මහින්ද විමල් ගම්මංපිල Facebook "LIKE"
මහින්ද විමල් ගම්මංපිලට ෆේස් බුක් ලයික් අඩුවුනැයි නොදන්නාකමට නිවේදන කරලා
මහින්ද රාජපක්ෂ, විමල් වීරංවංශ හා උදය ගම්මංපිල යන අයගේ ෆේස් බුක් පිටුවලට සයිබර් ප්‍රහාර එල්ලවී ඇති බවටත් ඒ නිසා පැවති ලයික් අඩු වුණ බවටත් මෙය දේශපාලන පලිගැනීමක් විය හැකි බවටත් අදහස් කරන පුවත්පත් නිවේදන ඊයේ ජාතික පුවත්පත් කිහිපයකම පළවී තිබුණි.
එම නිවේදනය තාක්ෂණික වශයෙන් යාවත්කාල නොවුණ අයෙකු දේශපාලන වාසි ලබාගැනීමේ අටියෙන් නොදන්නා කමට සිදු කර තිබුණ එකක් බව දැන් ආනාවරණය වෙයි.
පසුගිය 12 වනදා සිට ලෝකයේ සියලූම ෆේස්බුක් පිටුවල ලයික් ප්‍රමාණයන්
යම් යම් සංඛ්‍යා වලින් අඩුවූ අතර එයට බලපෑවේ ෆේස් බුක් සමාගම අක්‍රීය ගිණුම් වලින් ලබාදී ඇති ලයික් ඉවත් කළ නිසාය. එම අඩුකිරීම ගැන කල් ඇතිව ඔවුන් නිවේදනය කර තිබුණ අතරම මේ බව ෆේස්බුක් පිටු යාවත්කාල කරන අභ්‍යන්තර පිටුවේද මාසයකට ආසන්න කාලයක්
පැහැදිලිව සටහන් කර තිබුණි.
මේ කිසිවක් නොදැන සයිබර් ප්‍රහාර එල්ලවී ඇති බවට උදය ගම්මංපිල ඇතුළු පිරිස පුවත්පත්වලට ප්‍රකාශ කර ඇති අතරම එය ඔහු ෆේස් බුක් සමාගමට දැනුම් දී ඇති බවට කෙප්පයක්ද පළ කර ඇත.
මුදල් ගෙවා ලයික් ලබාදීමේ ජාවාරම් මැඩීමටත් ෆේස් බුක් සමාගමේ සේවයේ ගුණාත්මක බව ඉහළ නැංවීමටත් මේ වෙනස්කම සිදු කර තිබුණ අතර පසුගිය කාලයේ ලොව පුරා තාක්ෂණික වෙබ් අඩවි වලද මෙම වෙනස ගැන විවිධ සාකච්ඡා ආරම්භ කර තිබුණි.
එය පසුගිය 12 වනදා සිට ක්‍රියාවට නැංවූ අතර ලංකාවේ මෙන්ම ලෝකයේ සියලූම ෆේස් බුක් පිටුවලට එය බලපෑවේය.
ඒ කිසිවක් නොදැන මහින්ද විමල් උදයලාට සයිබර් ප්‍රහාර එල්ලවූ බවට පුවත්පත් මගින් ප්‍රසිද්ධ කර තිබුනේ පහත පරිදිය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාගේ ෆෙස්බුක් රසික පිටුව වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත.
පසුගිය 13 වන සිකුරාදා පස්වරු 7ත් 9ත් අතර උදය ගම්මන්පිල මහතාගේ ෆෙස්බුක්හි පවතින රසික පිටුවේ මනාප 1,200ක් අඩු වී ඇත.
ඒ අනුව වෙනත් රසික පිටු පරික්ෂා කිරීමේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ 15,800ක් ද විමල් වීරවංශ මහතාගේ 4,100ක් ද එසේ මනාප අඩු වී තිබූ බව එම නිවේදනයේ දැක්වෙයි.
රසික පිටුවක මනාප ඉහළ පහළ යෑම සාමාන්‍ය තත්වයක් නමුත් කෙටි කාලයක් මෙතරම් ගණනකින් මනාප අඩුවීම අසාමාන්‍ය තත්වයකි.
මෙවැනි දෙයක් සිදුවිය හැක්කේ යම් විරුද්ධවාදියෙකු විසින් බොට් යනුවෙන් හදුන්වන පරිගණක වැඩසටහන් භාවිතා කර මනාප අඩු කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින්නේ නම් පම‚. මේ පිළිබඳ ෆෙස්බුක් ආයතනයට උදය ගම්මන්පිල මහතා විසින් පැමි‚ලි කර තිබේ.

Source: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2015/03/facebook-like-problem-of-mahinda-wimal.html

Last edited: