Facebook Pages වල තිත්ත ඇත්ත.

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Facebook Pages වල තිත්ත ඇත්ත.

    ලංකාවේ Facebook Page කලාව

    අද මම කතාකරන්න යන්නේ වැඩිය කවුරුත් කතා නොකරන පැත්තක් ගැන. ඒ තමයි ලංකාවේ වගේම Internationally කෙරෙන Facebook Fan Pages ගැන.

    ගොඩක් Facebook Pages Brain Wash කරනව කිව්වොත් උබලා මොකද හිතන්නේ?

    ඉස්සර ඉස්කෝලෙ යනකාලෙත් සමහරු හිටිය නේද කටින් වැඩ පෙන්නං හිටපු අය. උන් ගොඩක් වෙලාවට කරන ජෝක් වලට ඉල කැඩෙන්න හිනාවෙලත් ඇති නේද? තවත් සමහරු හිටිය නේ කුපාඩ් වැඩම කරන.
    මෙ කියපු ජාති වල අයගෙන් හරියට ඉගෙනගෙන හොඳ තැන්වලට ආපු එවුන් නැතුවාම නෙමෙයි, හැබැයි එහෙම ඉගෙන ගත්ත එවුන්ට දවසකට පැය 2-3ක් සමහර වෙලාවලට ඊටත් වැඩියෙන් ඕප දූප කියව කියව විකාර නටන්න වෙලාවක් තියේවිද? (1% විතර සුළුතරයක් ඉඳියි සුපිරි වැඩ්ඩෝ ඔය දෙකම කරන, ඒත් බහුතරයට එහෙම වෙලාවක් නෑනේ)

    ඉතින් ඔය ලන්කාවේ පේජ් කරන්නේ එතකොට සුපිරි පොරවල් ද නැත්නම් අර පිස්සු කෙලපු සෙට් එකේ එවුන් ද?
    අන්න එවුන් තමයි දැන් ලංකාවේ සයිබර් අවකාශේ පාලනය කරන්නේ. එවුන්ගේ මත තමයි දැන් ගොඩක් එවුන්ගේ මතය වෙලා තියෙන්නෙ. එතනින් එහාට කවුරුත් හිතන්න යන්නෙත් නෑ, හිතුවත් කියන්න යන්නෙත් නෑ.

    ඉස්සර කවුරු හරි එකෙක් කියන්න ඇති මහින්ද මැච් බලන්න ගියාම මැච් පරදිනව කියලා, ඒක ඒ කාලේ සමාජ මතය උණා, ඊට පස්සෙ කට්ටිය දෙපැත්ත බෙදිලා චන්දිමාල් ව වර්ණනා කරනවා, සමහරු ගරහනවා. ඇත්තටම උඹල එකෙක් හරි දන්නවද ඇත්ත තත්ත්වය. නෑ. ඒත් අර මතේ දැන් උඹලගේ මතේ වෙලා ඉවරයි.

    සමහරු ඉන්නව බන් ජෝක් එකක් කරලා පාඩුවෙ ඉන්න.
    ඒත් ඒ පේජ් එක කරන්නේ සර්ව සම්පූර්ණ උගතෙක් කියල හිතන් ඒ පේජ් පස්සේ දුවන්නේ නැතුව විහිලුවකට හිනාවෙලා, මතයක් තිබ්බොත් ඒ හැමදෙම එහෙයි කියල බාර ගන්නේ නැතුව, බුද්දියෙන් කල්පනා කරල ඉන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්.

    කිරියෙත් පේජ් කරන අය ඇති. ඒත් කරන්න දෙයක් නෑ බන්, මම කිව්වේ මගේ මතය. රෙප් වලින් බනින්නේ නැතුව කෙලින්ම ඇවිත් විවේචනය කරන්න.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කියන මිනිහට වඩා අහන මිනිහට තම වගකීම තියෙන්නේ මොලේ කල්පනා කරලා කියන දේ පිළිගන්න. :yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අනිවා
    උන් තමයි මිනිස්සුන්ගේ ඔලූ කන්නේ.මොකක් හරි රෙද්දේ ෆොටෝ එකක් හොයන් පට්ට පොර ටෝක්ස් දෙන්නේ.ජීවිතේට උන් වැරද්දක් කරලා නැති උන් වගේ
    දේශපාලන පැත්තත් එහෙම තමයි.කොමත් ඉතින් FBඑකෙන් රටක් වෙනස් කරපු රටක් නේ මේක
     
    • Like
    Reactions: ST.PIERRE

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    කියන මිනිහට වඩා අහන මිනිහට තම වගකීම තියෙන්නේ මොලේ කල්පනා කරලා කියන දේ පිළිගන්න. :yes:

    ඔය දේ ඒ විදිහට උනානම් තාමත් අගමැති රනිල් :lol:

    අනිවා
    උන් තමයි මිනිස්සුන්ගේ ඔලූ කන්නේ.මොකක් හරි රෙද්දේ ෆොටෝ එකක් හොයන් පට්ට පොර ටෝක්ස් දෙන්නේ.ජීවිතේට උන් වැරද්දක් කරලා නැති උන් වගේ
    දේශපාලන පැත්තත් එහෙම තමයි.කොමත් ඉතින් FBඑකෙන් රටක් වෙනස් කරපු රටක් නේ මේක

    ඔව් මචන්, ලංකාවෙ සමහරක් ට මාර ලොකුයි මේ පෙජි කාරයො.
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    හොඳම දේ කට්ටියම එකතු වෙලා රිපෝට් කරන එක​. ෆෝන් හොරා , දායක සභාව වගේ පෙජ් අනිවා ෆේස්බුක් එකෙන් අයින් කරන්නම ඕනි. ලීක් වෙච්ච පොටෝ ටිකක් හොයාගෙන ඒකෙන් සල්ලි හොයනවා. මහමමහ කාලකන්නි. මම නම් මේ දේ ගැන එලකිරියෙත් කතා කරලා තියනවා. ඕනි තරම් රෙප් කපාගෙනත් තියනවා. කැමති උන් ඉන්නව නම් ගිහින් රිපෝට් කරන්න​.

    මීට අමතරව බොරු ගොසිප් සයිට් කාරයො ටිකයි, දේශපාලනික වශයෙන් බෙදිලා මඩ ගහ ගන්න පේජ් ටිකත් රිපෝට් කරන්න​
     
    Last edited:
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    හොඳම දේ කට්ටියම එකතු වෙලා රිපෝට් කරන එක​. ෆෝන් හොරා , දායක සභාව වගේ පෙජ් අනිවා ෆේස්බුක් එකෙන් අයින් කරන්නම ඕනි. ලීක් වෙච්ච පොටෝ ටිකක් හොයාගෙන ඒකෙන් සල්ලි හොයනවා. මහමමහ කාලකන්නි. මම නම් මේ දේ ගැන එලකිරියෙත් කතා කරලා තියනවා. ඕනි තරම් රෙප් කපාගෙනත් තියනවා. කැමති උන් ඉන්නව නම් ගිහින් රිපෝට් කරන්න​.

    ඕව රිපෝට් කළාට වැඩක් නෑ බන්, තව එකක් අටවන් එනවා. :no::no::no::no::no:
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    un page atawan unge mathe idiripath karana eke ehemama loku awulakuth naa neh. unuth eka samaaja panthiyak neh :oo::oo:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උගත්ද නූගත්ද කියන දෙ අදාල කරගන්න බැහැ .
    නමුත් ලංකාවෙ බහුතර ෆෙස්බුක් පෙජස් කරන්නෙ කොළඹින් පිය පැතිවල අය.
    ෆෙස්බුක් විතරක් නෙමෙ අන්තර්ජාලයෙ යම් යම් ක්‍රියාකාරකම් මෙන්ම තාක්ෂණික වශයෙන් නිපුණත්වය මෙන්ම ඊ මනි පැත්තෙනුත් කොළඹට වැඩිය ගම්බද මට්ටමෙ අයගෙන් තමා ප්‍රෆොර්මන්ස් වැඩි.
    අන්තර්ජාලය සහ එ ආශ්‍රිත ක්‍රියාකාර කම් හරියට අපෙ රටෙ වොලිබොල් වගෙ තමා. වොලිබොල් කොළඹට වැඩියෙ පිට පැතිවලනෙ ජනප්‍රිය.

    ඉතිං ෆෙස්බුක් එකෙත් ඔය ලක්ෂනෙ තියෙනවා.
    ෆෙස්බුක් එක හැදුවෙ යුදෙව්වෙක්. යුදෙව්වො කවදත් පීඩිතයා කියන කෙනා වෙනුවෙන් මතයක් ගොඩනගපු එක කාල්මාක්ස් කියන්නෙ එහෙම යුදෙව්වෙක්. ඔය මානවහිමිකම් කාන්තා අයිතින් යුදෙව්වන්ගෙ සංකල්ප .ෆෙස්බුක් එකත් එක්තරාවිදියක සැබැසමාජෙ පීඩිතයන් ගෙ මානසිකත්වයට අස්වැසිල්ලක් වෙන දෙයක්.
    පීඩිතයා එක එක රාමුවට සාපෙක්ෂයි.
    උදාහරණයක් ගමු :
    කෙෆ්සි ,මැක්ඩොනල්ස් යන උන අතරෙ සයිවර් කඩෙන් කන එකා පීඩිතයෙක්.
    එතකොට සයිවර්කඩෙන් කන එකා කෙ එෆ්සි එකට මැක් එකට යන උන්ට උපහාසාත්මක පොස්ට්ස් හදලා එකට ඌ වගෙම පිඩිත්යයො ටිකකගෙම ලැබෙන කමෙන්ට් ලයික්ස් බලලා මානසිකව අස්වැසිල්ලක් ලබනවා .
    ඉස්කොල්ව් කාලෙ නාට්‍යකලාවෙන් සංගීතයෙන් තැනක් ලැබිච්ච නැති එකත් පීඩිතයෙක් .එතකොට ඌ ෆෙස්බුක් එකට තමන්ගෙ හැකියාව ප්‍රදර්ශනය වන පරිදි වීඩියොස් හදලා දාලා තැනක් හදාගන්නවා.
    වස්තිලා උනත් බලපන්. එ ලෙවල් ෆෙල් (උන්මයි කිව්වෙ ) .මිනිස්සු ගණන් ගන්නෙත් නැහැනෙ එහෙම උනහම
    රට ඉඳන් ආවා, සිංදුවක් කරා මිනිස්සු ගණන් ගත්තෙ නැහැ. ඩිජිටල් මීඩියාස් වලින් කැපුනා උන්.
    එත් වස්තිලාව අනුගමයක කරන වන්දනාමාන කරන කීදෙනෙක් ඉන්නවද අද ?
    එ ෆ්ස්බුක් නිසා. වයිරල් ට්‍රෙන්ඩ් එකක් හදලා උන්ගෙ මතෙ අපෙ රටෙ මතෙ කරනවා.
    දැන් උඹ අහාවි උගත්තු ෆෙස්බුක් පෙජස් කරානම් රට උගත් වෙයිද කියලා ?
    කොහෙත්ම නැහැ. උගත්තු ෆෙස්බුක් පෙජස් කරන්න පෙළඹෙන්නෑ නැහැ. පෙළඹුනත් එක බලන්න ඉන්න උන් හරි අඩුයි.
    පොයදින වැඩසටහනකට වැඩිය සිංදුප්‍රොග්‍රැම් එකක් බලනන් අපෙ උන්ගෙ ප්‍රියතාව වැඩි නෙ ?
    එ වගෙම ගෙදට ගෘහමූලිකයානම් චැනල් සෙරගෙම නිව්ස් බලනවා නෙ ? එතකොට රටෙ මතෙ නිර්මාණය වෙන්නෙ අර ප්‍රොග්‍රැම්ස් වලටයි ,නිව්ස් වලටයි අනුව.
    ෆෙස්බුක් එකෙත් එකම තමා වෙන්නෙ පොඩ්ඩක් වෙනස් විදියට.
    එත් එ දෙ ඇත්ත නෙමෙ. අරාබි වසන්තය ෆෙස්බුක් හරහා ඇතිවෙච්ච විරොධතා රැල්ලක් නෙ ? එත් එ රටවල් වල නායකයො පැන්නුවා කියලා රටට හොඳක් උනෙ නැහැ නෙ ?
    මහින්ද හොරා කියලා මහින්දව එලවලා ගෙනාපු මෛත්‍රි හොඳක් කරෙත් නැහැ නෙ ? එ වගෙම මෛත්‍රි හරි නැහැ කියලා ගොඨාව ගෙනාවොත් ෆෙස්බුක් ජන රැල්ලකින් ඔයටිකම තමා.
    ඔය බොදුබල සෙනා අර සෙනා මුස්ලිම් විරොධය සෙරම බූස්ට් උනෙත් මෙ ෆෙස්බුක් එකෙන් ?
    නැත්තම් මීට කලින් ඔහොම තිබ්බාද ?
    …අනික් පැත්තට මොකක් හරි අසාධාරණයක් උනොත් අපෙ උන් විඩියො කරලා ෆෙස්බුක් දාන නිසා ගොඩක් එවුන් මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නෙ චකිතෙකින් .

     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,203
    113
    Nugegoda
    මොකක් හරි රැල්ලක් අල්ලගෙන එක එක පෝස්ට් හද හද මිනිස්සුන්ගෙ කාලෙ කන එක තමයි ඉතින්. අඩුකුලේ පර හැත්ත, හුරුවෙයන්, මේ ඉන්නෙ සිරිපාල, එක එක පුද්ගල චරිත ප්‍රදේශ නෝන්ඩි කිරීම එක එක කාලවලදි. මම 2009 ඉඳව් ඉන්නව. ෆේස්බුක් මුලින් තිබුනෙ මිනිස්සුන්ගෙ ජීවිත යම් යම් අත්දැකීම් හුවමාරු කරගන්න එක, අපි වුනත් ඉස්කෝලෙ ඉඳල දැන් රට හරි නැත් නං වෙන දුර පැත්තක ඉන්න යාළුවෙක් ගැන සමීප වෙන්න පුලුවන් වුනේ මේක නිසා ඒත් දැන් මට දැනෙන විදියට බුකිය දැන් අසහනකාරයො අරක්ගෙන, සමහර පේජ් සහ ඒවට වහවැටිච්ච එවුන් දිහා බැලුවාම හිතාගන්න පුලුවන්. දැනුම හුවමාරු කරන පේජ් නැතුවමත් නෙමෙයි ඒත් ඩිමාන්ඩ් එක තියෙන්නෙ අර විදියට වෛරය හරි නැත්නං වෙන දේකට ඇවිස්සෙන පෝස්ට් දාන ඒවට තමයි
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    හොඳම දේ කට්ටියම එකතු වෙලා රිපෝට් කරන එක​. ෆෝන් හොරා , දායක සභාව වගේ පෙජ් අනිවා ෆේස්බුක් එකෙන් අයින් කරන්නම ඕනි. ලීක් වෙච්ච පොටෝ ටිකක් හොයාගෙන ඒකෙන් සල්ලි හොයනවා. මහමමහ කාලකන්නි. මම නම් මේ දේ ගැන එලකිරියෙත් කතා කරලා තියනවා. ඕනි තරම් රෙප් කපාගෙනත් තියනවා. කැමති උන් ඉන්නව නම් ගිහින් රිපෝට් කරන්න​.

    මීට අමතරව බොරු ගොසිප් සයිට් කාරයො ටිකයි, දේශපාලනික වශයෙන් බෙදිලා මඩ ගහ ගන්න පේජ් ටිකත් රිපෝට් කරන්න​

    රිපෝට් කරට වැඩක් නැහැ. ආයෙත් පටන් ගන්නවා.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    කියන මිනිහට වඩා අහන මිනිහට තම වගකීම තියෙන්නේ මොලේ කල්පනා කරලා කියන දේ පිළිගන්න. :yes:

    aniwa. ehema karanna bari un gon apathayo ona tharam innawa