March 28, 2024 at 11:20 am | lanka C news
රුසියාව හා යුක්රේනය අතර පවතින යුද්ධයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික සෙබළෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව වෙනුවෙන් සටන් කළ
නිපුණ සිල්වා නම් ශ්‍රී ලංකා යුද හමුදාව හැර ගිය සෙබළෙකු මෙසේ මියගොස් ඇතැයි ද සඳහන්ය.
රුසියානු ආරක්ෂක බංකරයක් මුර කරමින් සිටියදී යුක්රේනයෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම මරණය සිදුව ඇත.
මේ වන විට රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනකු මිය ගොස් තිබේ.
විදේශ රටවල සෙබලුන් යුක්රේනය හා රුසියාව වෙනුවෙන් යුද්ධයට සම්බන්ධ වන අතර ඒ සඳහා ඔවුන්ට මසකට ඩොලර් 3000කට ආසන්න වැටුපක් ලැබෙයි.