Extreme weather updates 2018

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Ada hawasa idan pattaama wessak wahinna yanne

    Zug7wjV.png


    fKnCPlK.png


    SVVAmst.png


    https://www.windy.com/?rain,7.820,81.431,7 :sorry::shocked::eek:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    තවදුරටත් වැසි ඇති වුවහොත් ජා ඇල වේල්ල අවදානමකට ලක්විය හැකි බවයි වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ. මේ හේතුවෙන් වැලි කොට්ට යොදා ඇති බවත් යම් හෙයකින් වේල්ල බිදී ගියහොත් උස්වැටකෙයියාව මෝය කට පුළුල් කොට ජලය බැස යැවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.


    ජාඇල වේල්ල ආශ‍්‍රිතව කිසියම් හදිසි තත්වයක් ඇති වුවහොත් අවශ්‍ය කටයුතු සඳහා හමුදා සෙබළුන් 800ක් එම ප‍්‍රදේශයේ රඳවා සිටිනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් අධ්‍යක්‍ෂ බි‍්‍රගේඩියර් අතුල ආරියරත්න කියා සිටියේ අවශ්‍ය බෝට්ටු ස්ථානගත කර තිබෙන අතර යම් හෙයකින් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් අවට සිටින ජනතාව විමසිල්ලෙන් පසුවන්නැයි ද ඔහු මෙහිදී ඉල්ලා සිටියා.


    Nneth
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින හෙයින් රත්නපුර සහ මිල්ලකන්ද ප්‍ර⁣දේශවල ජනතාව කළු ගගේ ජල මට්ටම පිළිබඳ අවදානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි