බිට් ගැන නම් දන්නේ නැ ,එත් BA Management ඩිග්රි එක කරන එකනම් දන්නවා. කොටින්ම කියනවනම් කාලේ කා දැමීමක්. එහෙම කියන්නේ ඒවා තියන්නේ පාර්ට් ටයිම් විදියට, ඒ කියන්නේ ජොබ් කරන අයගේ සුබ සිද්දියට. සිලබස් එක ඉගෙන ගන්න වෙන්නේ කට්ටක් කාල ඉන්ටර්නල් වගේ අහගන්න කරගන්න කුප්පි ඩප්පි මොකුත් නැති නිසා හොදම කට්ටක් කන්න වෙනවා. ඕක කම්ප්ලිට් කරන්නත් අවරුදු ගණන් ඇදී ඇදී යනවා, එක්සැම් එහෙම කැත නැතුව කල් යන්නේ, ඔය ස්ට්රයික් කතන්දර අවාම. අවරුදු 5 ට වඩා මිසක් අඩුවෙන් නම් බැරි වෙයි. ලොකුම කැ# වැඩේ තමයි එක්ස්ටර්නල් එකට යුනි එකෙන්ම කුඩම්මාගේ සැලකීම. ඔච්චර කට්ට කාලා එක්සැම් එක ගත්ත කියමු රිසල්ට් එවන්න අවරුදු ගණන් ගන්නේ. රිසල්ට් එකත් ආව කියමු ඩිග්රි එක ගත්ත කියමු Convocation එක එන්න අව්රුද්දට වඩා කල් ගන්නවා. එහෙම ගත්තත් ගත්තු එකාට යුනි එකේ ගණන් බලන්න ඕනේ. නිකමට වගේ රිසල්ට් එනවද කියල යුනි එකට කෝල් එකක් දාල බලන්න තබ සතේකටවත් වගකීමක් ඇතුව උත්තරයක් දෙයිද කියල. ඕක කරන්න සල්ලි ගත්තත් හිගන්නොන්ට වගේ එක්ස්ටර්නල් අයට සලකන්නේ. පවු ඔච්චර කට්ට කාලත් අන්තිමේදී උපාදිය අතට ගත්තම ජිවිතේ හෙම්බත් වෙලා තියේවි.