මම දන්නා කතාවක් කියන්නද. හැබැයි අමු හිරිකිත කතාවක්. නමුත් සතයක්.
දැනට අවුරුදු ගණනාවකට ඉහතදී ( 2003 ) මම හිටියේ කොල්ලුපිටියේ බෝඩිමක. ඒ කාලේ මම SLIIT යනවා. අපි තමයි SLIIT එකේ පළමු බැජ් එක. ඉතින් මම බෝඩිමක නැවතිලා තමයි ඉගෙන ගන්න ගියේ.
අපේ බෝඩිමට ටිකක් එහායින් තව බෝඩිමක් තියනවා. ඒකෙ ඉන්නේ ඔෆිස් වල වැඩකරන කෙල්ලෝ හතර පස් දෙනෙක්. හොඳ ලොකු ලක්ෂරී ගෙයක්. මන් හිතන්නේ එකේ හිටියේ යමක් කමක් සල්ලි තියන කෙල්ලෝ/ ගැහැණු. හැමෝටම වාහන තියනවා.
ඔය ගෙදරට එනවා ක්ලිනර් කෙනෙක් දවස් දෙකෙන් දෙකට. මිනිහ ඇවිල්ල ගෙවල් , නාන කාමර සුද්ද පවිත්‍ර කරලා යනවා. රත්නායක නම . ( ඇත්ත නම නොවෙයි ) මේ මනුස්සයට වයස 48 - 50 වගේ ඇති. මේ රත්නායක ගොඩක් ගෙවල් වල උදලු ගාන සුද්ද පවිත්‍ර කරන වැඩ කරනවා .
බෝඩිමේ හිටපු එක අක්ක කෙනෙක් මගෙත් එක්ක ගොඩක් ෆිට්. මගදී දැක්කොත් වාහනේ දාගෙන ගෙන යනවා මාව. සමහරක් දවස් වලට ක්ලාස් එක ලගිනුත් බස්සලා යනවා. ගොඩක් ෆිට් . ඒවගේම හොඳ අක්ක කෙනෙක්.
දවසක් මගෙන් අහනවා මල්ලි අපේ බෝඩිමේ සුද්ද පවිත්‍ර කරන වැඩ වලට හොඳ මනුස්සයෙක් හොයා ගන්න නැද්ද කියලා. මම ඇහුව ඇයි අක්කේ රත්නායක ඉන්නේ කියලා. ඒපාර අක්ක කියනවා ඒ යකාව අපි එලවල දැම්ම. මහා හිරිකිත සක්කිලි මනුස්සයෙක්.
අපි දවසක් යනකොට මිනිහා කොමඩ් එක ලෙව කනවලු. ඔය වගේ මානසික ප්‍රශ්න තියන මිනිස්සු ඉන්නවා අපේ සමාජයේ.
ඔන්න ඕකත් උබේ තියන මානසික තත්වය වගේ දෙයක්. පුලුවන්නම් ප්‍රතිකාර ගනින්. ඕක සුළු අබාධයක්.