Facebook Thahanam karai Wage

dissagm

Member
Jun 17, 2012
882
131
0
මටනම් හිතෙන්නේ අර aashiqui කියන ෆිල්ම් එකෙන් පස්සේ අපේ රටේ සියදිවි නසා ගැනීම් වැඩි උනා වගේ කියල
උබලටනම් කොහොමද දන්නේ නැහැ
අපේ එවුන් එක බලල ඒ මොරාල් එකටම මැරෙන්න හදනවා වගේ දැන් පොඩි කේස් වලටත්
:rolleyes:
welawat baluwe natte . :rofl::rofl::rofl:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    කෙල්ල බුකියේ පොටෝ එකට දාලා තියෙන්නේ වෙන ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකක්ලු.. :) ඉතිං මේ වහු පැටියා ඕක දැකලා උගේ ගෙදර කට්ටියත් එක්ක ගිහිල්ලා කෙල්ලගෙ ගෙදර කසාදෙ කතා කර ගන්න :nerd: කෙල්ල එපා කිව්වට අහලා නෑලු කොල්ලා...පස්සේ හවස් වෙලාලු කෙල්ල මැරිලා තියෙන්නේ :oo::oo:

    ඒ කියන්නේ මුන් දෙන්නා දැකලා නැලුද කලින්
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ෆේස්බුක් හරියට භාවිතා කරන්න දන්න මිනිහාට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ කිව්වට ෆේස් බුක් එක නිසා ඇතිවෙන ප්‍රශ්න නම් දවසින් දවස වැඩි වේගෙනයි යන්නේ! මේකට මූලික හේතුව සල්ලි වෙනුවෙන් මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය නැති කරන මාර්ක් සකර්බර්ග්ගේ සංකල්පයයි! මේ ගැන අදහසක් ගන්න ෆේස් බුක් සෙටින්ග්ස් පිටුවට ගොස් ඔබට වෙනස් කල හැකි සෙටින්ග්ස් දිහා මෝහතකට බලන්න. අපේ පුද්ගලිකත්වය රකින්න කරන්න ඕන සෙට්ටින්ග්ස් වටේ ගිහිල්ලයි අපිට ෆේස් බුක් හරහා හදාගන්න සිද්ද වෙලා තියෙනෙන්! කොච්චර අමාරු වෙලා ප්රයිවසි සෙටින්ග්ස් හැදුවත් ඇප් එකක් ඉන්ස්ටෝල් කරනකොට ඇප් එක මගින් සෙටින්ග්ස් වෙනස් කරන වෙලාත් තියෙනවා. එහෙම වෙනස් වෙච්ච සෙටින්ග්ස් ආයි වටේ ගිහිල්ලයි හදාගන්න වෙන්නේ. අද මිනිස්සු හිතන් ඉන්නේ මිනිහෙකුට පණිවිඩයක් දෙනවනම් දෙන්න ඕන ෆේස් බුක් වැනි සමාජ ජාලයකින් කියලා. ඒ මතේ වැරදි! අපිට පුළුවන් ඉන්ස්ටන්ට් මෙසෙන්ජස් හරහා මෙසේජස් යවන්න. ෆේස් බුක් එකේ අයිති කාරයා හරිම කපටියි! ඉන්ස්ටන්ට් මෙසෙන්ජස් භාවිතා කරන අයව ෆේස් බුක් එකට අද්ද ගන්නයි මිනිහා ෆේස් බුක් චැට් ඔප්ෂන් එක ෆේස් බුක් වෙබ් අඩවියට එකතු කරේ. දවසින් දවස ෆේස් බුක් එකේ බලය මේ ලෝකේ වැඩි වේගෙනයි එන්නේ. ඉස්සර අන්තර්ජාලයේ වෙබ් අඩවි මුල් තැන දුන්නේ මිනිහෙකුගේ පුද්ගලිකත්වයට! උදාහරණයක් විදිහට මේ එළකිරි ෆෝරම් එකේ වුනත් මිනිහෙකුට ඒ නිදහස තියෙනවා! ඕනෙම කෙනෙකුට ඕනෙම නමකින් ඇවිල්ලා මෙතන කමෙන්ට් කරන්න පුළුවන්! බ්ලොගර් වැනි බ්ලොග් අඩවි වලත් ඔහොම තමයි! මේ සංස්කෘතිය නැති කරේ ෆේස් බුක්! අද සමහරක් සයිට්ස් වලට ලොග් වෙන්නත් ෆේස් බුක් අහනවා! මේ තත්වය නැති විය යුතුයි! අපි කරන හැම දෙයක්ම ෆේස් බුක් හරහා මුළු ලෝකෙටම පෙන්නගෙන කරන්න ඕනේ නැහැ! අපි ලොග් වෙන සයිට්ස්, අපි ගහන වෙබ් ගේම්ස් සහා අපි පත්තර සයිට්ස් වල ගහන කමෙන්ට්ස් අනුන්ට පෙන්න පෙන්න කරන්න ඕන නැහැ! මේවා නම් අපි නොදැන පබ්ලික් වෙන දේවල් කියමුකෝ! දැන් අපි කල්පනා කරමු අපි දැන දැන ෆේස් බුක් එකට දාන දේවල් ගැන! ට්‍රිප් ගිය ෆොටෝස් , එදිනෙදා ජීවිතියේදී ගත්තු ෆොටෝස් , ගෙදර බල්ලාගේ ෆොටෝස් , මගුල් ෆොටෝස් , පාරේ ගත්තු ෆොටෝස් ඇයි අපි ෆේස් බුක් එකට දාන්නේ ? ඇත්තටම අපි අපේ පුද්ගලික ජීවිතේ සිද්ද වෙන දේවල් ෆේස් පිටුවට දාන්නම ඕනෙද ? මේ සංකෘතිය ඇති කරේ ෆේස් බුක්! එළවලු බෑග් එකක් ගන්න බැරි ලයික් වෙනුවෙන් සහා හාල් කිලෝ එකක් ගන්න බැරි කමෙන්ට් වෙනුවෙන් ඇයි අපි අපේ පුද්ගලික ජීවිතයේ ගත්තු ෆොටෝස් සමාජ ජාල සයිට්ස් වල දාන්නේ ? දැන්වත් තේරුම් ගන්න මේ සමාජ ජාල සයිට්ස් හදලා තියෙන්නේ ඇඩ්ස් වලින් සල්ලි හම්බ කරන්න මිසක් සමාජයට හොඳ දෙයක් කරන්න නෙවෙයි. සමාජය කොච්චර පිරිහුනත් මේ අයට කිසි ගානක් නැහැ! අද අධි තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙකුට වුනත් ෆේස් බුක් එකේ ප්‍රයිවසි සෙටින්ග්ස් හොය හොය ඉන්න ලොකු කාලයක් යනවා. ගොඩාක් සෙටින්ග්ස් සයිට් එක හාරලයි හොයන්න ඕනේ! කොච්චර සෙටින්ග්ස් දැම්මත් පුංච් වරදින් විස්තර ටික එලියට යන්න පුළුවන්. තාක්ෂණික දැනුම තියෙන අයට මෙහෙම නම් කිසි තාක්ෂණික දැනුමක් නැති අයට කොහම ඇත්ද ? මේ වගේ පිටරට සයිට්ස් වලට පුද්ගලික විස්තර දාන එක දැන්වත් නවත්තන්න. පුළුවන් තරම් ෆේස් බුක් වැනි සමාජ ජාලා සයිට්ස් වලින් මිදී සිටීමට උත්සහා කරන්න. :)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    aM1vrB1_460sa.gif