FB ලෝක_වාර්තාවක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    FB ලෝක_වාර්තාවක්

    28871804_433091717127317_3326303302571571079_n.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    සමාජ ජාල තහනම අරක්කු බොන නිසා වීදුරු කැඩුව වගේ වැඩක්

    ගෙවුණ දින කිහිපය මෙරට සාමය, සංහිඳියාව, ආර්ථිකය මෙන්ම සහජීවනයට ද කැලැල් මතු කළ වකවානුවකි. දෙමළ සිංහල ගැටුම 40 වසරක පමණ ශාප කාලයකින් පසුව යටපත්කර ගැනීමට සමත්වුවද, අන්තවාදීන්, අවස්ථාවාදීන් මෙන්ම ජන, කුල හා ආගම් මුල්කරගත් විවිධ මාදිලියේ ආකල්පවාදීන් වරින්වර සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා තිරසර සාමයක් ළඟාකර ගැනීමට බාධා ඇති විය.

    එහි දිගුවක් ලෙස තෙල්දෙණියෙන් ආරම්භ වී මහනුවර දිස්ත්‍රික්කයම වෙලාගත් සිංහල – මුස්ලිම් අන්තවාදී ගැටුම හැඳින්විය හැකිය.

    සියවස් ගණනාවක් මේ දිවයින සිය නිවහන කරගත් ශ්‍රී ලාංකේය මුසල්මානුවන්, සැලකිය යුතු කොටසක් නැගෙනහිර පළාතේ ජීවත් වුවත් ඔවුන් බහුතර ප්‍රජාව සමඟ මිශ්‍ර ව ජීවත්වන කණ්ඩායමකි. මෙසේ මිශ්‍රවූ ජීවන රටාව අවුල් කිරීමට කලකෝලාහල කරන අන්තවාදීන්ට සමාජ මාධ්‍ය ජාල උඩගෙඩි දෙන බවට ආරක්ෂක අංශවල චෝදනාවක් සමඟ පැය 72ක කාලයකට යටත්ව ෆේස්බුක්, වට්ස්ඇප් හා වයිබර් සමාජ ජාලද මේ වන විට අවහිර කර දමා තිබේ. එම අවහිර කිරීමට අප සපුරාම විරුද්ධවුවද, ඉන් ජාතීන් අතර ගිනි නිවේනම් අපට පැය 72ක කාලයක් ඉවසා සිටීමටද හැකිය.

    නවීන ලෝකය තුළ අන්තර්ජාලය භාවිතා කරනු ලබන්නේ එක් කාරණාවක් සඳහා පමණක් ම නොවේ. එය සන්නිවේදන මෙවලමක් ලෙස මෙන්ම විවිධ ක්ෂේත්‍රවලට ආර්ථික ප්‍රතිලාභ අත්කර දෙන්නාවූ මගක් ලෙසද භාවිතා වේ. සන්නිවේදන මෙවලම් ජාතිවාදය ආගම් වාදය වැනි නපුරුමත වපුරන්නට භාවිතා කිරීම වැලැක්වීම පසෙක තබා සමස්ථ මෙවලම අක්‍රිය කිරීම අඥානකමකි. අවසානයේ සිදව ඇත්තේ ජාතිවාදී අදහස් පැතිරී යාම පාලනය කිරීමට සමාජ ජාල මෙවලම් මත බාධක පමුණුවීම මගින් ජාතිවාදී නොවන පිරිස් වලට ද එම මෙවලම් අහිමිවී තිබේ. ඊට එරෙහි සටනට වැට බැඳීමය.

    සමාජ ජාල වලට අමතරව ජාතිවාදී නැඹුරුවක් දක්නට ඇති මාධ්‍ය භාවිතයක් ඇතැම් සිංහල භාෂා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වලද දැකිය හැකි අතර, මෙමගින් තේරී යන්නේ එම මාධ්‍ය ද ඉදිරියේදී වසා දැමෙනු ඇති බවද?, මේ පිළියම අරක්කු බොන අයෙක් නිවසේ සිට අරක්කු බොන නිසා බීමට ගන්නා වීදුරු කඩා දැමීම හා සමාන සිද්ධියකි. එබැවින් මේ ආණ්ඩුවට සමාජ මාධ්‍ය ජාල තුළ ජාතිවාය, ආගම්වාදය පතුරවනු ලබන ගිණුම් වසා දැමීම, තහනම් කිරීම හෝ ඔවුන් කොටුකරගෙන අල්ලා ගැනීමට නොහැකි නම් ජාතිවාදය හෝ ආගම්වාදය අතුගා දැමීමට උත්තර සෙවිය නොහැකි බව සිහි තබාගත යුතුය.

    ඊයේ (08) ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ වට්ස් ඇප්, වයිබර් වැනි ජංගම දුරකථන යෙදවුම් තාවකාලිකව අවහිර කර ඇතත් ඇතැම් පිරිස් විවිධ උපක්‍රම මගින් එම වෙබ් අඩවිවලට සහ යෙදවුම්වලට පිවිසෙන බවට තොරතුරු අනාවරණ වී තිබෙන බව කියා තිබිණි.

    එසේම එවැනි තැනැත්තන් දැන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ. මේ සම්බන්ධයෙන් අපට ඇසීමට පැනයක් තිබේ. ඒ, ඔවුන් හඳුනා ගැනීමට හැකි නම් සමස්ථ මෙවලම අඩපන නොකොට ඔවුන්ගේ ගිණුම් පමණක් වසා දැමීමට අවස්ථාව නොතිබුණේද යන්නයි. එමෙන්ම අදාල සමාජ මාධ්‍ය අවහිර කර ඇත්නම් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම් ඊයේ දහවල් කාලයේ සිට මේ වන තෙක් ම යාවත්කාලින වන්නේ කෙසේ ද යන්නයි.

    එසේම රට තුල උද්ගත වන හදිසි කෝලහාල තත්ත්වයක් සමාජ මාධ්‍ය වාරණය කර පාලනය කිරීමට වන තරමට ම රාජ්‍ය යාන්ත්‍රණය දුර්වල වී ඇත්දැයි අපට ගැටලුවක් තිබේ. කෙසේවුවද අප මෙය දකින්නේ තොරතුරු දැන ගැනීමේ හා භාෂයේ නිදහසට එල්ල කරන ලද පහරක් සහ සියුම් මර්දනයක් ලෙසයි.

    තත්වය එසේවුවද, ජාතිවාදයට මෙන්ම ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධ පුවත් වලටද අප සංගමයේ වෙබ් අඩවි දැඩිව විරෝධය දක්වනවා මෙන්ම ගෙවුණු කාලයේදී අප එය ක්‍රියාවෙන්ද ජාතීන් අතර සංහිඳියාව හා සහයෝගය වර්ධනය කරමින් කටයුතු කර පෙන්වා තිබේ. එසේම අප අදාල සමාජ ජාල භාවිතා කරන සියලුමදෙනාගෙන් ඉල්ලා සිටිනේ ජාතිවාදය වැපීරීමට සිදුකරන රැවටිලිකාර වදන්, පනිවුඩ හා ඒවා පෝෂණය කරනු ලබන ඡායාරූප වැනි දේ බෙදා හැරීම අනුමත කිරීම මෙන්ම කැමැත්ත පල කිරීමෙන් හා පක්ෂපාතී අදහස් ප්‍රකාශ කිරීමෙන් ඔබද ජාතිවාදයට අනුබලදෙන්නකු වන බවයි. එබැවින් ඊට අනුබවදීම රට අනතුරේ හෙලීමක් බවද සිහි තබාගත යුතුවේ.

    සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම අප විසින් තරයේම හෙළා දකින් අතර ඒ අනුව ඉකුත් කාලයේදී ඊ නිවුස් වෙබ් අඩවිය ලංකාව තුළ අවහිර කිරීම සම්බන්ධයෙන්ද අපි විරෝධය දක්වා සිටිමු. මෙරට දේශපාලනයට යහපත් වෙනස්කම් සිදු කිරීමට අප හවුල්වූ බවට ඉතිහාසය සාක්ෂි දරණ අතර මේ අවස්ථාවේ ද වියරු වැටීසිටින ජාතිවාදය හා සටන් කිරීමට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීමට අපි හවුලවන බවද මෙයින් සහතික වෙමු.

    ස්තූතියි

    මෙයට

    ෆ්‍රෙඩී ගමගේ කැළුම් ශිවන්ත

    සභාපති ලේකම්
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඕන තරම් ගොබ්බ වැඩ කරලා ඇති එත් Sex & VPN කියලා Google කරලා නම් නෑ:D:sorry:
     
    • Like
    Reactions: Arrow11