අහස

Member
Dec 14, 2012
163
16
0
www.slcert.gov.lk මෙතනට ගිහිල්ලා රිපොර්ට් කරන්න පුළුවන්.....................

මොකක් වගේ සම්බන්දවද රිපොර්ට් කරන්න යන්නේ.?
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
ඔබ වෙනුවෙන් ඇති ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය [SLCERT]


ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති.
ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි.

මෙම ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරමින් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මෙසේ සඳහන් කළේය.
“මේ වනවිට, ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ වංචා වැඩිවෙමින් තිබෙනවා. ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට හොරෙන් ඇතුළුවීම, අනුන්ගේ නමකින් ෆේස් බුක් ගිණුම්වල පෙනී සිටිමින් වංචා සිදුකිරීම, වෙබ් අඩවි වලට හොරෙන් ඇතුළුවීම මේවා අතර ප්‍රධානයි. මේ පිළිබඳව අප ආයතනයට පැමිණිලි කළ හැකියි.“
යමෙකුගේ ෆේස් බුක් ගිණුමට යම් ප්‍රශ්නයක් සිදුව තිබේ නම් ඒ පිළිබඳව දේශීව විමර්ශනයක් කර පසුව ඒ පිළිබඳව ඇමරිකාවේ පිහිටි ෆේස් බුක් ප්‍රධාන කාර්යාලයට දැනුම් දී නිවැරදි කිරීමට සිය ආයතනය කටයුතු කරන බව පල්ලියගුරු මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව, දරුණු අක්‍රමිකතා පිළිබඳව රහස් පොලීසිය මාර්ගයෙන් පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) විසින් මෙවැනි වංචා වලින් වැලකී පරිගණක ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම අවධාරණය කළේය.
මෙවැනි පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Slcert) පහත දුරකතන අංකය මගින් දැනුම් දෙන්න.


011 2 691 692
 

kasun69

Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    536931_387814457980841_1516568551_n.jpg