tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    සුදු මහත්තයා;13536525 said:
    CPU : 1 GHz or Faster
    RAM : 1GB for 32bit and 2GB for 64bit
    HDD : 16GB for 32bit and 20GB for 64bit
    Graphic : DirectX 9C compatible

    me tiyenne MS la depu minimum system requirement. :rofl::rofl:


    speed weda karanna puluwan requrnment kohoma weyda machan ?
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    22.gif
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    සුදු මහත්තයා;13536422 said:
    අද වින්ඩෝස් කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. කම්පියුටර් කියන වචනෙත් එක්ක නිරායාසයෙන්ම මතක් වෙන වචනය වින්ඩෝස් කියල කිව්වොත් හරි කියලයි මම හිතන්නෙ. ලෝකයේ භාවිතාවෙන පරිගනක අතරින් වැඩිම ප්‍රමානයක භාවිතාවෙන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් බව අපි දන්නවා. මයික්‍රොසොෆ්ට් සමාගමේ නිපැයුමක් වන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය Ms-Dos, Win 98,Me,XP,Vista,7 යන විවිධ යුග පහුකරගෙන ඇවිත් මේ වනවිට එහි නවතම සංස්කරනය වන Windows 8එලි දක්වන්නට සූදානමින් ඉන්නවා. මෙතෙක් හාවිතා කෙරුණු අතුරු මුහුණත වෙනුවට නවතම අතුරු මුහුණතක් Windows 8 සමග පැමිණෙනවා. සාමාන්‍ය මෙතෙක් පැමිණි වින්ඩෝස් සංස්කරන ( GUI එකක් සහිත සංස්කරණ ) වලදී පරිගනකය ආරම්භ කල පසු අපට දක්නට ලැබුනේ ඩෙස්ක්ටොප් එක. නමුත් Windows 8 වලදී සුපුරුදු ඩෙස්ක්ටොප් එක වෙනුවට Tiles වලින් සමන්විත තිරයක් ඔබට දක්නට හැකියි (Metro-style touch-based interface). මෙය touch පහසුකම් සහිත පරිගනකවලට වඩාත් සුදුසු ලෙස සකසා ඇති අතර ආකර්ෂණීය පෙනුමක් ලබා දීමට එය සමත්. මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම පරිගනකය Surface වන පැමිනෙන්නේද සමගයි. ආරම්භක මුහුනතේ දක්නට ලැබෙන අතුරු මුහුනත කොටු වලින් සමන්විත් අතර එම කොටුවක් Tile එකක් ලෙස හඳුන්වනු ලබනවා. මෙතෙක් නිකුත් වූ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල පැවති Start Menu වෙනවට එය ආදේශ වීමක් ලෙස අපිට සලකන්න පුලුවන්. Metro-style touch-based interface මත දෙයාකාරයක applications දක්නට පුලුවන්. එයින් එක් වර්ගයක් වනුයේ ඔබ අප දැනටමත් භාවිතා කරන desktop application අනික් වර්ගය මෙතෙක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල දක්නට නොලැබුණු Nodern Apps නම් Apps විශේෂයයි. කලින් Metro Apps ලෙස මේවා හැඳින්වූවත් නමුත් නීතිමය ප්‍රශ්නයක් නිසා Metro යන නම භාවිතා කරන්නට Microsoft සමාගමට නොහැකි වීම නිසා තවමත් මෙම Apps හඳුන්වන්නට නිශ්චිත නමක් නෑ. ටයිල් එකක පසුබිම සම්පූර්ණයෙන්ම වර්ණ ගැන්වී ඇත්නම් එය Modern (metro) app එකක් ලෙසත් එසේ නොමැතිනම් එය desktop application එකක් ලෙසත් මෙම වර්ග දෙක එකිනෙකින් වෙන්කර හඳුනාගැනීමෙ හැකියාවක් තියෙනවා.


    Windows 8 සමග පැමිනෙන මෙම modern apps වල ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ඒවා පරිගනක තිරය පුරාම ක්‍රියාත්මක වීමත් Close,Minimize,Maximize buttons දක්නට නොලැබීමත්ය. එතකොට කොහොමද මේ කරන්නේ. ? ඔව් ඇත්තටම මෙම apps close කිරීමේ හැකියාවක් windows 8 තුල දක්නට නැහැ. ඒවා මෙහෙයුම් පද්ධතිය විසින්ම නවතා දමනු ලබනවා. ඔබ විසින් run කරන ලද application එකක් නිශ්චිත කාලයක් තුල ඔබ විසින් භාවිතා නොකරන්නේ නම් මෙහෙයුම් පද්ධතිය විසින් එම අදාල මෘදුකාංගයට අදාලව RAM එකෙහි ඇති සියළු දත්ත hard disk එකට කොපි කර RAM මතකයෙන් එම application එක ඉවත් කරනු ලබනවා. පරිශීලකයා විසින් නැවත එම application එක භාවිතා කිරීම ආරම්භ කරනවාත් සමග hard disk එකෙහි ඇති දත්ත නැවතත් RAM එකට කොපි කර ක්ෂණිකවම එම application එක නැවත open කිරීමට Windows 8 සමත්. ඒ නිසා තව දුරටත් application close කර කර වද වෙන්න උවමනාවක් නෑ.





    වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන සංස්කරණ 4කින් නිකුත් වේ.




    • Windows 8
    • Windows 8 Pro
    • Windows 8 RT
    • Windows 8 Enterprise


    මෙයින් ප්‍රධානම වෙනස් කමක් Windows 8 RT තුල දක්නට ලැබේ. එනම් එම මෙහෙයුම් පද්ධතිය වඩාත්ම ගැලපෙන්නේ ARM Processor Architecture එක පාදක කරගත් උපකරණ (Tabs, සමහර Pcs) වලටය. මෙම සංස්කරණය තුල සාමාන්‍ය පරිගනක පද්ධති තුල භාවිතා කෙරෙන desktop application භාවිතා කල නොහැක. මේ සඳහා භාවිතා කල හැක්කේ windows store තුලින් ලබා දෙන modern apps පමණි.



    Windows 8 RT මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියේ කිනම් හෝ සංස්කරණයක සිට upgrade කල නොහැක. Windows 8 සංස්කරණයට upgrade කල හැක්කේ වින්ඩෝස් සෙවන් Windows 7 වල Starter, Home Basic, Home Premium යන සංස්කරණ පමනකි. Windows 7 Professional , Windows 7 Ultimate සංස්කරණ වල සිට Windows 8 Pro සංස්කරණයට upgrade කල හැකි අතර යන වින්ඩෝස් සෙවන් Professional, Enterprise සංස්කරණ දෙකෙහි සිට Windows 8 Enterprise සංස්කරණයට upgrade කල හැක.





    වින්ඩෝස් පෙර මෙහෙයුම් පද්ධති වල ආරම්භයේ දක්නට ලැබුණු ඩෙස්ක්ටොප් එක වෙනුවට Metro-style touch-based interface එක ආදේශ වී ඇති අතර ඒතුල Desktop එක වෙත පිවිසීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. Start මෙනුව වෙනුවට Metro-style touch-based interface එක ආදේශ වී ඇති අතර Windows 8 තුල Start Menu එකක් දක්නට නොමැත. සියළුම Apps වෙත පිවිසිය යුත්තේ Metro-style touch-based interface එක තුලිනි. සාම්ප්‍රදායික Start Button එක වෙනුවට තිරයේ වම් පහල කෙලවරේ නව button එකක් දැකිය හැකි අතර එය ක්ලික් කිරීමෙන් පිවිසෙන්නේද මෙම Metro-style touch-based interface එකටම වේ.



    Metro-style touch-based interface
    මීට අමතරව දකුණු අත පැත්තේ Charms Bar එක නමින් හඳුන්වන නව මෙනුවක් දැකිය හැක. Mouse Pointer එක තිරයේ දකුණු පස කෙලවරට ගෙන යාමෙන් මෙම මෙනුව ලබාගත හැකි අතර ඒ තුල Search, Sharing, Accessing the Start Screen, Managing Devices, සහ Settings දක්නට හැක. Win Key + C මේ සඳහා කෙටි මං වේ.


    Windows Explorer එකෙහි පෙර දක්නට ලැබූ මෙනු බාර් ඉවත්කර එයට Office 2007 සමග හඳුන්වාදෙනු ලැබූ රිබන් මෙනු ආකාරයේ Menu එකක් ඇතුලත් කර ඇත.



    Windows Explorer

    Login Screen එකද පෙර මෙහෙයුම් පද්ධතිවලට වඩා වෙනස් අතර දිනය, වෙලාව, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහන් ආදිය ඇතුලත්ව වඩාත් තොරතුරු සහිතව Lock Screen එක නමින් ඉදිරිපත් කර ඇත. ඔබට windows Accඑකක් ඇත්නම් එය වින්ඩෝස් 8 පරිගනකයේ user account එකක් ලෙස භාවිතා කිරීමේ පහසුකමද ඇත.


    Lock Screen


    මීට අමතරව වඩාත් වැඩි දියුනු කරන ලද Task Manager එකක් වින්ඩෝස් 8 තුල දක්නට හැක. වින්ඩෝස් 8 සමග පැමිනෙන default web browser එක Internet Explorer 10 වන අතර Modern apps හා සාමාන්‍ය desktop application එක යන ආකාර දෙකෙන්ම එය දක්නට ලැබේ.


    Task Manager



    තවද Blue Screen of Death එක වඩා වෙනස් ආකාරයකින් තාක්ෂණික තොරතුරු අවම කර ඉදිරිපත් කර ඇත. Dual boot OS selection menu එකද වැඩි දියුණු කර ඇති අතර මවුසය භාවිතා කිරීමේ පහසුව ඇත.


    Blue Screen of Death දැනට Developer Preview , Consumer Preview, Release to manufacturing (RTM) යන සංස්කරන නිකුත් කර ඇති අතර එය සාමාන්‍ය ජනතාවට නිල වශයෙන් නිකුත් කරනු ලබන්නේ 2012 October 25ය.

    thanks a lot dude ela rep++
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    ela ela :D
    eth meke thama issues thiyenawa compatibility walata...ekiwwe me OS eke newei ...eththatama beluwoth anith software wala thamai ithin....:baffled:

    software aluth wela enakam meka use karanna wenne nehe....mokada OS eka neweine apita wedagath....:) run karana apita oni karana softwares tika aniwaryenma onine OS eka mokak unath...:D
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ela ela :D
    eth meke thama issues thiyenawa compatibility walata...ekiwwe me OS eke newei ...eththatama beluwoth anith software wala thamai ithin....:baffled:

    software aluth wela enakam meka use karanna wenne nehe....mokada OS eka neweine apita wedagath....:) run karana apita oni karana softwares tika aniwaryenma onine OS eka mokak unath...:D

    mama compatibility check 1k damma windows 7 uda win8pro 1 run karala. deamon tool 1 witarai compatible na kiwwe. anik ewa awlak na. mata tama install karann bari 1k nam set une na. :cool:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    සුදු මහත්තයා;13538788 said:
    apo kisi awlak na. windows 7 walata wada aduwen tama resources use karanne. :cool::cool: mageth oyage wagema config tiyenne. RAM 2GB. kisi awlak natuwa wada. :D :D

    ela thnx . thama official release ekak kale nane :)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    සුදු මහත්තයා;13538779 said:
    mama compatibility check 1k damma windows 7 uda win8pro 1 run karala. deamon tool 1 witarai compatible na kiwwe. anik ewa awlak na. mata tama install karann bari 1k nam set une na. :cool:

    apo thawa thiyenawa machan...radio/dj/video editing software thiyenawa...danna behe...aluth ekelu support eka denne...:)