fb එකේ දැක්කේ මේවා ඇත්තද බන්?

Tony_Stark

Member
Feb 1, 2015
130
6
0
colombo
fb එකේ දැක්කේ මේවා ඇත්තද බන්?

1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.
 
Last edited:
  • Like
Reactions: Kudnadun

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නීති වලට අනුව මේ කතා නම් හැම එකක්ම ඇත්ත බං ඒත් ඕවා ඔය විදියටම කතා කලොත් අනේ පලයං කියලා අපිව යවයිද බං කන දඩේ තව ටිකක් වැඩි කොර ගත්තෑකි නැත්තම් බර අවුලක් සෙට් වෙන වැඩක් :sorry:
     

    Tony_Stark

    Member
    Feb 1, 2015
    130
    6
    0
    colombo
    මාත් හිතුවෙ ඕක තමයි නීති පැත්තෙන් බැලුවොත් ඔක්කොම ඇත්ත:frown: එත් අපේ පොලිසිය එක්ක ඕව බෑ:no: උන් එක්ක කට ගැහුවොත් කුඩු පැකට් එකක් සාක්කුවෙ දාලා වෙලේ සුදා එක්ක සම්බන්දකම් තියනව කියල ඇතුලට දායි:angry::angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව හොදයි එෆ් බි එ‍කටම ලංකාවේ ඔව ක්‍රියාත්මක වෙන්නේම නැති තරම්.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1.Yes
    2.Yes
    3.Yes
    4.Yes
    5.No
    6.Yes (Except High Security Zones)
    7.Yes
    8.Yes
    9.Yes (Only If he hold license without giving ticket)
    10 No.(Beside gender any police officer can request identification, but cannot arrest a woman without wpc)
    11.Yes
    12.Yes
    13.Yes (But first you have to read your rights by the police, and then if you request a lawer, your rights will be waived for plea)
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    5 ට නම් බැලුන් එකක් නැත්නම් වෛද්‍යවරයෙක් වෙත යොමු කරනවා. මේ දෙකටම අ‍පොහොසත් වෙනව නම් පමණයි යන්න පුලුවන්.

    6 ගැන කියනව නම් හදිසි නීතිය තියෙන දවස් වල ඔය ප්‍රශ්නේ නෑ. දැන් නම් නීතිමය වශයෙන් පොලිස් නිළධාරියෙක් ඉන්න ඕනේ හමුදා මුරපොලක. මොකද හමුදාවට ශ්‍රීලංකාවේ සිවිල් කටයුතු වලට මැදිහත් වෙන්න අවසර නෑ. හමුදා පනතේ ඒකට විදිවිදාන දීලා නෑ දන්න තරමින්.

    7-13 වෙනකම් ඔක්කොම හරි. :oo:

    අනිත් ඒවා බොරු. නීතිය ඕ‍නෑම පොලිස් නිළධාරියෙක්ට ක්‍රියාත්මක කල හැකියි.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    5 ට නම් බැලුන් එකක් නැත්නම් වෛද්‍යවරයෙක් වෙත යොමු කරනවා. මේ දෙකටම අ‍පොහොසත් වෙනව නම් පමණයි යන්න පුලුවන්.

    6 ගැන කියනව නම් හදිසි නීතිය තියෙන දවස් වල ඔය ප්‍රශ්නේ නෑ. දැන් නම් නීතිමය වශයෙන් පොලිස් නිළධාරියෙක් ඉන්න ඕනේ හමුදා මුරපොලක. මොකද හමුදාවට ශ්‍රීලංකාවේ සිවිල් කටයුතු වලට මැදිහත් වෙන්න අවසර නෑ. හමුදා පනතේ ඒකට විදිවිදාන දීලා නෑ දන්න තරමින්.

    7-13 වෙනකම් ඔක්කොම හරි. :oo:

    අනිත් ඒවා බොරු. නීතිය ඕ‍නෑම පොලිස් නිළධාරියෙක්ට ක්‍රියාත්මක කල හැකියි.

    නැහැ නේද බන්. ඔය බ්‍රෙතලයිසර් බැලූන් හෙන ගනන්. ශුවර්ම නම් විතරයි නේද පොලිසීයේ උන් ඔක පුම්බන්න දෙන්නේ. ඇල්කොහොල් මීටර් පොලිසිවල නැ නේද? ඒවා නම් ඔනැ කෙනෙකුට පිබින්න පුලුවනිනේ. මම දන්න හැටියට පොලිසියේ රාලහාමිලා මුලින්ම බැලුන් පුම්බන්න දෙන්නේ නැ. ශුවර්ම උනොත් විතරයි දෙන්නේ.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    නැහැ නේද බන්. ඔය බ්‍රෙතලයිසර් බැලූන් හෙන ගනන්. ශුවර්ම නම් විතරයි නේද පොලිසීයේ උන් ඔක පුම්බන්න දෙන්නේ. ඇල්කොහොල් මීටර් පොලිසිවල නැ නේද? ඒවා නම් ඔනැ කෙනෙකුට පිබින්න පුලුවනිනේ. මම දන්න හැටියට පොලිසියේ රාලහාමිලා මුලින්ම බැලුන් පුම්බන්න දෙන්නේ නැ. ශුවර්ම උනොත් විතරයි දෙන්නේ.

    නෑ බං ඇල්කොලයිසර් එච්චර ගනන් නෑ. (අපේ අයියල ගේන එක ගනන් තමයි කොහොමත් දෙගුනයකට වැඩිය ගෙවල ගේන්නේ බං)
    මාසෙට ගානක් හැම පොලිසියටම නිකුත් කරනවා Division Traffic එකෙන් මචං. ඒවා ටික සතියෙන් ඉවර වෙනවා හරියට පාවිච්චි කරොත්. නීතියේ හැටියට නම් වැරුද්දක් පෙන්නන්න අපොහොසත් වෙනව නම් රදවා ගන්න තහනම්. ඒත් ඉතින් තග දාලා ලංකාවේ අයියලා බය කරනවා අපේ එවුන්ව. බීලා එලවපුවම කේස් ගොඩයි හින්ද කව්රුත් ගේම අදින්නේ නෑ. ඒ වුනාට නීතිය අරක මචන්.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ බං ඇල්කොලයිසර් එච්චර ගනන් නෑ. (අපේ අයියල ගේන එක ගනන් තමයි කොහොමත් දෙගුනයකට වැඩිය ගෙවල ගේන්නේ බං)
    මාසෙට ගානක් හැම පොලිසියටම නිකුත් කරනවා Division Traffic එකෙන් මචං. ඒවා ටික සතියෙන් ඉවර වෙනවා හරියට පාවිච්චි කරොත්. නීතියේ හැටියට නම් වැරුද්දක් පෙන්නන්න අපොහොසත් වෙනව නම් රදවා ගන්න තහනම්. ඒත් ඉතින් තග දාලා ලංකාවේ අයියලා බය කරනවා අපේ එවුන්ව. බීලා එලවපුවම කේස් ගොඩයි හින්ද කව්රුත් ගේම අදින්නේ නෑ. ඒ වුනාට නීතිය අරක මචන්.
    එල, මචන්. තැන්ක්ස්.
     

    Sumith_Aiya

    Member
    Sep 15, 2014
    47
    4
    0
    නීති කතා කරලා වෙන්නේ තව ටිකක් වැඩේ අල වෙන එක,
    ලංකාවේ පොලිසියේ ඉන්න උන්ට ඕවා වැඩක් නැ බන්,
    ගොඩක් ඕවා අඩුවෙන් බන් වෙන්නේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,862
    8,200
    113
    Kotahena
    Repost and fake. Don't ever copy paste like these kind of crap again. Don't drag our members to well
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :yes:

    ඔය කාරණා ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාෂකත් කරුණු පැහැදිලි කලා ඕක Facebook එකේ share වෙන්න පටන් ගත්ත දවස් වලම. :)

    කට උත්තරයක් දෙන්න කලින් නීතීඥ සහය ගන්න පුලුවන් කියන කාරණේ විතරයි ඇත්ත ඔතනින් :)