හොද පැහැදිලි කිරිමක් අහනවානම් දෙන වෙනවානේ. මොකද මෙතන සමහර ගූගල් ගොඩ වෙද්දු ඉන්න නිසා එකපාර හරියට ලියලා තිබ්බාම ලේසි.
මේද ප්‍රයෝජ්‍ය ක්‍රියාවලියේදි, සම්පුර්ණ ඇගම දායක උනත්, මුලින් මේදය ප්‍රයෝජ්‍ය කරලා ඉවත් විම වෙන්නෙ යම් පැටර්න් එකකට. ඒකට හේතු තමයි, ඒ ඒ ස්ථාන වලට ලැබෙන රුධිර සැපයුම, ස්නායු සැපයුම, මංශ පේෂි ගනත්වය, මේද තට්ටු වල ප්‍රමාණ ,පිහිටිම හා හෝමොන වලට දක්වන සංවේදිතා වගේ හේතු.
ඔයා ඔයාගේ දෛනික කැලරි අවශ්‍යතාව ක්‍රමයෙන් කපා හැරලා, කැලරි උනතාවක් හදාගන්නවානම් ඇගට වෙනවා ඒක පුරවාගන්න. එතැනදි ඉතින් ප්‍රයොජනයට යන්න වෙනවා. ඇගටම සිග්නල් එක දුන්නත්, ඇග හැමතිස්සේම බලන්නේ ඇගේ වැදගත්ම අවයව ටික වැඩියෙන ආරක්ෂා කරගන්න හා ඒවාට අවශ්‍ය ශක්තිය ලබාදෙන්න. ඔලුව කියන්නේ ඉතාම වැදගත්. ඒ වගේම ඉතාම හොද රුධිර නාල පිරිපුන් සැපයුමක් තියනවා. ඉතින් ඒ නිසා මේද සංචිතයට හොදට ලගාවෙන්න පුලුවන්.
ඒ වගේමයි මුනේ තියන පේශි ගනත්වය නිසාත්, නිතර නිරායාසයෙන්ම මුන වැඩ වෙල නිසාත් නිතරම ව්‍යායාම වෙනවා. මේ හිතන්නැතුව වෙන ව්‍යයායාම වලටත් දහනය වෙන්නෙ ශක්තියම තමා. ඒ වගේම මුනේ තියන සැකැස්ම නිසා, පුකවත් බඩවත් කලව වගේ මහා ලොකු මේද සංචිත තියාගන්න බැ. ඒ නිසා සුලු වෙනස්කම් උනත් මාරම විදිහට කැපි පේනවා. අනික මුණ පුකට බඩට වඩා නිරන්තරයෙන් ඉතාම අවධානයෙන් බලන නිසා වෙනස්කම් කැපි පේනවා.
ඒකයි සපෙක්ෂව ඇගම කැලරි ඌනතාවකදි ක්‍රියාකාරි උනත්, අඩුවිම එක එක ස්ථානවල සාපෙක්ෂව කලින් පෙන්වන පැටර්න් එකක් හැදිලා තියෙන්නේ.
ඔයා ඉතින් අධික කාබ්ස් කපලා, සීනි නවත්තලා, කිරි නවත්තලා, ඇගට සුදුසු නිරාහාර සටහනක් හදාගෙන, ව්‍යායාම කරලා කැලරි බර්න් කරලා වගේ විවිධාකාර ක්‍රියාකාරකම් වල යෙදුනාම ඔයාට ඕනා ප්‍රතිපලේ ඉක්මනට ගන්න පුලුවන් වෙයි.