Fb vs Yt monetization

ndod1

Well-known member
  • Oct 28, 2023
    527
    356
    63
    යූටියුබ් එකේ නම් copy right වදිනවනෙ පොඩි හරි වෙන කෙනෙකුගෙ දේවල් වීඩියෝ එකක include උනොත්. Fb වලත් එහෙම වෙනවද monetize කෙල වෙයි ද
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,459
    2,729
    113
    colombo
    ඔව්, Facebook එකෙත් YouTube එකේ Content ID වගේම system එකක් තියෙනවා — Rights Manager කියලා. වැඩේ වෙන්නෙ මෙහෙම:

    Copyright claim එකක් ආවොත්:

    • වීඩියෝ එක block වෙනවා, එහෙම නැත්නම් audio එක mute වෙනවා
    • ඒ වීඩියෝ එකෙන් එන ad revenue එක original owner ට යනවා
    • Owner ට පුළුවන් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න request කරන්නත්
    Monetization එකට වෙන බලපෑම — මේක තමයි බය වෙන්න ඕන තැන:

    • එකම දේ repeat උනොත් Page එකේ monetization eligibility නැති වෙනවා. Facebook එකේ policy එකේ නම "limited originality of content" — වෙන කෙනෙක්ගෙ content ටිකක් වෙනස් කරලා දැම්මත් demonetize වෙනවා
    • Distribution අඩු වෙනවා (reach වැටෙනවා), දිගටම කරොත් Page එකට publishing restrictions එනවා
    • YouTube එකට වඩා Facebook එකේ unoriginal content ගැන වඩා strict — formal copyright strike එකක් නැතුවත්, "මේක original නෑ" කියලා monetization කපනවා

    කෙටියෙන්: ඔව්, FB එකෙත් වදිනවා, monetization එකටත් කෙලවෙනවා.
     
    • Love
    Reactions: ndod1

    උඹ කියන්නෙ වෙන කෙනෙක්ගෙ දෙයක් සම්පූර්ණයෙන් ම දාන එක ගැන නේද?
    එහෙම ම නෙමෙයි මං කිව්වෙ. අපි ඉන්ටනෙට් එකේ තියෙන ෆොටෝස් Pinterest දාලා තියෙන ඒවා එහෙම අරන් රීල්ස් හැදුවොත් ? එහෙම උනොත් කේස් ද?

    තව crime stories වලට ඉන්ටනෙට් එකේ තියෙන ඒවට අදාල ෆොටො වීඩියෝ එකට include කරොත් අවුල් ද
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    422
    319
    63
    ඔව් Facebook එකෙත් තියෙනවා Rights Manager කියල System එකක්. එකේදි අපේ Content එකක් හෝ Content එකක කොටසක් හරි වෙන කෙනෙක් ගත්තොත් අපට එ්ක පෙන්නනවා. එතනදි අපට එ උස්සපු එක takedown කරන්න පුළුවන් එහෙමත් නැත්නම් ownership link එකක් Add කරන්න පුළුවන්. (Hindi සිංදු එහෙම දාද්දි බලපංකෝ content from T-Series /YRF Music කියල එහෙම වැටෙනවා video එකට යටින්)
    Monetize කෙල වෙයිද? Unoriginal Content වගෙ එන්න පුළුවන්. Recommendations suspend වෙන්න පුළුවන්. මල වාතයක් එතකොට Reach වෙන්නෙම නෑ. original owner claim කරොත් තමා ඔය හැමදේම.
    Screenshot_20260912_084443_Facebook.jpg

    Screenshot_20260912_084408_Facebook.jpg

    Screenshot_20260915_185435_Facebook.jpg