මීලග ප්‍රශ්නේ
ඇයි ඇන්ඩ්‍රොයිඩ් ෆැල්ග්ශිප් ඩිවයිස් වලටවත් ir camera,dot projection වගේ දේවල් දාලා හදන්නේ නැත්තේ?
ඒකට හරීම උත්තරයක් මම දන්නෙ නැහැ. මේ මට හිතෙන දේ,
iPhones වල FaceID, TouchID, Keychain Passwords, Wallet එකේ cards වගේ දේවල් වල data ඔක්කොම store වෙන්නෙ Secure Enclave කියන dedicated secure subsytem එකේ. ඒකෙ data process වෙන්නෙත් Main Processor එකෙන් වෙන් වුන SEP (Secure Enclave Processor) එකෙන්.
ඒ නිසා අපේ Face Map එක වගේ personal data හැම වෙලේම ගොඩාක් secure. Android වල තාම එහෙම කොයි manufacturere ගෙවත් මම එහෙම දැකලා නෑ..
ඉතින් එහෙම තියෙද්දි personal data කොහෙට හරි leak උනොත්, මොකෙක් හරි ඕවා අරගෙන මොකක් හරි පිස්සුවක් කෙලියොත් අර companies වලට හෙනම ලෙඩක් වෙනවනේ.
Android වල හුඟාක් දේවල් වලදි වගේ, hardware එක්කෙනෙක්ගෙ, softwares තව කෙනෙක්ගෙ නිසා මේවගේ දේවල් කරන එක එච්චරම ලේසි නැති නිසා ඒවා අත ඇරෙනවා කියලයි මට හිතෙන්නෙ.
අනික් එක තමයි, Samsung ගත්තොත්, එයාලගෙ products lineup එකේ පට්ට phones ගොඩක් තියෙනවනේ. අවුරුද්දකට models තොගයක් release කරනවානේ.
එහෙම උනාම flagship එකකට උනත් යොදවන කාලය සාපෙක්ශව අඩු වෙන්න ඕනෙ iPhone එකකට වඩා.
iPhones අවුරුද්දකටම වැඩිම උණොත් devices 5i release කරන්නේ. සමහර වෙලාවට, පල්ලෙහා models වලට ඊට කළින් අවුරුද්දෙ SoC එක (Processor එක) use කරනවා. [Eg: iPhone 14 එකේ තියෙන්නෙ Apple A15 Bionic (iPhone 13 Series එකේ ආව processor එක) නමුත් iPhone 14 Pro series එකේ Apple A16 Bionic එක තමයි තියෙන්නෙ.]. එතකොට already ඒ ඒ hardware, softwares compatible කියන එක සහ bugs නෑ කියන එක අවුරුද්දක් තිස්සෙ confirm වෙලා තියෙන්නෙ. ඒ නිසා අමුතුවෙන් ඒවට කාලය වැය කරන්න දෙයක් නෑ.
Androids වල මෙහෙම දෙයක් අලුතින්ම පටන් ගන්න නිසා කරන්න ඕනෙ research, trials සහ hardware design කරලා manufacture කරන්න කියන මේ ඔක්කොටම වැය වෙන කාළය සහ මුදල බැලුවම තියෙන front cam එකෙන් විතරක් face එක recognize කරලා unlock කරන්න දෙන එකෙනුයි, තියෙන fingerprint එකෙනුයි, phone එක unlock කරන්න දෙන එක ලාබ ඇති.
(Samsung Galaxy S10 5G එකේ face unlock එක ඔයිට වැඩියෙ ටිකාක් secure, මොකද ඒකෙ සමහර varients වල time-of-flight (TOF) කියලා 3D sense කරන component එකක් තියෙනවා. ඒකෙන් ලාවට iPhones වල වගේ depth එක measure කරනවා. නමුත් iPhones වල තරමටම perfect සහ secure නෑ. But something is better than nothing)