මුලින්ම කියන්න ඕනේ මම ඩොකෙක් නම් නෙමේ. මේ සියල්ල මගේ පෞද්ගලික අත්දැකීම්. මන් කලින් හිටපු තත්වයේ ඉන්න කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතලා තම්යි මේ හෑල්ලක් type කරන්නේ.
2020 ජනවාරි වෙද්දි මන් බර හිටියා කිලෝ 82-83 අතර ප්‍රමාණයක්. මගෙ උස 166CM. ඒ කියන්නේ BMI එක 30 ක් වගේ. මට නම් ඒක ගැන ගානක් වත් තිබ්බෙ නෑ. හොඳට කෑව, ඇඟ වෙහෙස වෙන වැඩ මොනවත් කරෙත් නෑ ඔහේ හිටියා.
ඕක වෙනස් උනේ හදිසියේ කරපු medical tests තුනක් නිසා. ඒවා තමයි Fasting Blood Suger, ALT/SGPT and AST/SGOT.
ඔය ටෙස්ට් වලින් මුල් එක නම් හැමෝම දන්නවා ඇතිනේ. අනික දෙක liver function tests දෙකක්. Fatty Liver තියෙනවද කියල අනුමාණ කරන්න පුළුවන්ලු මේ ටෙස්ට් දෙකෙන්. මට මතක විදිහට fasting blood sugar 107 ක් ද කොහෙද තිබ්බා. අනික දෙකෙන් එකක් 35-40 අතර, අනික 40 ට පොඩ්ඩක් වැඩී. Healthy කෙනෙක්ගෙ fasting blood sugar 70-100 අතර තියෙන්න ඕනේ. ALT/SGPT 5 - 41 සහ AST/AGOT 5-40 අතර තියෙන්න ඕනේ. ඊට වඩා වැඩී නම් liver damage එකක් වෙලා තියෙන්න පුළුවන්. මේ test results දැක්ක ගමන් මම ඇත්තටම බයවුනා. blood sugar 100-125 අතර තියෙනවා කියන්නෙ pre-diabetes. ඒ කියන්නෙ තාම දියවැඩියාව හැදිලා නෑ. හැබැයි හැදෙන්න ලඟයි. හරියට බොන්නෙත් නැතුව liver function tests results 40ට ලඟයි කියන්නේ non alcoholic fatty liver disease(NAFLD) හැදෙන්න ඔන්න මෙන්න. අවුරුදු 30 ක් වත් නැතුව මේ වගේ තත්වෙක ඉන්නවා කියන්නේ ඇත්තට ම බයවෙන්න ඕනේ කාරණයක් මචන්ලා. අපේ අම්මගෙයි තාත්තගෙයි පවුලෙ අයට diabetes & non alcoholic fatty liver disease තියෙනවා. මටත් කලින්ම බඩු සෙට් වෙන්න තිබ්බෙ දිගටම හොඳට කවක් දෙවක් නැතුව කාලා බීලා හිටියා නම්.
මේක දැනගත්තු ගමන් හිතා ගත්ත, ඩොකෙක් නම් හම්බෙන්න යන්නෙ නෑ කියල. මොකද මන් බෙහෙත් බොන්න පට්ට අකමැතියි (උඹලා එහෙම වෙන්න එපා). ඊට පස්සෙ පහුවෙනිදා ඉඳන්ම කන බොන විදිය වෙනස් කරා. ඇඟ වෙහෙස වෙන වැඩ කරා. දිව්වා. ඇවිදින එකත් ටිකක් වැඩි කරා. Exercise වලට වඩා කෑම පාලනය කරන එක තමයි ලොකුවටම focus කරේ. එහෙම කරලා, මේ වෙද්දි මන් බර ඉන්නේ කිලෝ 57 යි මචන්ලා. මන් මුල් මාස 4 ක් ඇතුලට කිලෝ 15ක් වගේ බර අඩු කරගත්තා. එතනින් පස්සෙ බර අඩුවෙන්නෙ ගොඩක් හිමින්. ඊට පස්සෙ Cardio exercise කරන ප්‍රමාණය වැඩි කරන්න වෙනව කෑම පාලනයත් එක්කම. කොහොමහරි අවුරුදු 1.5ක් ඇතුලත මන් කිලෝ 25ක් බර අඩු කරගත්තා. දැන් නම් පට්ට සැහැල්ලුවක් තියෙන්න ඇගට. මහන්සි හැදෙනවා අඩුයි. හොඳම එක ඒක නෙමෙයි. බර අඩු කරගත්තට පස්සෙ මේ ලඟදි අර ටෙස්ට් ටිකම ආයෙ කරගත්තා. ඒවගෙ results බලද්දි තමයි මහන්සියේ ඇත්තම ප්‍රතිඵල දැක්කේ.
මේ තියෙන්නෙ test results.
සරලවම මම කරේ. කෑම පාලනය කරලා, ක්‍රියාශීලී බව වැඩි කරලා, බර අඩු කරගත්ත එක.
මේ හෑල්ලක් type කරේ මන් කරපු දේවල් ගැන පම්පෝරි ගහන්න නෙමේ. මන් පෙන්නන ඕනේ උනේ උඹලා තාමත් පරක්කු නෑ කියන එක. ගොඩක් අයට මේ ලෙඩ තියෙනවා කියලා දන්නේ නෑ. ඒකට හේතුව, මේ ලෙඩ උත්සන්න වෙනකන්ම කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන එක. ඒක ඇත්තටම භයානක තත්වයක්. fatty liver වැඩි වෙලා අවසානයයේ සිරෝසිස් තත්වයට උනත් එන්න පුළුවන්. බොන්න ඕනෙ නෑ එහෙම වෙන්න. Diabetes ලෝකෙ වැඩිම මරණ ගානකට directly indirectly දායක වෙන ලෙඩක්. මුළු ඇඟම අඩපණ කරවනවා හැදුනොත්. Diabetes තියෙනවා කියන්නෙ heart diseases හැදෙන්න තියෙන ප්‍රවණතාව සෑහෙන්න වැඩී. ඒ නිසා මොනවත් රෝග ලක්ෂණ නොතිබ්බත්, ඔය ටෙස්ට් කරා නම් හොඳයි 30 පැනලා නම්. අක්මාව සම්බන්දයෙන් ගත්තම එක හොඳකට තියෙන්නෙ, අක්මාව වෙලා තියෙන ඩැමේජ් එක එයාට එක්තරා මට්ටමකට recover කරගන්න පුළුවන් ලු කාලයත් සමඟ. ඒකට බෙහෙත් මොනවත් නෑ. කරන්න තියෙන එකම දේ අක්මාවට හානි වෙන කෑම සම්පූර්ණයෙන්ම නවත්තන එක (විශේෂයෙන්ම alcohol).
මම කෑම පාලණය කරපු විදිය,
එකපාරටම මේ ඔක්කොම සෑහෙන්න අමාරුයි වගේ පෙනෙයි. ඒත් මන් කොහොමහරි කරා මචන්ලා. පළවෙනි අවුරුද්ද ඇතුලත ඒක හරියටම කරා (දවස් කීපයක් එහා මෙහා වෙන්න ඇති). සමහරු කියන දෙයක් තමයි මේ වගේ කෑම පාලනය කරන්න ගත්තම ගැස්ට්‍රියිටිස් හැදෙනවා කියන එක. ඒත් මට නම් එහෙම ප්‍රශ්නයක් ආවෙ නෑ. වැදගත්ම දේ තමයි, මන් බඩගින්නෙ හිටියේ නෑ. කන කෑම වර්ග තමයි වෙනස් කරේ.

- සීනි, සීනි අඩංගු කෑම කන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා.
- පාන් පිටි කන එක සම්පූණ්යෙන්ම නැවැත්තුවා.
- බත් කන එක කලින් ප්‍රමාණයෙන් 1/4 කට අඩු කරා.
- අඩු වුනු බත් ප්‍රමාණයට හරියන්න එළවළු කන එක වැඩි කරා.
- පැණි රස තියෙන දෙයක් කන්න ඕනේ උනාම පළතුරු ටිකක් කෑවා.(පළතුරුත් ගොඩක් කන්න හොඳ නෑ fatty liver තියෙන අය. පළතුරු වල තියෙන fructose සම්පූර්ණයෙන්ම process කරන්නෙ liver එකෙන්. ඒවා triglycerides(fat) විදිහට අක්මාවෙ තැම්පත් වෙන්න පුළුවන්)
- සියලු පළතුරු බීම වර්ග(සීනි දාපු සහ නොදාපු) සහ soft drinks බොන එක නැවැත්තුවා.
- කෝපි බොන්න පුරුදු උනා සීනි නැතුව.
- බැදුම් වර්ග, තෙල් කෑම කන එක සෑහෙන්න අඩු කරා.
- Snack එකක් විදිහට රටකජු කෑවා සෑහෙන්න (තෙලේ බදින්නෙ නැතුව roast කරලා, ලුණු දාන්නෙ නැතුව)