උගත් බුද්ධිමත් මෝඩ පොරවල් "සල්ලි print කොළාම උද්ධමනෙ වැඩිවෙනව"යි කිය කියා කිව්වට.. හිතුවට.. වැල්වටාරම් නැතුව 'උද්ධමනය' කියන එක සුද්ද සිංහලෙන්ම පැහැදිළි කළොත්, උද්ධමනය කියන්නේ ධර්මය නොදන්නා කමින් බලුවෙච්ච / මනුස්සකම ගිළිහිච්ච බලු මිනිස්සුන්ගේ බලුකම් වල ප්‍රතිඵලයක් තමයි!!! !!! !!!
මං කළිනුත් ඔය උද්ධමනය යටින් ක්‍රියාත්මකවෙන 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' කියන ලෝකධර්මතාවය පැහැදිළි කරලා post එකක් දැම්ම. [අර අර මෑතකදි FB පකයි මාව ආයිමත් block කොරල තිබ්බ ටිකේ මේකට දාන්න විදියක් නොතිබුණු නිසා Blogger - WordPress - Elakiri වලට විතරක් දාපු post එක. ඔන්න මගේ Wall / TimeLine එකේ link එක තියනව. බලපු නැති - බලන්න ඕනෙ අය ගිහිං බලන්න.] අන්න ඒකෙදි මං 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' කියන ධර්මතාවය පැහැදිළි කළාට ඒක උද්ධමනයට බලපාන විදිය මගෙන් හරියට පැහැදිළි කෙරුණේ නැහැයි කියල.. මෙන්න මේ විදියට විස්තර කරල කිව්වනම් තවත් හොඳයි කියල.. මට පස්සෙ හිතුණා.

බොළල්ල මේ ලෝකෙ යම් බඩුවක / භාණ්ඩෙක නැත්නම් සපයන සේවයක (goods & services) වටිණාකම ඇත්තටම තීරණය වෙන්නේ,
* ඒ 'දෙය' ලෝකෙ ස්වභාවිකවම තියන දෙයක් / ද්‍රව්‍යයක් නම් ඒවා ලෝකෙ කොච්චර සුලබද? දුර්ලභද? මිනිස්සුන්ට ඒවා කොච්චර වැදගත්ද? උවමණා වෙනවද? ඒවා පොළවෙන් මතුකරගන සුද්ද බුද්ද කරලා හදල ගන්න කොච්චර මහන්සිවෙන්න වෙනවද? කොච්චර වියදම් කරන්න වෙනවද? ඒ වැඩේ කරන එවුන්ට කොච්චර risk එකක් ගන්න වෙනවද? ඒ වෙනුවෙන් කොච්චර කාලයක් වැයකරන්න වෙනවද? කියන කරුණු කාරණා අනුව සහ,
* යම් 'සේවයක්' (වෙන කෙනෙක් / අය වෙනුවෙන් කරන වැඩක්) නම් ඒ වැඩේ හැමෝටම කරන්න පුළුවන් එකක්ද? නැත්නම් ඒ වෙනුවෙන් සහජ දක්ෂතා තියෙන්න ඕනෙ.. විශේෂයෙන් ඉගෙනගන්න ඕනෙ.. ඒ ඉගෙනගන්නත් ගොඩක් මහන්සිවෙන්න - කැපවෙන්න - වියදම් කරන්න - කාලය වැයකරන්න ඕනෙ.. එකක්ද? අන්තිමට ඒ වැඩේ කරන්නත් කොච්චර risk එකක් ගන්න වෙනවද? කොච්චර මහන්සිවෙන්න - කාලය වැයකරන්න වෙනවද? ඒ සේවය අනික් මිනිස්සුන්ට කොච්චර අවශ්‍ය වෙනවද? වැදගත්ද? කියන කරුණු කාරණා අනුව තමයි!!!
හරිනම් ඒ විදියට තීරණය වෙන ගණන් මිමි කීයටවත් 'ඉල්ලුම - සැපයුම අනුව' වෙනස්වෙන්න විදියක් නෑ!!! !!! !!! ගාණ එම මයි!!! බඩු තියනවා නම් තියනවා / සේවය සපයනවා නම් සපයනවා. නැත්නම් නෑ. විය යුතුයි!!! Demand කිරිලි - demand කරන කතන්දර මොකුත් නැති විය යුතුයි!!! !!! !!!
එතකොට 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' ධර්මතාවයට අනුව ඕනෙම සත්වයෙකුට තමන්ට ලාබයක් ලැබෙනවා නම් - ලැබෙන ලාබය තවත් වැඩිවෙනවා නම් ඒක සැපයක්!!! පාඩුවක් වෙනවා නම් ඒක ලොකු දුකක්!!! තමයි. ඉතිං උන් හැමතිස්සෙම කොහොමහරි කරලා වැඩි වැඩියෙන් ලාබ ලබන්න - ලබන ලාබය තව තවත් වැඩි කරගන්න උත්සාහ කරනවා!!! !!! !!! පාඩු කරගන්න කොහෙත්ම කැමතිවෙන්නේ නෑ!!! !!! !!! හරියට බලහත්කාරයෙන් මිරිකලා - චප්ප කරලා තියාගෙන ඉන්න.. දිගහැරෙන්නම බලාගෙන ඉන්න.. 'Springs' වගෙයි!!!

හිර කරලා - මිරිකලා තියං ඉන්නකම් එහෙමම තියනවා. ඉඩක් / බුරුළක් ලැබිච්ච සැණින් පුළුවන් උපරිමයටම දිගහැරෙනවා.
ඔන්න ඔතනදි මේ වෙනකොට ලෝකෙටම ලොක්කො වෙලා ඉන්න 'තෙල් කාරයෝ' කැමති එක තෙල් බිංදුවක් ඩොලර් 2-3ක් වත් වෙන්න විකුණගන්න පුළුවන් නම් තමයි.

එහෙම දීගන්න බැරි කමට බැරල් ගාණට ගණන් කිව්වට උන් හැමතිස්සෙම බලන්නේ ඒ ගාණ පුලුවාන් තරම් වැඩිකරගන්නම තමයි!!! ඉතිං උන් ගාණ වැඩිකරනවා. විකුණුනේ නැත්නම් / විකිණෙනවා අඩුවුණොත් තෙල් හදන එක අඩුකරනවා. එතකොට අවශ්‍යම එකා කොහොමහරි කරලා අලුත් ගාණට තෙල් ගන්නවා. පස්සෙ අනික් එවුණුත් ටික ටික ඒ ගාණට තෙල් ගන්න පටන්ගන්නවා. එතකොට ඒ ගාණ ස්ථිර වෙනවා. ඒ ගාණට මිනිස්සු හුරුවෙනවා. අන්න එතකොට තෙල් කාරයෝ ආයිමත් ගාණ වැඩි කරනවා!!! විකුණුනේ නැත්නම් - විකිණෙනවා අඩුවුණොත් ආයි කලින් වගේම කරනවා ~~ එහෙම කර කර උන් තෙල්වල ගාණ උඩට උඩට උඩටම උස්සගෙන උස්සගෙන යනවා!!! එතනදි උන් කොච්චර ගණන් ඉස්සුවත් ලෝකෙ අනික් රටවල් වල එවුන්ට තෙල් නැති නිසා උන්ගෙන් ගන්නම වෙනවා. තෙල් පාවිච්චිය එහෙම්පිටින්ම නවත්තලා වෙන විකල්ප වලට යන්න පුළුවන් උනොත් හැරෙන්න උන්ව control කරන්න ක්‍රමයක් නෑ!!! !!! !!! ඒ නිසා 'තෙල්' control එකක් නැතුව දවස ගානේ හඳටම යනවා. කිරිපිටි / පාන්පිටි සම්බන්ධයෙනුත් 'එම'ම තමයි.
ඊළඟට ඒ තෙල් පාවිච්චි කරන, මේ වෙද්දි යහමින් සල්ලි බාගෙ හම්බකරගෙන උඩට උඩට නැගගන ඉන්න, ලොකු ලොකු කොම්පැණි කාරයෝ.. ලොකු ලොකු මුදලාලිලා.. බලන්නෙත් උන්ගෙ ලාබය තව තව වැඩිකරගන්න - තව තවත් හම්බකරගන්නම තමයි!!! උන් කවදාවත්.. කීයටවත්.. උන්ගෙ ලාබය අඩු කරගන - අතින් පාඩු කරගන පොඩි මිනිස්සුන්ට සහන සළසන්න ලැස්තිවෙන්නේ නෑ!!! !!! !!! ඉතිං උන් 'තෙල් මිළ' පිටින් දාලා, උන්ට වැඩිවෙච්ච තෙල් මිලත් අල්ලලා, උන්ගෙ goods & services වල මිළගණන් හඳෙනුත් එහාට යවනවා!!!
ඒ සෙට් එකේ ඉන්න ලොකු ලොකු හාල් මුදලාලිලා ගත්තම උන් කැමති එක හාල් ඇටයක් රුපියල් 2-3ක් වත් වෙන්න විකුණගන්න තමයි.


උන් කිලෝ ගානට ගණන් කියන්නෙ එහෙම විකුණන්න බැරි කමටයි. ඒත් උනුත් කිලෝ 1ක් රු. 100-150ට හොඳට විකිණෙනවා නම් ඊළඟට කිලෝ 1කට රු. 200-250ක් දාල බලනවා. ඒකත් විකිණුනොත් ඊළඟට 300-350ක් දාල බලනවා. ඒකත් විකිණුනොත් ඊළඟට 450-500ක් දාල බලනවා. විකුණුනේ නැත්නම් ටිකක් අඩුකරල බලනවා. ඒ ගාණට මිනිස්සු ගන්න හුරුවුණාම - විකිණෙන්න ගත්තාම ආයි එතන ඉඳලා උස්සන්න try කරනවා!!! අඩුකරන කතා නෑ!!! !!! !!!
පරිප්පු බිස්නස් කරන ලොකු ලොකු මුදලාලිලා කැමති එක පරිප්පු ඇටයක් රුපියල් 100-150ක් වෙන්න


විකුණගන්න තියනවනම් තමයි.

ඉතින් උනුත් හාල් කාරයො වගේම කරනවා!!!
මාළු මුදලාලිලා කැමති එක සාලයෙක් රුපියල් 500 කට විතර විකුණන්න තමයි.


ඉතිං උනුත් ටික ටික වැඩි කර කර යනවා.
සැමන් මුදලාලි - කිරි මුදලාලි - බිත්තර මුදලාලි ඔක්කොමල ඒ ලෙසම තමයි!!! මට හොඳටම check උන එකා මාමයිට් මුදලෑලි තමයි!!!


[පොඩි කාලෙ ඉඳල මගේ ජාතික ආහාරෙ.

දැන් පුත්තරයගෙත්. ඒ නිසා එකක් ඉවරවෙන්න එකක් ගෙනියන්න වෙනව.] මතක විදියට 395/=ට තිබ්බ එකට පොර 450/=ක් ගහල එව්වා. විකිණුනා. ඊළඟට 510/=ක්ද කොහෙද ගහල එව්වා. විකිණුනා. ඊළඟට 695/=ක්ද කොහෙද ගහල එව්වා. අවුළක් නෑ. ඒත් විකිණුනා. ඊළඟට 775/= ඊළඟට 950/= ඊළඟට 1020/= ළෙසට ගගහ එවලා දැන් තියෙන්නේ 1275/=ක්ද කොහෙද තමයි!!!


ආයි කතා දෙකක් නෑ, ඔහොම ගහ ගහ එවන ගණන් වලට මාමයිට් විකිණුනොත් ඕකා තව මහ කාලයක් යන්න කළින් කැත නැතුව 6850/= 9300/= 19900/= 27500/= වගේ ගණනුත් ගහලා එවයි!!! !!! !!!



එතකොට එළවලු business කරන එවුණුත් එමම තමයි. බෝංචි විකුණන එකා කැමති එක බෝංචි කරලක් රුපියල් 50-60කට විකුණගන්න තමයි. මිරිස් විකුණන එකා කැමති එක මිරිස් කරලක් රුපියල් 30-40කට විකුණගන්න තමයි. ඉතිං උනුත් ටිකෙන් ටික හරි උන්ගෙ targets වලට යනවා!!!

බොළල්ලා, ඔය ඇවිල්ලා තනිකරම 'මිනිස්සු' කියන එවුන්ගේ බලු කමම මිසක් 'සල්ලි print කිරිල්ල' හන්දා වෙන දෙයක් වත්.. වෙන 'මහප්පරාන ආර්ථික කතන්දරයක්' වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඔය 'උද්ධමන' කතන්දරේ හරියනව නම් හරියන්නේ ලෝක බලවත්තු කියලා හිතාගෙන ඉන්න මහ එවුන්ගෙ ඉඳලා පොඩි පොඩි මුදලාලිලා වෙනකම් එවුන් ඔක්කොටම 'ධර්මය' අවබෝධවෙලා, අනික් මිනිස්සුන්ව පීඩාවට පත් කර කර හිතේ හැටියට හම්බකොළාම පස්සෙ උන්ට කන්න වෙන කෑම තේරුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ කොහොමද කියනවා නම්, ඔය උද්ධමන කතන්දර වලට ස්වභාවධර්මය ප්‍රතිචාර දක්වන විදිය.. ස්වභාවධර්මයෙන් ප්‍රතිචාර ලැබෙන විදිය.. මෙන්න මේ ආකාරයි!!! !!! !!!
ලෝක බලවත්තුද? රටේ බලවත්තුද? නගරයේ බලවත්තුද? ගමේ බලවත්තුද? කතා මොකුත් අදාළ නෑ, මොකෙක් උනත් 'මනුස්සයෙක්' නම් ඌ අද මනුස්සයෙක් හැටියට ඉපදිලා ඉන්නේ මේ සැරේ උගේ පුනර්භවය මනුස්ස කියන ජාතියේ ගෑණු සත්වයෙකුටයි - පිරිමි සත්වයෙකුටයි දාව සිද්ධවෙලා තියන නිසයි!!! !!! !!! ඒ වගේම ඒ පුනර්භව සිද්ධවෙන එක උන්ගෙ 'භව' අනුව / භව වල ප්‍රමාණයන් අනුව automatically සිද්ධවෙන දෙයක් මිස උන් මොකෙකුටවත් මොකියෙකුටවත් ඕනෙ ඕනෙ විදියට කරගන්න - කරවගන්න - නවත්තගන්න පුළුවන් එකකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ වගේම 'බලයක්' ලාවට හරි තියන එකෙක් නම් උන් ඔය උද්ධමන කතන්දර වලදි අසරණ වෙන්නෙත් නෑ!!! !!! !!! උන් උන්ට පල්ලෙහායින් ඉන්න එවුන්ව පාගලා.. චප්ප කරලා.. උන්ගෙ බෙලි මිරිකලා.. කොහොමහරි කරලා උන්ගෙ ජාම බේරගන්නවා. කොතනදිත් අසරණ වෙන්නෙ බහුතරයක් ඉන්න කිසීම බලයක් නැති පොඩි මිනිස්සුම විතරයි!!! !!! !!!
ඔන්න ඔතනදි මේ වෙනකොට යහමින් හම්බකරගන - පොදි ගහගන 'ගමකට බලවත්වෙලා ඉන්න' ලොකු ලොකු මුදලාලිලාගේ - business කාරයන්ගේ බලුකම නිසා ඒ ගමේම දුප්පත් - අසරණ - අහිංසක මිනිස්සු දුකට පීඩාවට පත්වෙනවා!!! ඒ දුක් පීඩා විඳින එවුන් ඔක්කොගෙම භව වළින් ඇතිකරන බලපෑමට උන්ගෙ භව පොල්ලෙන් ගැහුව වගේ subject වෙනවා!!! !!! !!! ඉතිං උන් 'ආනන්තරීය විදියට'.. ඒ කියන්නෙ මොනවා කරලවත් බේරෙන්න බැරි විදියට.. අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුරුදු දහස් - දස දහස් ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!!

'නගරෙකට බලවත්වෙලා ඉන්න' ලොකු ලොකු මුදලාලිලාගේ - business කාරයන්ගේ - කොම්පැනි කාරයන්ගේ බලුකම නිසා ඒ නගරෙම ඉන්න දුප්පත් - අසරණ - අහිංසක මිනිස්සු දුකට පීඩාවට පත්වෙනවා!!! ඒ ඔක්කොගෙම භව වළින් ඇතිකරන බලපෑමට subject වෙලා උනුත් ආනන්තරීය විදියට අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙලා අවුරුදු ලක්ෂ - දස ලක්ෂ ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!!
'රටකට බලවත්වෙලා ඉන්න' ලොකු ලොකු මුදලාලිලාගේ - business කාරයන්ගේ - කොම්පැනි කාරයන්ගේ බලුකම නිසා ඒ රටේම දුප්පත් - අසරණ - අහිංසක මිනිස්සු දුකට පීඩාවට පත්වෙනවා!!! එහෙම රටේම දුක් පීඩා විඳින එවුන්ගෙ භව වළ බලපෑමට subject වෙලා අපාගත උනහම අවුරුදු කෝටි - ප්‍රකෝටි ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!!


'ලෝකෙටම බලවත්වෙලා ඉන්න' කොම්පැනි කාරයෝ - business කාරයෝ මුළු ලෝකෙම ඉන්න දුකට පීඩාවට පත්වෙලා විඳවන මිනිස්සුන්ගේ - සත්තුන්ගේ භව වළ බලපෑමට subject වෙලා අපාගත වෙලා කල්ප කල්ප ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!!



Full ආශික් බොළල්ල!!! !!! !!!


'ස්වභාවධර්මය' තරම් සාධාරණ වෙන කිසීම එකක් මේ විශ්වයේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඒ හන්ද ඔය ලොකු ලොකු පොරවල්.. ලෝක බලවත්තු - ලොකු කොම්පැනි කාරයෝ - business කාරයෝ - මුදලාලිලා සේරම, උන්ට කන්න වෙන පරිප්පුව අඩුකරගන්නවත් උවමණා නම්, වහාම වෙනස්වෙලා පොඩි මිනිස්සුන්ගේ සතුට සැනසීම වෙණුවෙන් කැපවිය යුතුයි!!! !!! !!!


