Extreme weather Live Update 2017..

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
උඹ වැඩි වැඩියෙන් ත්‍ර්ඩ් දාල අපේ කාලේ නාස්ති කරන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.

ඒක හොදද? මේක හොදද? ඇයි ඒක හොද වෙලා මේක හොද නැද්ද? ඇයි ඒ ? මේක හොදද, මේක හොයල දෙන්න, ඒක ඕනේ !!, මේ ක්‍රැක් එක ඕනේ !!, මම මේක ගන්නද? මේක ගන්න එපාද? hjmmm bump? sifsd? sdflnshjdf? ahhhh, hmm, swefse, asas, bmpppp, kk,
mmm, bbb, oo, mm, kooo, kkkkkkkk, gg, kooo, elaa, jjj, yesssssssssssss, hikss


වගේ ගොන් පෝස්ට් දදා අපේ කාලේ නාස්ති කරන්න ලැබේවා. උබේ ඔය උඩ තියන දේවල් උබේ පෝස්ට් කවුන්ට් එකන් අයින් කලොත්.. උඹ පෝස්ට් එළකිරි එකේ දාලම නෑ. උබේ පෝස්ට් දැක්කහම හිතෙනවා බං මේ මොන ජීවිතද කියල..මොනවට ජිවත් වෙනවද මන්දා බං උබ:baffled: :baffled:

මනුස්සයෙක්ට වැදගත් දෙයක් පෝස්ට් කරන්න අද නත්තල් දීනේදි වත් හිතට ගනින් නිකන්
kk,mmm, bbb, oo, mm, kooo, kkkkkkkk, gg, kooo, elaa, jjj, yesssssssssssss, hikss පෝස්ට් නොකර.
:)
 

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    දැන් ලැබුණු විශේෂ නිවේදනයක්>>>>
    රත්නපුරේ පොත්ගුල් කන්ද නාය යැමේ දැඩි අවදානමක් ඇති බව යුධ හමුදාව මගින් මේ මොහොතේ රත්නපුර අවට දැනුවත් කරමින් සිටී.එම කන්ද නාය ගිය හෙත් කළු ගග හරස් වි විශාල විනාශක් වන බව දැනුම් දෙනවා..දන්න අයට දැනුම් දෙන්න..ඒ අවටට ගිය සහන සේවා පිරිස්වලටත් දැනුම් දෙන්න..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    how is today weather in your area?


    rain-nature-animated-gif-32.gif


    puttalam_cha_map.gif
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    අද උදෑසන 6.30න් අවසන් වූ පැය 21 කාලයේදී කැලණි ගඟ නිම්නයේ ඉහළ කොටසේ පිහිටි දැරණියගලට මිලිමීටර 65.5 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කැලණි ගඟ නිම්නයේ ඉහළින් පිහිටි නෝර්වුඩ් පෙදෙසට මිලිමීටර 57.7 ක වර්ෂාවක්ද, මැද කොටසේ පිහිටි කිතුල්ගල පෙදෙසට මිලිමීටර 55.3 ක වර්ෂාවක්ද ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත වල සටහන් වේ.

    කැලණි ගඟේ ඇතැම් ස්ථානලට මිලිමීටර 75ට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

    සඳුඳා රාත්‍රියේ (29) රත්නපුරයට හා තවලමට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්ත-ු ගංවතුර පුරෝකථන වාර්තාවේ දැක්වේ.

    සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණද තවමත් ගංඟාවල ජල මට්ටම ඉහළ යන බවක් පෙන්නුම් කර නොමැති බවත් ඉදිරි පැය කිහිපයේදීද අඛණ්ඩව වර්ෂාව ලැබුණහොත් ජල මට්ටම නැවත වරක් ඉහළ යෑමේ අවදානමක් තිබෙන බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද 30 උදෑසන නිකුත් කළ වාර්තාවට අනුව කැලණි, කළු, ගිං හා නිල්වලා යන ගංඟාවල ජල මිණුම් ස්ථානවලට පහත සඳහන් වර්ෂාපතන ලැබී තිබේ.

    ⦁ කැලණි ගඟ - දැරණියගල මිලිමීටර 65.5
    ⦁ ගිං ගඟ - තවලම මිලිමීටර 61.1
    ⦁ කැලණි ගඟ - නෝවුඞ් මිලිමීටර 57.7
    ⦁ කැලණි ගඟ - කිතුල්ගල මිලිමීටර 55.3
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    රත්නපුරේ ගංවතුර යළි ඉහළට
    (හර්ෂණ තුෂාර සිල්වා)

    රත්නපුරයේ ගංවතුර මට්ටම ඉහළ යමින් තිබෙන බව ආපදා කළමනාකරණ ආයතනය අනතුරු අඟවයි.

    සඳුදා (29) රාත්‍රියේ ඇති වූ වර්ෂාපතනයත් සමඟ කළු ගඟ ආශ්‍රිත රත්නපුර ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි එම මධ්‍යස්ථානය මහජනතාවෙන් ඉල්ලා සිටියි.