Facebook යාළුවෝ ඔක්කොම එකසැරේ Google+ වලට

lvsankalpa

Member
Jun 28, 2007
45
27
0
Facebook යාළුවෝ ඔක්කොම එකසැරේ Google+ වලට

Google+ වලට ඉක්මනින්ම මාරුවෙන්න නේ කවුරුත් බලාගෙන ඉන්නේ. එත් Google+ ආපුවම යාළුවො කවුරුවත් නැතුව පාළු හිතෙයි නේ. කොහොමද ? facebook එකේ ඔක්කොම යාළුවෝ එකසැරේට Google+ වලට එකතු කරගන්න තියෙනම්. මෙන්න ඒකට මරු ක්‍රමයක්. ඇත්තටම ලේසි ක්‍රමයක් කලින් නම් තිබුනා. මම මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ටික CSV ‍ෆයිල් එකකට දාගත්තේ ඒ Google chrome extension එකෙන්(ඊයේ) . ඒත් අද වෙනකොට ඒ chrome extension එක facebook එකෙන් බ්ලොක් කරලා. ඒ නිසා මෙන්න වෙන ක්‍රමයක්.

පියවර 1 :
මුලින්ම ඔයාලගේ Yahoo Mail එකට යන්න. දැනට yahoo account එකක් නැත්නම් හදලා හරි යන්න. ගිහින් "Contacts" tab එකේ Actions වල තියෙන "Import contacts" කියන මෙනු එක තෝරන්න. එතන තියෙන ඒවගෙන් facebook අයිකනය තෝරගන්න පුළුවන් නේ. පස්සේ ඔයාගේ facebook එකට යන්න Yahooට අවසර ලබාදීම තමයි කරන්න තියෙන්නේ. ඔන්න දැන් වැඩේ හරි. Yahoo ඔයාට ඔයාගේ facebook යාළුවොන්ගේ නම් සහ ඊ මේල් ලිපින ටික එකතු කරගනීවි.
දැන්ම facebook Contacts ටික කොහොට හරි එකතු කරගෙන තියාගන්න. මොකද ඉස්සරහාට සකර්බර්ග් අයියා මොන පිස්සුවක් නටයිද දන්නේ නෑ නේ.

පියවර 2 :
මේ පියවර නම් දැන්ම කරන්න වෙන්නේ නෑ. ඒත් දැන්ට කියවලා මතක තියාගන්න. Google+ ආවම ගිහින් log in වෙන්න. දැන් දකුණු පැත්තේ sidebar එකේ View and edit කියන button එක click කරන්න. ඊලඟට next window එකේ "Find and invite" click කරන්න. එතනින් "Yahoo" click කරලා කොන්දේසි වලට එකඟ වෙන්න විතරයි තියෙන්නේ. දැන් ඔයාගේ Yahoo Contacts ඔක්කොම Google+ එකට එකතු වේවි. (ඇත්තටම නම් ඉතින් facebook Contacts තමයි)

පිටපත් කළේ කුරුල්ලාගෙන්
 
  • Like
Reactions: firazrox

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඒත් අද වෙනකොට ඒ chrome extension එක facebook එකෙන් බ්ලොක් කරලා.

    දුක තමයි zසකර් පඩි ගන්නකන් කිව්වලු :lol::lol: කොල්ල බය වෙලා... :rolleyes: :rofl::rofl::lol: