Fatty liver වර්ග දෙකක් තියෙනවා. Alcholoic and Non alcoholic. Alcoholic එක ගැන නම් ලොකුවට කතා කරන්න දෙයක් නෑනේ. විහින් කර ගන්න දේවල් නිසා. Non alcoholic එක ගැන කතා කළොත් මේක ඇති වෙන්න ප්‍රධානම හේතුව insulin resistance. දියවැඩියා මට්ටමටම සීනි වැඩි නොවුනත් insulin resistance එකක් තියෙන අයට මුලදිම එනවා. හරි පාලනයක් මුලදිම තිබ්බේ නැති වුණාම metabolic syndrome එකට ඇවිල්ලා දියවැඩියා තත්ත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවන්. හැබැයි Non alcoholic fatty liver කොටසකගේ insulin resistance නැතුවම fatty liver එන්න පුළුවන්. අක්මාවේ යකට තැන්පත් වීම, ඔක්සිකාරක නිසා අක්මාවට හානි වෙලා fatty liver එන්න පුළුවන්. තව හෝමෝන (Leptin, Incretins...) අසමතුලිත නිසා fatty liver එන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් Fatty liver තියෙන ගොඩක් අයට metabolic syndrome එකේ එක කොටසක් හරි තියෙනවා.
•ස්ථුලතාව.
•අධි රුධිර පීඩනය.
•Dyslipideamia (කොලෙස්ටරෝල් හරි වෙනත් ලිපිඩ වැඩි මට්ටමක තියෙනවා.)
•Insulin ප්‍රතිරෝධය හෝ දැනටමත් දියවැඩියාව තියෙන රෝගීන්ට.
පස්සේ කාලෙක Fatty liver තත්ත්වය cirrhosis වෙනකම් යන්න ඉඩ තියෙනවා. එක වළක්වා ගන්න එකයි ඔයාගේ target එක වෙන්න ඕනේ. දැනට කරන්න කියලා නිර්දේශ කරන්න වෙන්නේ,
1.බර වැඩි නම් අඩු කරගන්න. බර කියන්නේ fat. හොඳ BMI අගයක් target කරන්න. 18-23 අතර වගේ. (BMI එක මතම depend වෙන්න එපා. Normal body buid එකක් තියේ නම් BMI එක මත යම් දුරකට depend වෙන්න පුළුවන්. ඒත් muscular build එකක් තියෙන එකෙක්ගේ BMI එක 25-26 තියාගෙන fat content එක අඩු කරගෙන ඉන්න පුළුවන්.) ඕනේ නම් consultant nutritionist කෙනෙක්ගේ උපදෙස් ගන්න පුළුවන්. රජයේ රෝහල් වල nutrition clinics තියෙනවා. ඒවට යන්න පුළුවන්.
2. අක්මාව හානිකර දේවල් කරන එක නවත්තන්න. Alcohol පාවිච්චිය, ආයුර්වේද බෙහෙත් වර්ග අරිෂ්ඨ වර්ග නතර කරන්න වෙනවා.
3. Full metabolic panel එකක් කර ගන්න. දොස්තර කෙනෙක් ගාවට ගියාම කරන්න ඕනේ test ටික කියාවි. මේක කරන්න කියන්නේ ඔයාට නොදැන cholesterol, diabetes තියේ නම් කලින් හොයා ගන්න. ඒවට බෙහෙත් පටන් ගන්න.
4. බොන බෙහෙත් කියලා විශේෂ දේවල් අවශ්‍ය නෑ. බර අඩු කරන්න ඒ කිව්වේ කලින් කිව්ව incretins analogues පිටින් දෙන්න පුළුවන්. ඊට වඩා කෑම පාලනය කරලා බර අඩු කරන එක තමා recommend කරන්න පුළුවන්. ප්‍රති ඔක්සිකාරක විදියට vit E ගන්න පුළුවන්. ඒකත් හොදට එළවළු පලතුරු කනවා නම් ස්වභාවිකව ලැබෙන නිසා අත්‍යාවශ්‍ය නෑ.