රුහුණු සරසවියට පැන සිසුන්ට පහරදුන් මැරයන් අත් අඩංගුවට ගන්නවා වෙනුවට සරසවිය දින නියමයක් නැතිව වසා දමයි: ෆූටා නපුංසකෝන්ට ලියයි----
(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.03, ප.ව.3.00) මරාණ්ඩුවේ ඇමතිවරුන් මන්ත්රීවරුන් ප්රමුඛ මැරයින් පිරිසක් විසින් ඊයේ (02) පස්වරුවේ රුහුණු සරසවියට පැන සිදුකළ මැර ප්රහාරයට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගන්නවා වෙනුවට රාජපක්ෂ ආණ්ඩුව අද රුහුණු සරසවිය දින නියමයක් නැතිව වසා දමා තිබේ.
මේ හේතුව නිසා සරසවියේ පරිපාලන ගොඩනැගිල්ලට එකතු වී ආරක්ෂාව පතා සිටි සිසු දරුවන් අනාථ භාවයට පත්ව ඇති අතර නිවෙස් බලා යෑමට එළියට යන සිසුන්ට මැර ප්රහාර එල්ල වෙතැයි බියෙන් ඔවුන් ඒ පිලිබඳ පැමිණිලි කර ඇත. නිවෙස් බලා යන සිසුන්ට පොලිසිය ආරක්ෂාව දෙන බව පවසා ඇත.
පොලිසිය එසේ කීවද ඊයේ ප්රහාරයට ලක් වූ සිසුන්ගෙන් රෝහල්ගත කළ යුතුව තිබූ සිසුන් දෙදෙනෙක් අද දහවල් දක්වාම රෝහලකට යවා ගත නොහැකිව සිටියහ.