FACE BOOK සයිබරයේ වංකගිරිය - කාටුන් කියෑවීම

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    FACE BOOK සයිබරයේ වංකගිරිය - කාටුන් කියෑවීම

    සයිබරයේ වංකගිරිය - කාටුන් කියෑවීම




    fa1.jpg
    ෆේස්‌බුක්‌ යනු (FACE BOOK) ඇමරිකාවේ කැලිෆෝනියාවේ මෙන්ලෝ පාර්ක්‌හි (Menlo Park) පිහිටුවා ඇති ඇමරිකානු සබැඳි සමාජ මාධ්‍ය ජාල සේවා සමාගමකි. මෙය වර්ෂ 2004 පෙබරවාරි මස 4 වැනිදා ආරම්භ කරන ලද අතර එහි ප්‍රධානියා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වනුයේ මාර්ක්‌ සකර්බර්ග් (Mark Zuckerberg) ය. මෙම සමාගමේ ප්‍රධාන සෙසු අය වනුයේ එඩ්වාර්ඩෝ සෙව්රින්, ඇන්ඩෘ මැකෝලම්, ඩස්‌ටින් මොස්‌කොවිටිස්‌ හා ක්‌රිස්‌ හියුග්ලස්‌ය. ෆේස්‌බුක්‌ (මුහුණු පොත) ආරම්භය හාවඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම ලැබූ මේ කිහිප දෙනාගේ එකතුවක්‌ විය. මාර්ක්‌ අන්තර් ජාල මෘදුකාංග ගැන අධ්‍යයනය කරමින් ඒවා සකස්‌ කිරීම පිළිබඳ අත්හදා බැලීම් සිදු කළේය. ඔහු තම මිතුරන් සමඟ එකතු වී මිතුරු සමාජයක්‌ පරිගණකය මගින් අන්තර් ජාලය භාවිතා කොටස සකසන අන්දම ගැන සාකච්ඡා කළේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 2003 වසරේදී ඔහු සහ ඔවුන් එකතුවී Face Mash නමින් (ෆේස්‌ මේෂ්) වෙබ් අඩවියක්‌ නිර්මාණය කළේය. විශ්වකෝෂයට වඩා මිනිසුන් සම්බන්ධ කළ හැකි විශ්වනීය වෙබ් අඩවියක්‌ නිර්මාණය කිරීම මාර්ක්‌ගේ අරමුණ වූ බව පසුව ඔහු ප්‍රකාශ කළේය. මොවුනගේ මේ zෆේස්‌ මේෂ්' සමාජ ජාලය ක්‍රියාත්මක වූයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ සර්වර් එක හරහාය. මුලදී විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එහි සාමාජිකත්වය ලබාගත් අතර පසුව අමුත්තන් 2200 ක්‌ හා ඡායාරූප 2200යක්‌ එයට ආකර්ෂණය විය. එහෙත් දින කිහිපයකට පසු හාවඩ් හි පාලකයන් විසින් එය වසා දමන ලද්දේ මාර්ක්‌ ස්‌කර්බර්ග්ව විශ්වවිද්‍යාලයෙනුත් නෙරපා දමමිනි. විශ්වවිද්‍යාලයේ ආරක්‌ෂාව හිමිකම් අයිතිය, පෞද්ගලිකත්වය හා රහස්‌ උල්ලංඝණය කළැයි විශ්වවිද්‍යාල පරිපාලනය ඔහුට චෝදනා එල්ල කළේය.

    2004 ජනවාරි මාසයේදී ස්‌කර්බර්ග් The Face Book ලෙස හඳුන්වන නව වෙබ් අඩවියක්‌ සඳහා වැඩ කටයුතු ආරම්භ කරන්නේ ඉන් පසුවය. 2004 පෙබරවාරි 4 වැනිදා ඔහු FACE BOOK ආරම්භ කළේය. සාමාජික්‌වත්වය ප්‍රථමයෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට සීමා කෙරුණි. පළමු මාසයේදී උපාධි අපේක්‌ෂකයන් හරි අඩකට වැඩි සංඛ්‍යාවක්‌ එහි ලියාපදිංචි විය. එඩ්වාර්ඩෝ, ඔස්‌ටින්, ඇන්ඩෘ සහ ක්‌රිස්‌ මේ වෙබ් අඩවිය වර්ධනය කිරීමට ස්‌කර්බර්ග්ට සහාය දීමට එක්‌විය. 2004 මාර්තු මාසයේදී ෆේස්‌ බුක්‌ කොලොම්බියා, ස්‌ටැන්ෆෝඩ් සහ යේල් විශ්වවිද්‍යාලද එකතුකර ගත්තේය. 2004 මැයි මාසයේදී ස්‌කර්බර්ග් FACE BOOK සමාගමේ සභාපති බවට පත්විය. 2004 ජුනි මාසයේදී ෆේස්‌බුක්‌ මෙහෙයුම් මධ්‍යස්‌ථානය කැලිෆෝනියාවේ Palo Alto වෙත ගෙන ගිය අතර එම මාසයෙන් පසුව Paypal සම නිර්මාතෘ පීටර් ටීල් වෙතින් ෆේස්‌බුක්‌ වෙත පළමු ආයෝජනය ලැබිණි. 2005 දී ෆේස්‌බුක්‌ වෙබ් අඩවියට ඇමරිකානු ඩොලර් 200, 000 ක්‌ ආයෝජනය කිරීමෙන් පසු සමාගම පුළුල් විය. 2005 මැයි මාසයේදී ඇසිල් හවුල්කරුවන් (Accel Partners) ෆේස්‌බුක්‌ වෙත ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ක්‌ ආයෝජනය කළේය. 2006 සැප්තැම්බර් 26 වැනි දින වලංගු ඊම්ල් ලිපිනය සහිතව ඇති අවම වයස අවුරුදු 13 අයටත් ෆේස්‌බුක්‌ සඳහා අවතීර්ණ වීමට ඉඩ ලබා දුනි.

    2008 ඔක්‌තෝබර් මාසයේදී ෆේස්‌බුක්‌ නිවේදනය කළේ එහි එක්‌ ජාත්‍යන්තර මූලස්‌ථානයක්‌ අයර්ලන්තයේ පිහිටා ඇති බවය. 2009 ජනවාරි මාසයේදී Compete. com අධ්‍යයන ලෝක ව්‍යාප්ත මාසික ක්‍රියාකාරි පරිශීලනයන් විසින් භාවිතා කරන ලද වඩාත්ම සමාජ ජාල සේවාව ෆේස්‌බුක්‌ බවට පත්විය. 2010 ජුලි වන විට මෙය භාවිතා කරන්නන් මිලියන 500 ඉක්‌මවීය. ෆේස්‌බුක්‌ සිය S1 ලියවිල්ල සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමඟ 2012 පෙබරවාරි 1 දා ඉදිරිපත් කළේය. සමාගම ඉතිහාසයේ විශාලම සැපයුම්වලින් එකක්‌ වන ඩොලර් මිලියන 5 ක මූලික කොටස්‌ නිකතුවක්‌ ඉල්ලා සිටියේය. මෙම කොටස්‌ නිකුතුව එක්‌සත් ජනපද ඉතිහාසයේ තුන්වන විශාලතම නිකුවක්‌ වන ඩොලර් බිලියන 16 ක්‌ විය. මැයි 18 කොටස්‌ වෙළෙ¹ම ආරම්භ විය. ෆේස්‌බුක්‌ හි 2017 දී ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 20,203 ක්‌ විය. එහි මුළු වත්කම ඩොලර් බිලියන 84524 (2017 දී) කි. පරිශීලනය බිලියන 2.2 (2018 ජනාවරි) කි.
    ෆේස්‌ බුක්‌ අඩිවිය භාවිතා කිරීම සඳහා ලියාපදිංචි වීමෙන් පසුව පරිශීලකයන් ඔහුගේ නම, රැකියාව, පාසල් සහභාගිත්වය සහ වෙනත් අයුරින් විදහා දැක්‌වෙන පැතිකඩක්‌ (profile) නිර්මාණය කළ හැකිය. පරිශීලකයන්ට වෙනත් පරිශීලකයන් මිතුරන් ලෙස හුවමාරු කළ හැකි පණිවුඩ, ඡායාරූප බෙදා ගැනීම, වීඩියෝ හා සැබෑ විවිධ මෘදුකාංග යෙදුම් භාවිතා කළ හැකිය. මිට අමතරව පරිශීලකයන් හට නුසුදුසු පුද්ගලයන්, වංචාකරුන්, සමාජ විරෝධීන් ගැන පැමිණිලි කිරීමට හෝ අවහිර කිරීමට හෝ කරවීමට හැකිය. මෑත කාලවලදී ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී කථන, හා ප්‍රචණ්‌ඩත්වය පිළිබඳව ද දැඩි පීඩනයකට ෆේස්‌බුක්‌ මුහුණදී තිබේ.
    ෆේස්‌බුක්‌, පරිගණකය හෝ ජංගම දුරකථනයෙන් භාවිතා කරන පුද්ගලයන්ට අන්තර්ජාලය හරහා ලෝකයේ ඕනෑම තැනක සිටින මිතුරන්, ඥාතීන් අතර සම්බන්ධතාවය පවත්වා ගැනීමට ඉඩ ලබා දේ.

    2011 වර්ෂයේ ජනවාරි 4 වැනිදා ෆේස්‌බුක්‌ පිටුවලින් සාමකාමී විරෝධතාවයකට, ඊජිප්ප්තු විප්ලවය ආරාධනා කරන ලදී. ටියුනීසියාවේ හා ඊජිප්තුවේ ෆේස්‌බුක්‌ සියල්ල විරෝධතාකරුවන් සම්බන්ධ කිරීමට මූලික මෙවලමක්‌ වූ අතර මුබාරක්‌ගේ රජය ෆේස්‌බුක්‌, ට්‌විටර් හා තවත් වෙබ් අඩවි ජනවාරි 26 දින සිට තහනම් කරන ලදී. ඉන්පසු ඊජිප්තුවේ සියලුම ජංගම හා අන්තර් ජාල සම්බන්ධතා 2011 ජනවාරි 28 මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන ලදී. ඉන් දින 18 කට පසු ඊජිප්තු ජනාධිපති හොස්‌නි මුබාරක්‌ ඉල්ලා අස්‌විය.

    2009 ජුලි මාස චීනයේ ඇතිවූ උර්මුකි කැරැල්ලෙන් පසු චීනයත්, ඉරානය හා උතුරු කොරියාවත් ෆේස්‌බුක්‌ ස්‌ථිරවම අවහිරකොට ඇත. බංග්ලාදේශය 2015 නොවැම්බර් 18 ෆේස්‌බුක්‌ තහනම් කළ අතර 2011 අග භාගයේදී ඒ තහනම ඉවත් කළේය. 2011 ඊජිප්තු විරෝධී කාලයේදී (අරාබි වසන්තය) මලයාසියාවද ෆේස්‌බුක්‌ අවහිර කළේය. 2012 නොවැම්බර් මසදී ටජිකිස්‌ථානයේ ජනාධිපති ඓමොමලයිරාම්මොන් සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුට මඩ හා අපහාස පැතිර යැම නිසා ෆේස්‌බුක්‌ අවහිර කළේය. කියුබාවව නිල වශයෙන්ම ෆේස්‌බුක්‌ තහනම් කර ඇත. එහෙත් එහි දේශපාලනඥයින්ට, සමහර මාධ්‍යවේදීන්ට, වෛද්‍ය සිසුන්ට පමණක්‌ ඔවුන්ගේ නිවෙස්‌වල සිට නීත්‍යානුකූලව පිවිසිය හැකිය. අන් සියල්ලන්ට අන්තර් ජාලයටද පිවිසීමට හැක්‌කේ අන්තර් ජාල කැෆේ හරහා පමණි. මේ සඳහා පැයට ඩොලර් 6 - 10 අතර පිරිවැයක්‌ වැය වේ. එහෙත් මාසික වේතනය ඩොලර් 20 ක්‌ වන අයට මෙය කිරීමට නොහැක.

    සිරියාව 2007 සිට ෆේස්‌බුක්‌ අවහිර කර ඇත. 2011 දි ජනාධිපති බෂාර් අල් අසාද් විසින් නැවත තහනම ඉවත් කරනලදී. මුරුසියේ ප්‍රසිද්ධ පුද්ගලයන් නමින් ව්‍යාජ ෆේස්‌බුක්‌ නිර්මාණය කිරීම විනෝදාංශයක්‌ බවට පත්විය. 2007 දී මුරුසියේ අගමැති නමින්ද ව්‍යාජ ෆේස්‌බුක්‌ පිටුවක්‌ නිර්මාණය වූ පසු මේ තහනම කාලයක්‌ පැවැතිණි. පාකිස්‌ථානය 2010 දී ෆේස්‌බුක්‌ පිවිසීමට බාධා කළේය. සති 2 කට පසු තහනම ඉවත් කළ මුත් ඒවා ගැන දැන් දැඩි සෙවිල්ලෙන් පසුවෙයි. වියට්‌නාමයේ 2009 නොවැම්බර් මාසයේදී ෆේස්‌බුක්‌ පිවිසීමට නොහැකි වූ බවට වාර්තා විය. 2013 සැප්තැම්බර් මස සිට වියට්‌නාමයේ ක්‍රියාත්මක කළ 72 වන නියෝජගය අනුව සමාජ මධ්‍ය වෙබ් අඩවියේ ප්‍රවෘත්ති හා වෙනත් පුවත් ඇතුළු කිරීම පරිශීලනය තහනම්ය. එරිත්රියාව 2013 දී වෙබ් අඩවි අවහිර කර ඇත. ඉන්දියාව 2017 දි කාශ්මීරයේදී ට්‌විටර් හා ෆේස්‌බුක්‌ තහනම් කරන ලද්දේ පාකිස්‌ථාන හමුදාව හා පාකිස්‌ථානය අතර පිටුබලය ලබන සමාජ විරෝධී හා සමාජ විරෝධී මූලධර්ම යන්ගෙන් සමාජ මාධ්‍ය යොදා ගැනීම නිසාය.

    ශ්‍රී ලංකාව 2018 මාර්තු මාසයේදී ෆේස්‌බුක්‌ තහනම් කළේ වාර්ගික ගැටුම් ඇතිවේ යෑයි යන බිය නිසාය. ශ්‍රී ලංකාවේ සුළුතර මුස්‌ලිම් ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්‌ඩ ක්‍රියා නතර කිරීමට අනෙක්‌ සමාජ ජාලා ද සමග ෆේස්‌බුක්‌ තහනම් කරන ලදී. එහි තාවකාලික තහනමක්‌ විය.

    ජර්මනියේ 2015 දි යුරෝපීය සංක්‍රමණික අර්බුදය රට තුළ පැවැති විට සංක්‍රමණික හා දේශපාලන නීති ගැටලු පිළිබඳව පුළුල් සාකච්ඡාවක්‌ මේ මාධ්‍ය තුළින් සිදුවිය. 2016 වනවිට ෆේස්‌බුක්‌ වෙතින් අදහස්‌ හා අන්තර්ගතයන් මකා දැමීමට අවශ්‍ය විය. ඉන්පසු ෆේස්‌බුක්‌ හි ප්‍රකාශ නීති විරෝධී අන්ත දක්‌ෂිණාංශික අදහස්‌ මකා දැමීමට පටන් ගත්ත්ය. ෆේස්‌බුක්‌ ඇතුළු ජර්මනියේ සියලු වෙබ් අඩවි 2018 දී පාලනය කිරීමට නීති ගෙනාවේය.

    FACEඊධධණ නමින් ලෝක ව්‍යාප්තව ඇති මේ සමාජ ජාලා අඩවිය පිළිබඳව කාටුන් ශිල්පීන් විසින් ඇඳ ඇති කාටුන් බොහෝය.

    cart-1.jpg
    රොනල්ඩ් ස්‌ටැබර්ස්‌ (Ronald stabbers) ගේ කාටුන් නිර්මාණයේ දැක්‌වෙන පරිදි FACE BOOK හි සංකේතය වන F අකුර පොඩි දරුවන් ලිස්‌සා යැමේ ක්‍රීඩාව සඳහා භාවිතා කරන උපකරණයේ හැඩයට ඇ`ද ඇත. එහි ලිස්‌සා යැමට කට්‌ටිය ඉණිමඟ දිගේ නැඟ ලිස්‌සන උපකරණයේ වාඩි වෙන්නේ ලිස්‌සා යැමටයි. එහෙත් ඔවුන් එකිනෙක එකා පිට එකා වැටි වැටී පහළට රූටා යයි. එයින් ලිස්‌සා ගොස්‌ බිම වැටුණු කෙනෙක්‌ අන්දමන්ද වී සිටී. කාටුන් ශිල්පියා තම පණිවිඩය මගින් පෙන්වා දී ඇත්තේ FACE BOOK හි අවදානම් බව හා නොදැන එහි ගැවසෙන විට තමන් කොයිවේලේ අමාරුවේ වැටෙනවා දැයි කීමට නොහැකි බවය.

    cart2.jpg
    රොද්රිගු (Ridrigo) ගේ කාටුනයේ දැක්‌වෙන්නේ අඳුරු කාමරයක්‌ තුළ සිටින පුද්ගලයෙක්‌ (එය සිර මැදුරක්‌ විය හැකිය.) ෆේස්‌ බුක්‌ හි සංකේතය වන F අකුරු පිස්‌තෝලයක්‌ මෙන් සිතා තමාගේ හිසට වෙඩි තියා ගැනීමට සැරසෙන ආකාරයයි. ෆේස්‌බුක්‌ මිනිසාව අඳුරු කාමරයක සිරකර ඔහුව අඳුරේ තබා ඔහුගේ මොළය විකල්කර මිනිසා සියදිවි නසා ගන්නා තත්ත්වයට ගෙන ඇවිත් බව රොද්රිගු තම කාටූනයෙන් පෙන්වා දෙයි.

    cart3.jpg
    කාරබෝ (Carayboo) නම් කාටූන් ශිල්පියාගේ කාටුන් නිර්මාණයේ දැක්‌වෙනුයේ පරගණකයක්‌. එහි තිරයේ FACE BOOK මත පුද්ගලයකු සටහන් වී තිබේ. පරිගණක තිරයේ ඇති ෆේස්‌බුක්‌ තුළින් විශාල අත්දෙකක්‌ එළියට විත් පරිගණකය ක්‍රියාත්මක කරමින් ෆේස්‌බුක්‌ බලමින් සිටි එම පුද්ගලයාගේ බෙල්ල අල්ලා මිරිකමින් මෙසේ අසයි. උඹ මොනවද ලියනේ? What Are You Writing මිනිසා පරිගණක තිරය මත ෆේස්‌බුක්‌ හරහා යම් පණිවිඩයක්‌ හෝ තම අදහසක්‌ හෝ ලියා යෑවීමට සූදානම් වනවිට, ඒ ලියන එක සමාජ විරෝධී හෝ සමාජයේ කලබල ඇතිකරන යම් කිසි දෙයක්‌ විය හැකි යෑයි අනුමාන කරන ෆේස්‌බුක්‌, ඒවා තේරුම්ගෙන ඒ අදහස්‌ ලියන පුද්ගලයාට පාලනය කර අල්වාගෙන අඩපණ කිරීමට පවා අනාගතයේ පටන්ගනු ඇති බව මේ කාටුන් ශිල්පියා පෙන්වා දෙයි.

    cart4.jpg
    ලොපෙස්‌ (Lopes) ගේ කාටුනයේ දැක්‌වෙන පරිදි පරිගණකයක්‌ ඉදිරිපිට මිනිසෙක්‌ වාඩිවි සිටී. එම මිනිසාගේ හිස බෙල්ල ළඟින්ම ගැලවී ගොසිනි. ඔහුගේ හිස තිබූ තැන දැන් තබා ඇත්තේ මස්‌ කටුවකි. පරිගණකයේ තිරයේ මෙසේ ලියා ඇත. සුභ පැතුම් ඔබ දැන් ෆේස්‌බුක්‌ මත තබා ඇත.(Congratulations You're Now on Face Book) එසේ මේ පණිවිඩය ඔහු වෙත එවා ඇත්තේ ෆේස්‌බුක්‌ වෙතිනි. ෆේස්‌බුක්‌ හි නිතර ඇලී ගැලී සිටින අයගේ හිස (සිරස) නැතිවී යන බවත් ඒ වෙනුවට ෆේස්‌බුක්‌ මස්‌ කට්‌ටක්‌ ඒ අයට දී ඇති බවත් ඒ මස්‌ කට්‌ට තමාගේ හිස වෙනුවට සවිකරගෙන ෆේස්‌බුක්‌වලට වහල්වී සිටින බවත් ලෝපේස්‌ මේ කාටුන් නිර්මාණයෙන් පෙන්වයි.

    cart5.jpg
    වීදියක ඇවිද යන මිනිසෙක්‌ සහ වීදිය අයිනේ දැන්වීමක්‌ අල්ලාගෙන සිටින මිනිසෙක්‌ තම කාටුන් නිර්මාණයට ඇතුළත්කර ඇත්තේ ඩුෆී (Duffy) නම් කාටුන් ශිල්පියාය. දැන්වීමේ ලියා ඇත්තේ ඔබ මාගේ. මුහුණු පොතේ මිතුරා වනු ඇත. (Will you Be My Face book Friendා) කියාය. මුහුණු පොත (Face Book) මගින් හඳුනාගත් මිතුරකුට හෝ මිතුරියකට හමුවීමට පැමිණෙන්නැයි එම පුද්ගලයා කියා ඇත. එවිට ඒ පැමිණෙන පුද්ගලයාට තමාව හඳුනා ගැනීමට ඔහු මෙසේ දැන්වීමක්‌ ලියා අල්වාගෙන සිsටින්නේ ඔහු - ඇය එනතුරුය. ෆේස්‌බුක්‌ සමාජ ඇතිවීම මිතුරුවීම මිතුරු මිතුරියන් ආශ්‍රය කිරීම ආදීන් ගැන මේ කාටුනය පෙන්වා දෙයි.

    cart6.jpg
    සයිමන් නැසකා (Simon Nsaka) ගේ කාටුනයේ දැක්‌වෙන්නේ Face book නමැති සිර මැදිරියේ සිරවී සිටින කාන්තාවකි. ඇය සිර මැදිරියෙන් පිටත පුවත්පතක්‌ කියවමින් සිටින තවත් කාන්තාවකට තම ජංගම දුරකථනය දෙයි. ඒ දෙන්නේ පුවත්පත පසෙකට දමා අර ජංගම දුරකථනය මගින් අන්තර් ජාලයට ගොස්‌ එහි ඇති ෆේස්‌බුක්‌ මගින් හෝ වෙනත් අන්තර් ජාල පහසුකමකින් හෝ පුවත්පත් කියෑවීමට යොදා ගන්නා ලෙසය. නමුත් පුවත්පත අතැති කාන්තාවගේ ප්‍රතිචාරය එතරම් හොඳ නැත. ෆේස්‌බුක්‌ මිනිසාව සිරකර තබන බව නැසකා මේ කාටුනයෙන් පෙන්වා දෙයි.

    cart7.jpg
    ස්‌ටීවර්ස්‌ (Stivers) නිර්මාණය කර ඇති කාටුනයේ පිරිමි ළමයෙක්‌ ඇඳ මත නිදාගෙන සිටී. එය රාත්‍රිය විය හැක. ඇඳ ළඟ ඇති 'කබඩ්' එක මත පරිගණකය තබා ඇත. එය ක්‍රියාත්මක කරමින් ඔහු නින්දත් නොනින්දත් අතර සිටී. ඔහු අන්තර් ජාලය හරහා ෆේස්‌බුක්‌ ගිණුම ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනේ. කාටුනයේ වාක්‍ය කණ්‌ඩයක්‌ ලියා ඇත. "ඔහු නව ෆේස්‌බුක්‌ මිතුරන් තිස්‌ දෙනකු සමග කටයුතු කරන අතර ඔවුන් එහි ගිය ආකාරය පිළිබඳව නොදනී. (He work
    up with thirty New Face Book Friends and No ldea How They Got There) තරුණ ළමයි නින්දට යන්නේත් නිදාගෙන ඇහැරි ඇහැරී ෆේස්‌බුක්‌ සමඟ ගනුදෙනු කරමින් නින්දත් නොනින්දත් අතර සිටින බව මේ කාටුනය පෙන්වා දෙයි.

    cart8.jpg
    එක්‌ කාටුනයක දැක්‌වෙන්නේ වංගගිරියක්‌ සහ එය ඉදිරිපිට සිටින පිරිමි ළමයෙකි. වංකගිරියේ ෆේස්‌බුක්‌ සාදරයෙන් පිළිගනියි. (welcome to Face book) යනුවෙන් දැන්වීමක්‌ සවිකර ඇත. ළමයා වංකගිරියට ඇතුළුවීමට බලාගෙන සිටී. කාටුනයේ තව වාක්‍යයක්‌ ලියා ඇත. එනම් "කවදාවත් පිටතදී අනතුරු ඇඟවීමක්‌ නැත· යනුවෙනි. (warning once in....Never Out!) මෙය ෆේස්‌බුක්‌ පිළිබඳව ඇති බලවත් අනතුරු හැඟවීමකි. වංකගිරියට ඇතුළුවූ පසු එහි පිටවීමේ දොරටුව සොයාගැනීම ඉතා අමාරුය. කොයි අතට ගියත් තව තවත් වංකගිරියේ සිරවේ. එළියට ඒමට නොහැක. මෙයින් අනතුරු හඟවා ඇත්තේ ෆේස්‌බුක්‌ ද මේ වංකගිරියක්‌ හා සමාන බවය. වංකගිරියෙන් පිටතින් අනතුරු ඇඟවිමක්‌ නැත. ෆේස්‌බුක්‌ද එසේමය. එය ඇතුළට ගියවිට ගැලවීමක්‌ නැත. තව තවත් ඒ තුළම සිරවේ.

    cart9.jpg
    ඩේව් ග්‍රෑන්ලන්ඩ් (Dave Granlund) ගේ කාටුනයේ දැක්‌වෙන්නේ මාර්ක්‌ ස්‌කර්බර්ග්ය. ඔහු අතේ ඇමරිකානු ඩොලර් 100, 5, 1 මුදල් නෝට්‌ටු තුනක්‌ ඇත. ඒවා අතින් ගෙන ඔහු මෙසේ කියයි. "වඩාත්ම අදහස්‌ කරන මුහුණු" (And The Faces That Mean The Most) සහ මුහුණු පොත (Face book) කාටූන් ශිල්පියා මින් පෙන්වා දී ඇත්තේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ මුහුණුවලින් මාර්ක්‌ ස්‌කර්බර්ග් වැඩි වැඩියෙන් ඩොලර් උපයමින් සිටින බවය.

    cart10.jpg
    පැට්‌රික්‌ චපත්තේ (Patrick Chappatte) ගේ කාටුනයේ මාර්ක්‌ ස්‌කර්බර්ග් පරිගණකයේ තිරයේ ෆේස්‌බුක්‌ බලමින් සිටී. පරිගණක තිරයේ මෙසේ සටහන් වී ඇත. "ඔබගේ කොටස්‌ ඩොලර් බිලියන 20 ක වටිනාකමනින් යුක්‌තයි." (Your She res are worth (Dollar) $ 20 Billion) මෙය දකින මාර්ක්‌ ස්‌කර්බර්ග් මෙසේ කියයි. "මට මිතුරන් සමඟ බෙදා ගැනීමට අවශ්‍ය නැත". (I Don't Want to Share with Friends!) ඔහු මෙතැනදී ආත්මාර්ථකාමී වි ඇත. ෆේස්‌බුක්‌වල නිතරම ඇත්තේත් එහි න්‍යාය වී ඇත්තේත්, ඕනෑම අදහසක්‌, ඡායාරූපයක්‌ හෝ එවැනි දෙයක්‌ මිතුරන් අතර බෙදා ගැනීමයි. (Share) එහෙත් මෙතැනදී ෆේස්‌බුක්‌ නිසා ඒ හරහා කොටස්‌ විකුණා ලැබී ඇති ඩොලර් බිලියන 20 ඔහු මිතුරන් සමඟ බෙදා (Share) නොගනී. ඒවා ඔහුටය.ඉතින් ෆේස්‌බුක්‌ බලන, පරිශීලනය කරන අයට ඉන් ලැබෙන ලාභයක්‌ නොමැති බවත් සියල්ලම මාර්ක්‌ට බවත් චපත්තේ මෙයින් පෙන්වා දෙයි.


    රුවන් තරස්‌වින්
    [email protected]
     
    • Like
    Reactions: 9dimuthu

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් මිලිය න ගණන යූසර් ඩේටා තර්ඩ් පාටිවලට විකුණලා මාට්ටු නේද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බංග්ලාදේශය 2015 නොවැම්බර් 18 ෆේස්‌බුක්‌ තහනම් කළ අතර 2011 අග භාගයේදී ඒ තහනම ඉවත් කළේය.


    :baffled::baffled: