෙත් රොකට් ලෝන්ච් කරන්න තැනක් අලුතින් හැදෙනවා. එතකොට මේ කතාව ඔයාලට හොඳට මතක් වෙයි.

    මේ නිව්ස් එක ලංකාවට අලුත්. මම හිතන්නේ මේ තමයි පළමු අනාවරණය.

    ඉස්සරහට අලුත් අප්ඩේට් එකක් දෙන්නම්.

    ජය වේවා.

    ✍️ විකුම් හර්ෂණ
    Vikum Harshana
     
    • Like
    Reactions: lasankandy

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,984
    113
    Kandy
    ලංකාව නැත්තටම නැති වෙලා ඉන්නවා මදිවට ලෝකෙන්ම හිගා කනවා
    අපි දැන් ඉන්නෙත් ඉන්දියාවේ support එක නිසා
    තවත් මුන්ට රෙද්දේ ජාතික ආරක්ෂාවයි, මහ ලොකු අභිමානයයි😂



    බැරි වෙලාවත් කඩාවැටුණොත් ඉතින්, මෙහේ අයට අල්ලගන්න පුලුවන් නෙහ්. 🙄🙄
    ඔන්න ඔහේ කමක් නෑ. පුලුවන් නම් එකපාරම NUKE කරලා දාන්න:love2:
     
    • Love
    Reactions: Kalegana

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,063
    6,189
    113
    oka salli walata ganna deyak nane. ithin dan ape ratata ihalin rocket ekak yawwa kiyala apata mkuth karanna bane ban.
     
    • Like
    Reactions: Kalegana

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,224
    4,162
    113
    අවුරුද්දකට පරිප්පුයි,තෙලුයි,හාලුයි අපිට දීල ඕන ඵකක්..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    13,864
    1
    10,908
    113
    ගිලුණු තෙල් නැව් මතක් වුනා ගන්න පුළුවන් එත් ගන්නේ නැහැ
    Lankawata denne nati unata personally ganna puluwan wei ethakota one unta
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,970
    12,955
    113
    රටක ගුවන් සීමාව වෙන රටකට සින්නක්කර ගන්න බෑ.

    උන්ට ඇත්තටම ප්‍රයෝජනයක් තියනවා නම් ඔය රොකට් යවන වැඩේට ගානක් අරන් අවසර දෙන එකේ තියන අව්ල මොකක්ද? අපිට අහස් කුරක් වත් යවාගන්න බැරි එකේ උන්ගේ business එකෙන් ලාභයක් ගන්න එක වැරදිද?

    හැම මගුලටම පිස්සු කතා කියල වෙන රටක් සම්බන්ද උන ගමන් මෙන්න විකුනනවෝ කියන පිස්සොත් අපි මේ වැටිලා ඉන්න තත්වෙට ලොකුවටම වග කියන්න ඕනේ
     
    • Like
    Reactions: justinshady