Feminism is Cancer

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    බටහිරින් බෝ කරගත් ස්ත‍්‍රීවාදය විෂබීජයක් ය යන්න පෙරදිග රටවල සාම්ප‍්‍රදායික ක‍්‍රමයට සිතන කාන්තාවන් ගේ මතයකි. ‘‘විවාහ නො වී ඉන්න. පවුල නමැති වැඩවසම් සමාජ චාරිත‍්‍රය කඩාබිඳදමන්න’’ යන අදහස විෂබීජයක් වශයෙන් හැඳින්වීම වරදක් නො වේ.
    බටහිර රටවල ප‍්‍රසිද්ධ කැරෙන කාම සඟරාවලින් විවාහ නො වී සුනඛයන් සමඟ ජීවත් වන ගැහැනුන් ගේ තොරතුරු ඉදිරිපත් කැරේ. මෙ බඳු සඟරා උසස් මනසක් ඇති පුද්ගලයෝ නො බලති. එහෙත් වහවැටී කාම සඟරා බලන්නෝ ද සිටිති. පෙරදිග රටක ස්ත‍්‍රියක කාම සඟරාවක් කියවා ගැහැනුන් බල්ලන් සමඟ හැසිරිය යුතු ය යන අදහස ඉදිරිපත් කිරීම ඇය උපන් සමාජයට හෙළන විෂබීජයකි.
    අනුන්ට ඔවා දීම පහසු ය. ඔවා දෙන්නන් ඔවා පිළිපැදිය යුතු ය. එහෙත් අනුන්ට උපදෙස් දෙන ස්ත‍්‍රීවාදියෝ එ සේ නො හැසිරෙති.
    ඔවා දෙනු පර හට - තමා සම්මතයෙ පිහිටා සිට
    දුසිරිත් දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ වැ නි
    (ලෝකෝපකාරය*
    පුරාණයේ යුරෝපා රටවල ද පවුලක් යනු පරම්පරා තුනක එකතුවකි. පසු ව මහලූ වැඩිහිටියන් බෝඩිං කිරීමට වැඩිහිටි නිවාස තනවන ලද්දේ වෙළෙඳ සමාගම් විසිනි. වැඩිහිටි දෙ මහල්ලන් ගෙයින් පිට වූ නිසා මහ පවුල පරම්පරා දෙකකට සීමා විය. අනතුරු ව දහඅට හැවිරිදි දරුවා වැඩිහිටියකු ලෙස සලකා ගෙදරින් පිට කිරීමේ සම්ප‍්‍රදායය ඇති කැරිණි. ඒ වෙළෙඳ සමාගම් විසින් ම, දරුවා දෙමවුපියන්ට බරක් නම් බාල කාලයේ ම රැුඳවිය හැකි ළමා නිවාස තනන ලදි. දැන් යුරෝපයේ පවුල ආදම්ට සහ ඊවාට පමණක් සීමා වී තිබේ. ආදම් හා ඊවා වෙන් කිරීම වෙළෙඳ සමාගම්වල අලූත් ම උප්පරවැට්ටිය යි.
    ස්ත‍්‍රීවාදියෝ වෙළෙඳ සමාගම්වල අවශ්‍යතා සපුරාලමින් ස්ත‍්‍රිය හා පුරුෂයා භේද කිරීමේ ප‍්‍රචාරක කටයුත්තට අත ගසා සිටිති. පුරාණයේ ලොකු පවුල යම් තීරණයක් ගත්තේ පරම්පරා තුනක එකතුවෙනි. අත්දැකීම් බහුල වැඩිහිටි ගැහැනු පිරිමි හැම දෙයක ම හොඳ නරක විනිශ්චය කළ හ. පුද්ගලයා තනි වූ විට එ බඳු ප‍්‍රඥාවන්ත තීරණ ගත නොහැකි ය. ජනතාවට රූපවාහිනිය, ගුවන් විදුලිය හා වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කරන දේ පිළිපැදීමට සිදු වේ. ලොකු පවුල කැඩූ විට වෙළෙඳ සමාගම් නිපදවන දේ වැඩිවැඩියෙන් විකිණේ. මහ පවුලක් නිදසුන් ලෙස ගැනීමෙන් මෙය වඩාත් හොඳින් පැහැදිලි කරගත හැකි ය. ඒ පවුලේ සාමාජික සංඛ්‍යාව දස දෙනකු ය යි සිතුවොත් ඔවුන් දස දෙනා ම විසුවේ එක ම නිවෙසක ය. පවුල බිඳී වෙන් වූ පසු ව ඔවුන් දස දෙනාට ගෙවල් දහයක් වුවමනා වේ. එක රෙදි සෝදන යන්ත‍්‍රයක් පාවිච්චි කළ දහ දෙනාට දැන් රෙදි සෝදන යන්ත‍්‍ර දහයක් අවශ්‍ය ය. එක රූපවාහිනිය භාවිත කළ කණ්ඩායම බෙදී රූපවාහිනී දහයක් ගනිති. පෙර එක දුරකථනයෙන් අවශ්‍යතා පිරිමසාගත් දස දෙනා දැන් දුරකථන දහයකටත් වඩා පාවිච්චි කරති. හැම දෙයක් ම මෙ සේ ය. භාණ්ඩ වැඩිවැඩියෙන් විකිණෙන නිසා කර්මාන්ත හිමියන් ගේ හොද්ද බොර වේ.
    මුස්ලිම් රටවල් බටහිර රූපවාහිනී නාල සඳහා තහංචි පනවා ඇත්තේ මුස්ලිම්වරුන් ගේ පරම්පරා තුනේ පවුල රැුකගැනීමේ පරමාර්ථයෙන් ය යි ඇතැම් මහමදික ලෙබ්බේවරුන් ඉස්ලාම් නමින් හඳුන්වා ඇති අන්තර්ජාල අඩවිවල සඳහන් කර තිබේ. ලොකු පවුල කැඩුණු විට මුස්ලිම් සංස්කෘතිය පවා අභියෝගයට ලක් වන බව ඔවුහු පිළිගනිති. ‘‘උඹලට හැති වැටෙන කන් බෙර ගහපල්ලා. අපි නටන්නෙ නෑ. බලාගෙන ඉන්නවා.’’ ඔවුහු, තමන් විවේචනය කරන බටහිර මාධ්‍ය ආයතනවලට නො කියා කිියති.
    සියලූ ස්ත‍්‍රීවාදී කල්ලි විදේශ රටවලින් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ ව කටයුතු කරති. රාජ්‍ය නොවන සංවිධාන යනු, බටහිර යුරෝපා රටවල් විසින් තුන් වන ලෝකයේ රටවල පවත්නා මහජන ආණ්ඩු පාලනය කිරීම සඳහා ආණ්ඩු ඇතුළේ පිහිටුවනු ලබන ආණ්ඩු සඳහා භාවිත කරන නමකි. සමාජ විද්‍යාඥයන් ගේ සංගමය, ඇන්. ජී. ඕ. සංවිධාන පිළිබඳ ව ප‍්‍රකාශනයක් නිකුත් කර තිබිණි. මෙයට ලිපි සපයන කුමාරි ජයවර්ධන සහ ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයකු ව සිටි ජයදේව උයන්ගොඩ පෙන්නා දී තිබුණේ ඇන්. ජී. ඕ. බිල්ලකු නොවන බව යි. කතාව ඇත්තකි. ඇන්. ජී. ඕ. බිල්ලකු නො ව ගුල්ලෙකි. රටකට ගුල්ලන් ගැසීමකි. ඔවුන් ගේ කතාව අසන විට ප‍්‍රසිද්ධ ගැමි බයිලාවක් සිහි වේ.
    ‘‘රේල් පාරෙ මම යන කොට සිරිබරන් කොටන්
    කකුල උස්සපන්කො මලේ ගහන්ඩ ලාඩන්’’
    ඇතැම් පණ්ඩිතයන් විසින් මෝඩයන් ලෙස හඳුන්වනු ලබන ගැමියන්ට කෙ තරම් අපූරු කවි සංකල්පනා පහළ වන්නේ ද?
    ආණ්ඩුවකට ණය ආධාර ලබාදෙනවාට වඩා රාජ්‍ය නොවන සංවිධානවලට ආධාර දීම බටහිර රටවලට වාසිදායක ය. එය ආයෝජනයකි. තමන් යවන මුදල් ආධාරයෙන් නඩත්තු වන බැවින්, පාලනය කිරීම පහසු ය. වැඩිපුර මුදල් ආධාර ගැනීම හා පැවැත්ම සඳහා රාජ්‍ය නොවන සංවිධාන තමන්ට වුවමනා දේ ම කරන බව ආධාර ආයතනයෝ අත්දැකීමෙන් දනිති.
    තුන් වන ලෝකයේ රටවල් නහය විද්ද ගොනුන් සේ කීකරු කර තබාගැනීමට වෙහෙසෙන යුරෝපා රටවලට ඒ රටවල ආගම් සහ ජාතික සංස්කෘති බොහෝ විට බාධාවකි. රාජ්‍ය නොවන සංවිධාන බුල්ඩෝසර් වශයෙන් යොදාගෙන එ බඳු ආගම් හා සංස්කෘති සමතලා කිරීම ඔවුන් ගේ උපායයකි. ඉඳි වල්ල පොළොවේ ගැසුවාක් මෙන් ලංකාවේ විසිරී ඇති ස්ත‍්‍රීවාදී කල්ලි කිසි ම විළි බියක් නැති ව සිංහල බෞද්ධ සංස්කෘතියට බැට දීමට එක් හේතුවක් තමන්ට ආධාර දෙන ආයතන පිනවීම යි.
    පුරාණ ලංකාවේ ගම් පාලනය වූ ගම්සභාව තොවිලය නම් වූයේ ය. පසු කලෙක රෙදි නැන්දා නමින් හැඳින්වූ කාන්තාව තොවිලයේ දී හේනයා නමින් හැඳින්විණ.31 ලීලාවතී, අනුලා දේවී ඈ රාජ්‍ය පාලිකාවන් ගේ තොරතුරු වංසකථාවන්හි දැක්වේ.32 සෙල්ලිපිවල පරුමකලූ, පරුමකලි යන පද සඳහන් වේ. පරුමකවරුන් යනු පුරාණ ලංකාවේ ප‍්‍රදේශ නායකයන් බඳු පිරිසකි.33 මහාචාර්ය සෙනරත් පරණවිතාන පැහැදිලි කර දෙන ලෙසට, ඇතැම් විට පියා ගෙන් දුවට පරුමක තනතුර හිමි විය. පරුමකලි, පරමකලූ වචනවලින් ප‍්‍රදේශ නායිකාවන් ලෙස කටයුතු කළ කාන්තාවෝ හඳුන්වනු ලබති.34 පරාක‍්‍රමබාහු රජතුමා ගේ කාලයේ රුහුණු වැසියෝ සුගලා බිසොව ගේ නායකත්වයෙන් නිදහස් අරගලයක යෙදුණෝ ය.35 දුටුගැමුණු රජතුමා කටයුතු කළේ විහාර මහා දේවිය ගේ පා සෙවණේ ය.36 සිංහල යුද්ධ හමුදාව පවා කාන්තාවනට විවෘත වී තිබිණි. මහා පරාක‍්‍රමබාහු රජතුමා බුරුමය ආක‍්‍රමණය කිරීමට යැවූ හමුදාවේ කාන්තාවෝ ද සේවය කළෝ ය.37 අංගම් කෙටූ ස්ත‍්‍රීන් ගැන ජනප‍්‍රවාදයේ සඳහන් වේ.
    උඩරට සිංහල සමාජයේ ස්ත‍්‍රීන් ගේ තත්ත්වය පැහැදිලි කරන ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි මෙ බඳු හැඳින්වීමක් කරයි.
    ‘‘බෞද්ධ රටවලට සුදුසු පරිදි ස්ත‍්‍රීන්ගේ තත්වය බොහෝ කරුණු අතින් උසස්ය. ස්වාමියාගේ සහ භාර්යාවගේ දේපළ වෙන් වෙන් ව පවතී. ස්වාමියාට තම භාර්යාවගේ දේපළ සම්බන්ධයෙන් කිසිදු බලයක් නැත. එංගලන්තයෙහි මේ බලය ලබා ගන්නා ලද්දේ මෑත දීය. පෙර දිග රටවල භාර්යාවන් වහලූන් යයි ඇතැමුන් විසින් සැලකෙන නමුදු මේ බලය මෙහි අතීතයේ පටන් පැවතෙන්නකි. ස්ත‍්‍රීන්ට නිළපංගු උරුමයෙන් හිමි වෙයි. එසේ ම ප‍්‍රභූත්වයෙන් ක‍්‍රියා කළ හැක. කුලවතුන්ගේ පවුල්වල මිස, ස්ත‍්‍රීන් මුලූගන්නා තැබීම සිරිතක් නො වේ; මෙය ඇතැම් විට මධ්‍ය කාලයට වඩා මෙකල සිරිතක් වශයෙන් පවතිනු විය හැක. නොක්ස් කියන ලෙස ස්ත‍්‍රීන් මුලූගැන්නීම වෙනුවට විශාල නිදහසක් ස්ත‍්‍රීන්ට තිබුණි. දෙමව්පියෝ තම දියණිවරුන්ගේ පෙම්වතුන්ට අනුකූලතාව දැක්වූහ. මෙසේ කරන ලද්දේ අවශ්‍ය වූ විටක ඔවුන්ගෙන් ගත හැකි සේවය නිසාය. උඩරට ස්ත‍්‍රීන්ට පෙන්විය හැකි ධෛර්යයේ හා චරිත ශක්තියේ මහන්තත්තය බොහෝ සිද්ධීන්ගෙන් එළිදරව් වෙයි. බි‍්‍රතාන්‍ය පාලනයේ මුල් අවධියේ දී දෙගල්දොරුවේ මියනදෙණියේ ලේකමගේ ගෙය ජා දාමරිකයන් විසින් කොල්ල කන ලදි. මෙයින් ලත් තුවාලවලින් ඔහුගේ බඩවැල් එළියට ආවේය. ඔහුගේ චිත්ත ධෛර්යය කොපමණදැයි යතහොත් ඔහු තම තුප්පොට්ටියෙන් බඩවැල් බැඳ ගෙන මරණ පත් වීමට පෙර දේපළ සියල්ල ම එක ම දියණියන්ට හිමි කෙළේය. මේ කුල ස්ත‍්‍රියගේ සාක්ෂිය නිසා හොරුන් වරදකරුවන් කොට මරණයට පත් කිරීමට මග පෑදුණි. මෙහි දී ඇයගේ හැසිරීම කොතරම් නිර්භීත වීදැයි යතහොත් ආණ්ඩුව විසින් ඇයට ගම් බිම් විශේෂයෙන් පරිත්‍යාග කරන ලදි (ලෝරිගේ අකාරාදිය, 137 පිටුව*. ස්ත‍්‍රීන් පිළිබඳ එක් වීර කථාවක් සිංහල කථාවකට වඩා ‘‘රාජ්පුත්’’ කථාවක් මෙන් පෙනේ. මේ කතාව අනුව යුද්ධ හරඹ පුරුදු පුහුණු වූ එක් ස්ත‍්‍රියකගේ දක්ෂතාව රජු (සොළොස් වැනි හෝ සතළොස් වැනි සිය වසේ* කොපමණ ප‍්‍රිය කළේදැයි යතහොත් ඇයට අලි ඇතුන් හා ගම් බිම් පිරිනමා සතර කෝරළේ දිසාපති ධුරයෙන් ද සම්මාන කරනු ලැබූ බව පැවසේ (බෙල්, කෑගලූ වාර්තාව, 50 පිටුව*.’’
    පැරණි සිංහල සමාජය වෙනස් වීම ඇරඹෙන්නේ අතොරක් නැති ව සිදු වූ යුරෝපීය ආක‍්‍රමණ සමඟිනි. ලංකාවට පෘතුගීසීන් ආයේ ක‍්‍රිස්තු වර්ෂයෙන් 1505 අවුරුද්දේ දී ය. තුවක්කුවලින් සන්නද්ධ ව සිටි ඔවුන්ට ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලාගැනීමට හැකි විය. පෘතුගීසීහු ඒ පළාත් පාලනය සඳහා පෘතුගීසි නීතිය යොදාගත් හ. පෘතුගීසි නීතිය හා සංස්කෘතිය කතෝලික ආගම විසින් ගොඩ නංවනු ලැබ තිබූ එකකි. ඒ නිසා ස්ත‍්‍රිය යනු පුරුෂයා විසින් පාලනය කළ යුතු වහලියක ය යි පෘතුගීසි පුරුෂයෝ සිතුවෝ ය. ඔවුන් රාජ්‍ය පාලනය සම්බන්ධ කිසි ම කටයුත්තකට ස්ත‍්‍රීන් සම්බන්ධ කර නොගත්තේ එ බැවිනි. පෘතුගාල සමාජයේ තරුණියකට විවාහයක් කරගැනීමට අවශ්‍ය වූ විට පුරුෂයන් හරහා පූජකයන් ගෙන් අවසර ගැනීමට සිදු වී තිබිණි. ආණ්ඩුකාරයන් මිස ආණ්ඩුකාරවරියන් යනුවෙන් කොටසක් පෘතුගීසි යටත් විජිත ඉතිහාසයේ අසන්නට නො ලැබේ. පූජකවරයන් මිස පූජකවරියන් නමින් පිරිසක් ද පෘතුගීසීන් දැන සිටියේ නැත.
    ලංකාවට පැමිණි පෘතුගීසි ජාතිකයෝ, පුරුෂයන් හා සමාන ව ජීවත් වන සිංහල ස්ත‍්‍රීන් දැක මවිත වූවෝ ය. කුඩා රෙද්දක් යටි කයට ඇඳගත්, උඩු කය නිරුවත් සිංහල ස්ත‍්‍රීන් මහා මාර්ගවල දුටු ඔවුහු කෝප වූ හ.
    මැඩගස්කරයේ මැණික් සෙවීමට ගිය ලංකාවේ මහමදික තරුණයකු ගේ අත්දැකීම් විස්තරයක් ලංකාවේ පුවත්පතක පළ වී තිබිණි. ‘‘මැඩගස්කරයේ ගැහැණු සහ පිරිමි, පොදු නාන ළිංවල එකට නිරුවතින් නාති. අපි ඇඳුම් ඇඳගෙන නානවා ඔවුන්ගේ විමතියට කරුණකි. එම නිසා අපි නානවා බැලීමට එන ඔවුන් අපේ නාන ඇඳුම් පෙන්වමින් ඔවුන්ගේ භාෂාවෙන් මොනා දෝ කියමින් අපට සිනාසෙති’’ යි ඔහු ගේ ලිපියේ සඳහන් විය. ලංකාවට පැමිණි පෘතුගීසීන් උඩුකය නොවැසූ සිංහල කාන්තාවන් දුටුවේ ද මැඩගස්කරයට ගිය මහමදික තරුණයා එහි කාන්තාවන් දුටු ලෙසිනි.
    ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලාගත් පෘතුගීසීහු, සිංහල ගැහැනුන් අශීලාචාර ය යන හැඟීමෙන් මිරිකී ඔවුන් ශීලාචාර කිරීම ඇරඹූ හ. මෙය සෙබළා නො ව පූජකයා බාර ගත් ක‍්‍රියාවකි. මෑතක් වන තුරු ම මීගමුව හලාවත මුහුදුකරයේ ගැහැනුන්ට ඇඳුමක් තිබිණි. එය අත්දිග බෝරිච්චි හැට්ටය සහ බොලට දක්වා වැසෙන කම්බායකි. මෙය මිශනාරී පූජකයා සිංහල ගෑනුන්ට පැවරූ ඇඳුම යි. ඇඟ වැසූ තරමට ගැහැනිය සභ්‍ය වෙතැ යි ඔවුහු සිතුවෝ ය.
    බ‍්‍රසීලයේ ඇමසෝනා ඉන්දියානුවන් ගේ කැලෑ ගමකට ගිය ක‍්‍රිස්තියානි මිශනාරීන් පිරිසක ගේ කටයුතු විවේචනය කරන ජර්මන් වාර්තා චිත‍්‍රපටයක්, මිශනාරී කාන්තාවක ගේ සටකපට ක‍්‍රියා කලාපය හෙළිදරවු කළේ ය. අනාථාධාර වශයෙන් පල්ලියට ලැබුණු ඇමරිකානු කාන්තාවන් පාවිච්චි කළ බ්‍රෙසියර් මිටියක් ඇය ළඟ තිබිණි. කැලෑ ගමේ ගෑනු, දෙ තන රෙදිවලින් වැසිය යුතු අසභ්‍ය දෙයක් ය යි නො සිතූ හ. ඔවුන්, මිශනාරීන් සංවිධානය කළ උත්සවයට කොළ පොතු කොටා මිරිකාගත් සායම්වලට අළු මිශ‍්‍ර කර තැනූ ආලේපයෙන් උඩුකය පාට කරගෙන ආයේ මඟුල් උත්සවයකට යන තරම් ප‍්‍රීතියෙනි. භාෂා පරිවර්තකයා ගේ ආධාරයෙන් ගමේ ගැහැනුනට දේශනයක් පැවැත්වූ මිශනාරී ස්ත‍්‍රිය, ‘‘නොවහපු තන්වලට යකා කැමති යි. යකා වැහුණු තන හිස වනමින් සෙලවෙනවා’’ කියමින් හිස ඉහළට පහළට සොලවමින් එහාට මෙහාට ඇවිද පෙන්නුවා ය. ‘‘එතකොට මේව ලොකු වෙනව’’ යි කී ඇය, ඉදිරියෙන් ම සිටි බාල තරුණියක ගේ පියයුරු මිරිකුවා ය. එ විට ගැහැණු සිනා සෙන්නට වූ හ. ‘‘යකා බැල්ම දාගත් තන දරුවන්ට අපල කරනව’’ යි ඈ පවසන විට ගැහැනුන් හොඳට ම බිය වූ සැටි ඔවුන් ගේ මුහුණුවලින් ප‍්‍රදර්ශනය විය. ඔවුහු මිශනාරී ස්ත‍්‍රිය ගේ බ්‍රෙසියර් භාර ගනිමින් ඒ අවස්ථාවේ ම ඒවා ඇඳගත් හ. කැලෑ ගමේ ගෑනුන් ගේ උඩුකය වැස්සූ යුරෝපා කාන්තාව සවස ගත කළේ කෙසේ් ද යන්න චිත‍්‍රපටය වැඩි දුරටත් පැහැදිලි කළේ ය. මිශනාරී ගැහැණිය සිය වැඩ කොටස නිම කර විශාල හෝටලයක පිහිනුම් තටාකයකට ආවා ය. ඇය නිරුවතින් පීනන හැටි, බීර බොන හැටි, කැමරා ඇසට හසු වී තිබිණි. යකා ගේ බැල්ම වැටුණු තන හෙලවෙන බව කියමින් ඇමසෝනා ගැහැනුන් බය කළ ස්ත‍්‍රිය ගේ ලබු ගෙඩි දෙකක් වැනි තන පෙන්වූ චිත‍්‍රපට නිෂ්පාදකයා, ‘‘මේව ඇවිදින විට සෙලවෙනවා නො වේ, ලොකු වැඩිකමට බඩගානවා’’ ය යි කීවේ ය.
    ක‍්‍රිස්තු වර්ෂයෙන් 1638 දී පෘතුගීසීනට අයත් ව තිබූ ලංකාවේ බිම් පෙදෙස් ඕලන්දයනට අයිති විය. මොවුන් ගේ කාලයේ දී ලංකාවට පැමිණ ඕලන්ද නැව්වල සේවය කළ ජර්මන් නාවිකයන් ගේ දිනපොත් කිහිපයක් ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ව සිටි ආර්. රේවන්හාට් විසින් ඉංග‍්‍රීසියට පෙරළනු ලැබ පොත් කාණ්ඩයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කර තිබේ. ලංකාවට පැමිණි ජර්මන් නැවියන් ලංකාව ගැන ලියා ඇති අත්දැකීම් අතිශය චමත්කාර ජනක ය. සමහරුන් තම ආකල්ප පිළිබඳ ව පැහැදිලි කරන අවස්ථා ද වේ. මේ එබඳු නැවියකු ගේ ලියවිල්ලක කොටසකි:
    ‘‘මේ රටේ වැසියනට සිංහලයන් ය යි කියති. ඔවුහු මඳක් කාලවර්ණ ශරීර ඇත්තෝ වෙති. බොහෝ පුරුෂයෝ මෙන් ම ස්ත‍්‍රීහු ද නිර්වස්ත‍්‍ර ව නගරවල ඇවිදිති. ඔවුන් ගේ ඇඳුම ඉණ වටා එතූ රෙදි කැබැල්ලක් පමණෙකි.
    ‘‘සාමාන්‍යයෙන් කාන්තාවන්ට දිග කන් පෙති ඇත. ඉතා දිග පියයුරුවලින් යුතු ඔවුහු ඒවා උරපතුවල රඳවාගනිති. මොවුහු ද මලබාරයන් මෙන් පොල්තෙලින් කෙස් අලංකාර කරගනිති. බොහෝ පිත්තල හා රිදී මුඳු, වළලූ අතැඟිලිවල හා පාදයන්හි පලඳිති.’’
    ජර්මන් නැවියන් සිංහල ස්ත‍්‍රීන් හිමි කරගෙන තිබූ නිදහස සහ ඔවුන් ගේ නිරුවත් උඩුකය ගැන සඳහන් කරන්නේ මහත් පුදුමයකිනි.
    පුරාණ සිංහල ස්ත‍්‍රීන් උඩු කය නොවැසූ බවට බොහෝ සාක්ෂ්‍ය දක්වන මාර්ටින් වික‍්‍රමසිංහ, පහත නිදසුන ඉදිරිපත් කරයි:
    ‘‘පුරාණ සිංහල කුල ස්ත‍්‍රිය උඩුකය නොවැසූ බැව් ධමමපදටඨ කථායෙහි රොහිණී වස්තුව කියයි. අනුරු`ධ මහ ථෙරණුවෝ කිඹුල්වත් නුවරට වැඩිය හ. රොහිණී නම් උපාසිකාව, ශරීරයෙහි කුෂ්ඨ රොගයක් ඇතිව ගත් හෙයින් ලජ්ජායෙන් එහි නොපැමිණ ගෙහි සිටිනු ඇසූ අනුරු`ධ ස්ථවිරයෝ, ‘ඇය කැඳවා ගෙන්ව’ යි වදාළෝ ය. මහා ස්ථවිරයන් මෙසේ කැඳවා යැවූයෙන් රොහිණී, තමා ගේ ඇඟ පුරා වූ කුෂ්ඨ වසා ගැනීමට ඇඟ ලා ගෙන සිටි කඩ කඤ්චුකය (=සැට්ටය* ගලවා ඉවත තබා ස්ථවිරයන් වෙත පැමිණියා ය.’’
    ඒ කෘතියෙහි ම මෙ සේ ද විස්තර කැරේ.
    ‘‘පුරාණ සිංහල ස්ත‍්‍රීන් ගේ ඇඳුම පිළිබඳ ව වටහාගැනීමට ඇති දෙවැනි මග පැරණි සාහිත්‍ය ග‍්‍රන්ථ හැදෑරීම යි. මේවායේ ස්ත‍්‍රීන් හා ඔවුන් ගේ ඇඳුම් ආයිත්තම් පිළිබඳ හොඳ විස්තර දැක්වේ. පැරණි කැටයම් හා සිත්තම්හි ද සිංහල ස්ත‍්‍රීන් දැක්වේ. උඩුකය වස්ත‍්‍රවලින් නොවැසූ ස්ත‍්‍රිය සීගිරි සිතුවමට පමණක් සීමා වූ සංකල්පයක් නොවේ. මීට අවුරුදු හතළිහක් හතළිස් පහකට පෙර පවා උඩුකය නොවැසූ ස්ත‍්‍රීන් ගම්වල විසූ හ. ඒ කාලයේ නුවර කලාවිය ගම්වල දැරියෝ මල්වර වන තෙක් උඩුකය නො වැසූ හ. මවුවරුන් දරුවාට කිරි දුන්නේ තන පෙනෙයි යන බියෙන් සැඟවී හෝ ලැජ්ජාවේ තන වසාගෙන නොවේ. තන සුන්දරත්වයේ හා සෞභාග්‍යයේ ලක්ෂණයක් වශයෙන් මිස සැඟවිය යුතු උපකරණයක් යයි සිංහලයෝ නොසිතූ හ.’’
    කථිකාචාරිණී සන්ධ්‍යා අයිරාංගනී කොඩිතුවක්කු, පුරාණ සමාජයේ කාන්තාව පිළිබඳ ව ලියූ පුවත්පත් ලිපියක මෙ සේ සඳහන් වේ.
    ‘‘පුරාණ සිංහල ස්ත‍්‍රීන් සාමාන්‍යයෙන් උඩුකය නිරාවරණය කරගෙන සිටියත්, දරු ප‍්‍රසූතියට පෙර මාස කිහිපයක් ඔවුන් තමන්ගේ උඩුකය ආවරණය වන ආකාරයට කපු පිළියෙන් කළ උඩුකය වැස්මක් භාවිතා කළ බවත්, දරුවා කිරි වරන තෙක් උඩුකය ප‍්‍රසිද්ධියේ නිරාවරණය නොකළ බවත්, හ්‍යු නෙවිල් සඳහන් කරයි. ඔවුන් මෙසේ කළේ ලැජ්ජාවක් හෝ අන් කිසි අරමුණක් සඳහා නොව හුදෙක් තමන්ගේ පියයුරු යක්ෂ පේ‍්‍රතාදීන්ගේ බැල්මෙන් වළක්වා ගැනීම පිණිසම බව පෙනේ.’’
    මිශනාරීහු ගැහැනුන්ට කය වසන අයුර ඉගැන්වූ හ. පියයුරු බදු පැනැවූ බි‍්‍රතාන්‍ය ආණ්ඩුව කාන්තාව ගේ උඩුකයට රෙදි ඇන්දවීමට බල කළේ ය. එහෙත් සිංහල චින්තනය වෙනස් කිරීමට නොහැකි විය. මෙයට අවුරුදු හතලිහකට පනහකට පෙර පවා අපේ ගම්වල ගැහැනු උඩුකය නො වැසූ හ. මතු දැක්වෙන්නේ සුමන ආලෝක බණ්ඩාර නම් නාට්‍යවේදියා ඉතා මෑතක දී ලියූ පුවත්පත් ලිපියක කොටසකි:
    ‘‘අපේ අම්මා නං එක්කෝ කෑල්ල (චීත්ත හතර රියන* ඇඳලා හැට්ටයක් අඳිනවා. නැත්නම් අට රියන ඇඳලා ළපැත්ත වැහෙන්න ඔහොරි පොට කරේ දාගන්නවා. අපි පුංචි සන්දියෙ ගමේ වැඩි හරියක් ගෑණු උදවිය කෙරුවේ කෑල්ල ඇඳලා පුංචි රෙදි කෑල්ලක් කරේ දාගෙන ළපැත්ත වහගන්න එක. ඒ සන්දියේ උන්දැලාට ළපැත්ත වහගැනීමේ බරපතල උවමනාවක් තිබුණු බවකුත් පෙනෙන්ඩ තිබුණේ නෑ. අද කාලයේ ඒක පන්නයක් කරගෙන තිබුණට ඒ කාලෙ උදවියට ඒක පුරුද්දක්, සිරිතක් වෙලයි තිබුණෙ.’’
    කන්ද උඩරට රාජධානි සමයේ සිංහලයන් අතර එකගෙයි කෑම නම් චාරිත‍්‍රයක් පැතිර තිබිණි. පවුලේ වැඩිමහල් පිරිමියා සමඟ සහේට එන ස්ත‍්‍රිය ඔහු ගේ බාල සහෝදරයා සමඟ ද ලිංගික සම්බන්ධතා පැවැත්වීම එකගෙයි දීග කෑම යි. ඇය වදන දරුවෝ විවාහක පුරුෂයාට අප්පුච්චා නැතහොත් අප්පොච්චි යි කීවෝ ය. පුරුෂයා ගේ බාල සොහොයුරාට පුංචි අප්පොච්චි යි කී හ. මෙය නිරතුරු ව ම ඇති වූ යුද්ධ නිසා ඇති කරගත් සිරිතකි. හැම පවුලකින් ම පිරිමියකුට හෝ දෙ දෙනකුට හෝ යුද්ධයට යාමට සිදු විය. එකගෙයි දීග කෑම නිසා ගැහැනිය කිසි දා කණවැන්දුම් නොවූවා ය.
    යුද්ධ නිසා ම ඇති වූ තවත් සමාජ චාරිත‍්‍ර තිබිණි. සෑම සිංහල ස්ත‍්‍රියක් ම වෙද හෙදකම් දැන සිටියා ය. අත් බෙහෙත් හා බෙහෙත් පැළෑටි ගැන නොදත් ගැහැනු ගම්වල නො වූ හ. ඔවුහු සාත්තු සේවය ගැන ද දැන සිටිය හ.
    පුරුෂයන්ටත් ස්ත‍්‍රීන්ටත් පූර්ණ ලිංගික නිදහස තිබුණු බව නම් පැහැදිලි ය. සිංහල ගැහැනුන් බහු පුරුෂ සේවනයේ යෙදුණ බැව් සඳහන් කරන රොබට් නොක්ස් සියලූ ම සිංහල කාන්තාවන් වෛශ්‍යා ස්ත‍්‍රීන් ය යි සිතීමට තරම් ඉක්මන් වූයේ ඔහු ක‍්‍රිස්තියානිකාරයකු බැවිනි.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශ්‍රී ලාංකීය න්‍රික්ලේශවාදි ධනුදය සමාජ ප්‍රකම්භය තුල "Feminism" යනු හුදෙක් තයිලෝප නයිපුන්යතාවය ප්‍රකන්ඩව අනුචය කරන සිතුල පරිචේතයක් යන්නයි මාගේ අර්නින්දවාදි විනුචය මතය. :yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ශ්‍රී ලාංකීය න්‍රික්ලේශවාදි ධනුදය සමාජ ප්‍රකම්භය තුල "Feminism" යනු හුදෙක් තයිලෝප නයිපුන්යතාවය ප්‍රකන්ඩව අනුචය කරන සිතුල පරිචේතයක් යන්නයි මාගේ අර්නින්දවාදි විනුචය මතය. :yes:

    Mokak ?? :eek:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,295
    9,781
    113
    ලන්කාවෙත් දැන් කොන්ඩෙ කොට..ටම කපල විකාර විදිහට ඩයි කරල, කට්ටියක් සෙට් වෙලා ඉන්නව අමුතු සීන් එකකට
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    male feminist la ponnayo nemei...
    generally ponnayanta ganu penna ba, itin un feminist weida..!!

    Male Feminist la SthreeLoliyo. Genunge hitha dinaganna unge eka upakramayak. Ekath unge sexual desire eka misa wena ekak nemei. :lol: Genu wenuwen feminism kathaakarana un Genu anaatha karanawa anith unta wada :D
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ශ්‍රී ලාංකීය න්‍රික්ලේශවාදි ධනුදය සමාජ ප්‍රකම්භය තුල "Feminism" යනු හුදෙක් තයිලෝප නයිපුන්යතාවය ප්‍රකන්ඩව අනුචය කරන සිතුල පරිචේතයක් යන්නයි මාගේ අර්නින්දවාදි විනුචය මතය. :yes:

    download.jpeg.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Male Feminist la SthreeLoliyo. Genunge hitha dinaganna unge eka upakramayak. Ekath unge sexual desire eka misa wena ekak nemei. :lol: Genu wenuwen feminism kathaakarana un Genu anaatha karanawa anith unta wada :D

    :lol::lol: