විශේෂ පුවතක්
මහින්ද බලයට පැමිණි වහාම ෆේස්බුක් , යුටියුබ් අනෙකුත් සමාජීය සහ විරුද්ධ මත දරන ප්‍රවෘත්ති වෙබ් අඩවි අවහිර කිරීමට මේ වනවිට චීන අන්තර්ජාල විශේෂඥන් සමග සාකච්චා පවත්වමින් සිටි. මේ සඳහා ඔවුන් Bluecoat නමැති මුදුකාංගය භාවිතා කිරීමට අදහස් කරගෙන සිටින බව ආරංචි වේ. මෙය ඇතුලතින් 100 % විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් පැමිණි පුවතකි. ඔබගේ අන්තර්ජාල නිදහස නැති කරන මෙවැනි අන්තවාදී නායකයින් අපිට එපා. මෙය තවත් අරාබි චීන කොලනියක් කරන්නයි හදන්නේ. දේශපාලන අදහස් සහ පක්ෂ වලින් තොරව මෙය හැකි පමනින් ෆේස්බුක් සහ E-mail ඔස්සේ ෂෙයාර් කර සියලු දෙනා දැනුවත් කරනන. අපි සියලු දෙනාම මෙම ක්‍රියාවට එරහිවෙමු.
මට දැනුන එකම හාස්‍ය කරුණනම් රාජපක්ෂ ට බලයට එන්න හැකියාවක් නැහැ. චන්දෙ ඉල්ලන්න එනේ නළලේ පරාජය කොටාගනමයි. හිකිස්
________________________________________________________
මහින්ද ගෙදර යැවූ ෆේස්බුක් විප්ලවය
2015 ජනවාරි 8 දා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉතිහාසයට එක්වුයේ පෙරලා දැමිය නොහැකි කී ඔහුගේ මනංකල්පිත කේතුමතී රාජධානිය ජනතාව විසින් සර්වජන චන්දයෙන් පැරදවීමෙනි. LTTE ත‍්‍රස්තවාදීන් පරාජය කල තමන්ව පරාජය කිරීමට කිසිවෙකුත් නැතැයි යන බොරු අභිමානයකින් පෙලුන මහින්ද රාජපක්සව මේ රටේ ජනතාව විසින් පරාජයට පත් කළේ ඇයි?
මහින්ද රාජපක්ස ආණ්ඩුවේ ස්වර්ණමය යුගය 2005-2009 අතර වූ අතර එය යුද්ධය නිමා වීමෙන් හමාර විය. ජනතාවට යුද්ධය දිනීම සඳහා අධික මිලක් ගෙවීමට සිදුවුවද, ඔවුන් සතුටින් අධික මිල ගෙවා දමුවේ ඉන් වැඩි හරියක් රාජපක්සලාගේ සාක්කුවට යන බව නොදැනය.
2010 න් පසු රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයේදී ජනතාවට සාමය වෙනුවෙන්ද අධික මිලක්ද ගෙවීමට සිදු විය. අාර්ථික දුශ්කරතා, නාස්තිය දූෂණය හොර කම් වංචාවලින් රාජ්‍ය පාලනය දූෂිත විය. විවේචන කල අය මර්දනය කිරීම ඔහුගේ ක්‍රමය විය. මාධ්‍ය වේදීන් ඝාතනය, සුදු වෑන්, හමුදා යෙදවීම්, මාධ්‍ය වාරණය රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කලේය. කොළඹ නගරය අලංකාර කිරීම සතුටක් උවත් ඊට වැය කල අධික මිල ජනතාවට කර පිටින් ගියේය. මේ සියල්ල කල රාජපක්‍ෂ පවුල රාජපක්‍ෂ රෙජිමය ලෙස ගොඩ නැගිනි. ජාවාරම් කාරයන් සමග එකතුවී ඩොලර් මිලියන ගණන්, මහා පරිමාණ කොමිස් ලබා ගැනීම ගැන රාජපක්‍ෂ පවුලටත්, මැති ඇමතිවරුන්ටත් චෝදනා එල්ල වීය. රාජපක්‍ෂ මහතාගේ පුත‍්‍රයන්ගේ නොමනා හැසිරීම ජනතාවට එපාවිය. මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ දැඩි විරෝධතාව මධ්‍යයේ මහනුවර දළදා මාලිගාව වටරවුම රාත‍්‍රි මෝටර් රේස් සඳහා යොදා ගැනීම තදබල විවේචනයට ලක්විය.
රාජපක්‍ෂ පාලනය කෙතරම් දරදඬු වූයේද යත්, 2010 ජනාධිපතිවරණයේදී ප‍්‍රතිවාදී අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා තරු පටි ගැලවී, විශ්‍රාම වැටුපද අහිමිව, නැවතුනේ වැලිකඩ බන්ධනාගාරයේය. අධිකරණ පිළිබඳ ගැටළු ඇතිවීමෙන් නීතිය කඩාවැටුණි. රාජපක්‍ෂට නීතිඥ ප්‍රජාව එරෙහි වූහ. රෙජීමය වෙනසකට කතිකා පටන් ගැනිනි.
2010 ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව 17 වන සංශෝධනය අහෝසි කොට 18 වන සංශෝධනයෙන් තම ධුර කාලය අසීමිතව ඉදිරියටත් ගෙන යෑමට කල කූට උපක්‍රමය මහින්ද රාජපක්‍ෂට පාරා වලල්ලක් වෙමින් ඔහුට එරෙහි බලවේග සියල්ලම එකට සන්නද්ධ වීමට පාදමක් ලබාදිණි. රාජපක්සට විරුද්ධව සිටි මාධ්‍යකරුවන් අතලොස්සක් වුවද, අතිශය මර්ධනය හමුවේ උව, ඔවුන් රාජපක්සලාගේ වංචා දූශණ හා මිනීමැරුම් 2007 ආසන්න කාලයේ සිට ජනතාවට ගෙන ගියහ. ඒවා රාජපක්ස රෙජීමය දවාලීමේ මුල්ම ගිනිපුපුරු විණි.
රාජපක්‍ෂ රෙජීමය ආරක්‍ෂා කිරීමට දමාතිබූ මනා සැලැස්මකින් යුත් බුද්ධි අංශ ආරක්‍ෂිත දැලෙන් රිංගා ගිය එකම පුද්ගලයා ශ්‍රීලනිප මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේනය. රාජපක්ස සමග ඔහු ජීවිතයත් මරණයත් අතර සටනකට පිවිසියේ ජනතාවට තිබූ අාදරය නිසාය. බුද්ධිමත් ජනතාව ඔහු වටා රොක්වූයේ අනාගතයට අසහාය නායකයකු බිහිකරමිනි. සුවිශේෂී කාර්යයක් ඉට කල ජනතා විමුක්ති පෙරමුණ 'රාජපක්‍ෂ පලවා හැරීම' යන මතවේදය රටපුරා ජනතාගත කළහ. මහින්ද රාජපක්සට එරෙහිව ප‍්‍රතිවිරුද්ධ දේශපාලන බලවේග දෙකක් වූ ශ්‍රීලනිපය සහ එක්සත් ජාතික පක්‍ෂය එක්වීමත්, හෙළ උරුමය මුල්ම වෙඩිල්ල පත්තු කරමින් පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් මුල්වීමත් මහින්ද රාජපක්‍ෂ පරාජය වීමට මග පෑදුවේය. සාධාරණ සමාජයක් සඳහා සමාජ ව්‍යාපාරය, පිවිතුරු හෙටක්, පුරවැසි බලය, අලුත් පරපුර, වීදියේ විරෝධය, නීතිඥ එකමුතුව හා බැඳුණු සිවිල් සංවිධාන රාශියක් 2015 බුද්ධි විප්ලවයේ සිටියහ. එය ජාති පාට පක්‍ෂ ආගම් මත නොබෙදුනු පුරවැසි සමාජයක් වීය. හොරකම, බොරුව, වංචාව, මිත්‍යාව හා ප්‍රචණඩත්වයට එරෙහිව ඔවුන් යොදාගත්තේ මෛත්‍රීයයි.
මුළුමනින්ම ජ්‍යොතිෂය මත ගොඩනැගුණු ජනාධිපතිවරණය ආරම්භ වීමටත් කලින් මහින්ද රාජපක්ෂ දැවැන්ත ප‍්‍රචාරණයක් දියත් කළේය. පොදු අපේක්‍ෂකයාට රාජ්‍ය මාධ්‍යවල ඉඩක් නොවීය. මඩ පමණක්ම වීය. මූණුුපොත ඉදිරියට එන්නේ මෙතනදීය.
නවක ඡන්ද හිමි තරුණ පරපුර, බුද්ධිමතුන් තාක්ෂණය ඔස්සේ සමාජජාල හා ෆේස්බුක් හරහා මහින්ද රාජපක්ෂගේ දැවැන්ත චන්ද ප‍්‍රචාරණය අවඥාවෙන් බැහැර කළේ පූතිවිරුද්ද මතය ඉදිරියට ගෙන එන පරිදි කල නිර්මාණ තුලිනි. වචන වලට සීමා නොවූ තරුණ මාධ්‍ය නිර්මාණ අතිශයින්ම හාස්‍ය ජනක වූවා සේම කටුක රාජපක්ස පාලනය තිත්ත සංවාදයකට ලක් කලේය. චායාරූප , කාටුන්, වීඩියෝ නිර්මාණය කල ඔවුහු smart phone හරහා ඒවා සමාජ ගත කලහ. ඔවුනට ජනාධිපතිවරණය ජීවිතය විය.
මහින්ද රාජපක්ස මහත් සයිබර් බලකායක් යොදවා තිබුණද මිලියනක 1.2 ක ෆේස්බුක් ගිණුම් තිබුණ ලංකාවේ දහසකට වඩා තරුණ පරපුර විරුද්ධව ක්‍රියාකාරී වීම ඔවුනට දරාගත නොහැකි විය.මුහුණු පොතේ සටහන් මැතිවරණ වේදිකාවේ විපක්ෂය මොරදුන් නාස්තිය හා සොරකම පිළිබඳ කල ප‍්‍රකාශයන් හා තදින් වැළඳගත් අතර රාජපක්ස ගෙදර යැවීමේ බලය එහි වීය.
එමනිසා හොරකම, නාස්තිය, දූෂණය, පවුල්වාදය විසින් රට විනාස වීම මහින්ද රාජපක්ෂගේ යුද ජයග‍්‍රහණය අභිබවා ඉදිරියට රැගෙන යෑමට පොදු විපක්ෂයට හැකිවිය. කිසිවක් හෝ කිසිවෙකුත් ඔවුන් අත නොහැරියහ.
2005 ජනාධිපති වන්නට කලින් අතිශය සුන්දර මිනිසෙකු වූ ඔහු හොරකම, නාස්තිය දූෂණය වංචාවේ ගිලීම කවර නම් ඛේදාන්තයක්ද? බල තන්හාවේ ගිලීමෙන් ඔහුට ලැබුණේ කුමක්ද? ඔහු චීනයට පමණක් රට ණය කළ ප්‍රමාණය ඩොලර් බිලියන 5කි. එවන් රාජ්‍ය පාලකයන් අපට අවශ්‍ය වේද?
අන් කිසිම සන්නිවේදන ක්‍රමයකට වඩා ෆේස්බුක් සමාජ ජාලය බලසම්පන්නය. ලිබියාවේ ගඩාපි පාලනය පෙරලා දැමුවේ සන්නද්ධ විප්ලවයකිනි. ඊජිප්තුව සමාජ විප්ලවයකිනි. ඉන් දහස් ගණනක් මරණයට පත්විණි. ශ්‍රී ලංකාවේදී රාජපක්ෂ පාලනය පෙරලා දැමුවේ බුද්ධි විප්ලවයක් තුලිනි. එය චන්දය මාර්ගයෙනි.
මහින්ද රාජපක්ෂ වැනි ඉතිහාසගත පුද්ගලයෙකු රටේ බහුතර ජනතාව විසින් පරාජය කිරීම අනාගත දේශපාලනඥයින්ට මහඟු පාඩමකි. එනම් මින් ඉදිරියට දේශපාලනඥයින්ට ජනතාව රැවටිය නොහැකි බවය. කොතරම් ජගතෙකු වුවත් ජනතාවගේ දඬුවම අනුකම්පා විරහිතය.

Last edited: