FIFA කුසලානයේ රසබර අතීතයට.. (පලමු කොටස)
FIFA ලෝක කුසලානය නැතිනම් සැවොම දන්නා ආකාරයට පාපන්දු ලෝක කුසලාන තරඟාවලයේ 2018 සංස්කරණය ජුනි මාසේ 14(අද) සිට ජූලි 15 දක්වා රුසියාවේදී පැවැත්වෙනවා.
මෙවර තරඟාවලියට කාණ්ඩ 8ක් යටතේ කණ්ඩායම් 32ක් එකතුවෙනවා. ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාව වගේම ලෝකයේ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසකගේ අවධානයට ලක්වෙන ක්‍රීඩා ඉසව්ව විදිහට පාපන්දු ලෝක කුසලානය ගැන අපි කතා නොකරම බැහැ.
1930 මංගල ලෝක කුසලානය
1930 අවුරුද්දේ උරුගුවේ රාජ්‍යයේ පැවැත්වුණු මංගල පාපන්දු ලෝක කුසලාන තරඟාවලියට කණ්ඩායම් 13 ක් සහභාගීවුනා, තරඟ 18 ක් පැවැත්වුණු මේ තරඟාවලියේදී වාර්තා වුනේ ගෝල 70ක් පමණයි. තරඟාවලිය පුරාවට ලක්ෂ 6කට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් තරඟා නරඹා තිබුණා. මේ තරඟාවලියේ අවසන් තරඟයට පිවිසුනේ සත්කාරක උරුගුවේ රාජ්‍ය සහ ආර්ජන්ටිනාවයි. දකුණු ඇමරිකානු රටවල් මේ තරඟාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූවා. අවසන් තරඟයෙන් ගෝල 4-2 ක් විදිහට ජයගත්ත උරුගුවේ කණ්ඩායම මංගල පාපන්දු ලෝක කුසලානය හිමිකරගත්තා. 1924 පැරිස් ඔලිම්පික් තරඟාවලියේ පාපන්දු තරඟ පැවැත්වීම නිසා මෙම ලෝක කුසලාන තරඟාවලිය ගැන යෝජනාවක් ඇතිවුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි 1930 තරඟවලිය පැවැත්වුනේ. මේ තරඟාවලියේ තරුව බවට පත්වුනේ උරුගුවේ කණ්ඩායමේ ජෝස් නස්සාසි යි.
1934 ඉතාලියට
දෙවැනි පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වුනේ 1934 අවුරුද්දේ ඉතාලියේයි. කලින් තරඟාවලිය වගේම මෙහිදීත් සත්කාරකත්වය දැරූ ඉතාලි කණ්ඩායම ශූරතාවය දිනාගනිද්දි අනුශූරයන් බවට පත්වුනේ චෙකෝස්ලෝවැකියා කණ්ඩායමයි. හැබැයි මේ තරඟාවලියෙදි මෙතෙක් ලෝක කුසලාන තරඟාවලි සහ ලෝකයේ ප්‍රකට පාපන්දු තරඟාවලි අතරේ දකුණු ඇමරිකානු රටවල ආධිපත්‍ය බිඳීගියා. මොකද මේ තරඟාවලියේ තුන්වෙනි ස්ථානය ජර්මනියට සහ හතරවෙනි ස්ථානය ඕස්ට්‍රියාවට හිමිවුණු නිසා. කණ්ඩායම් 16 ක් තරඟ 17කදී මුණ ගැහුණු මේ තරඟාවලියේ වාර්තා වුනෙත් ගෝල 70 ක් පමණයි, අතිරේක කාලයේදී ලබාගත් රන් ගෝලය සමගින් ඉතාලිය 2-1 ක් ලෙස ජයගත්තා.
ප්‍රංශයට ගිය 1938
මීළඟ පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ 1938, හැබැයි එවර සත්කාරකත්වය දරපු ප්‍රංශ කණ්ඩායම අවසන් පූර්ව තරඟයටවත් පිවිසෙන්න නොහැකිවුණා. පිට පිටම දෙවැනි වරටත් ඉතාලිය මෙවරත් ලෝක කුසලානය දිනාගත්තා. අවසන් තරඟයේදී 4-2 විදිහට හංගේරියානු කණ්ඩායම ඉතාලියට පරාජය වුනා. කන්ඩායම් 15ක් සහභාගීවුණු මේ තරඟාවලියේ තරඟ 18ක් පැවැත්වුනත් ප්‍රේක්ෂකයන් ලක්ෂ 4කට වඩා තරඟ නරඹන්න එකතු වුනේ නෑ. සමස්ත තරඟාවලිය පුරා ගෝල 84ක් වාර්තාවී තිබුණා.
1950 කාලයකට පසු
දෙවැනි ලෝක යුද්ධය නිසා වසර 12ක් තිස්සේ නොපැවැත්වුණු පාපන්දු ලෝක කුසලානය 1950 අවුරුද්දේ බ්‍රසීලයේ පැවැත්වීමට තීරණය කලා. මේ තරඟාවලියේ අවසන් මහා තරඟයේදී සත්කාරක බ්‍රසීල කන්ඩායම උරුගුවේ කණ්ඩායම හමුවේ 2-1 විදිහට පරාජයට පත්වීම නිසා දෙවනි වරටත් උරුගුවේ කණ්ඩායමට ලෝක කුසලානයක් හිමිවුණා. ලෝක යුද්ධය සම්බන්ධ ගැටළු නිසා මේ තරඟාවලියට සහභාගීවුනේ රටවල් 13ක් පමණයි. තරඟ 18ක් පැවැත්වුණු මේ තරඟාවලියට ප්‍රථම වතාවට මිලියනයකට අධික ප්‍රේක්ෂක පිරිසක් එකතුවුණා. මේ තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව බ්‍රසීලය ලබාගත් 6-1 ජයග්‍රහණය අමරණීය ජයක් බවට පත්වුණා.
සීතල 1954
ඊළඟ පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ යුරෝපයේ සීතල කෙළවර වන ස්විස්ටර්ලන්තයේදී. මේ තරඟාවලියේදී ප්‍රථම වතාවට ජර්මන් කණ්ඩායම හංගේරියානු කන්ඩායම පරාජයට පත්කරලා ලෝක ශූරයන් බවට පත්වෙනවා. දෙවනි ලෝක යුද්ධයෙන් පසුව හුදෙකලාව පැවති ජර්මනියට මෙය විශාල අවස්ථාවක් වුනා නැවත ලෝකය සමග මුසුවෙන්න. රටවල් 16ක් සහභාගිවුන මේ තරඟාවලියේ තරඟ 26ක් පැවැත්වුනු අතරේ තරඟාවලිය පුරා ගෝල 140ක් පමණ වාර්තාවී තිබුණා. දෙවතාවක්ම ශූරයන්වුනු උරුගුවේ කණ්ඩායමට මෙවර හිමිවුණේ 4 වැනි ස්ථානයයි.
1958 දී ස්වීඩනයට
නැවත වතාවක් යුරෝපයේම පැවැත්වුණු පාපන්දු ලෝක කුසලාන තරඟාවලියට රටවල් 16 ක් සහභාගීවුණු අතරේ තරඟ 35ක් පැවැත්වුණා. අවසන් මහා තරඟයේදී සත්කාරක ස්වීඩනය පරාජයට පත්කරමින් 5-2 ක විශිෂ්ට ජයක් වාර්තා කරන්නේ බ්‍රසීලයයි. තරඟාවලිය පුරාම සුවිශේෂ දස්කම් දක්වපු බ්‍රසීල කණ්ඩායම එම වසරේ ලෝක කුසලානය දිනාවි කියලා බොහෝ දෙනෙක් අපේක්ෂා කලා. පසුගිය ශුරයන් වුණු ජර්මන් කන්ඩායමට හිමිවුනේ 4 වැනි ස්ථානයයි. ප්‍රේක්ෂයන් සමස්ත වශයෙන් ලක්ෂ නවයකට ආසන්න පිරිසක් මේ තරඟාවලිය නරඹා තිබුණා.
1962 නැවතත් දකුණු ඇමරිකාවට
චිලී රාජ්‍යයේ පැවති මේ ලෝක කුසලාන පාපන්දු තරඟය විශේෂ තරඟාවලියක්. එයට හේතුව තමයි ප්‍රථම වතාවට තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයන් වෙනුවෙන් රන් සපත්තුවක් පිරිනමන්න ඇඩිඩාස් සමාගම කටයුතු කිරීම එක්ක. රටවල් 16ක් තරඟ 32කදි මුහුණට මුහුණ ගැටුණු මේ තරඟාවලියේ කුසලානය හිමිකරගත්තේත් පසුගිය ශූරයන් වුණු බ්‍රසීල කණ්ඩායමමයි. ඒ අවසන් තරඟයේදී 2-1 ක් ලෙස චෙකෝස්ලෝවැකියානු කන්ඩායම පරාජයට පත්කරමින්. මේ තරඟාවලියේදී හංගේරියාවේ ෆ්ලොරියන් ඇල්බර්ට් හොඳම යොවුන් ක්‍රීඩකයා බවට පත්වුනා වගේම ඔහු ඇතුලු තවත් දක්ෂ ක්‍රීඩකයන් හය දෙනෙක්ට රන් සපත්තුව සම්මාන හිමිවුණා.
1966 හිරු නොබසින අධිරාජ්‍යයට
එංගලන්තයේ පැවති 1966 පාපන්දු ලෝක කුසලානය අවසන් වුනේ සත්කාරක එංගලන්ත කණ්ඩායමට මංගල ලෝක කුසලාන ජය හිමිකරදෙමින්. ඒ ඔවුන් ලෝක කුසලාන අවසන් මහ තරඟයකට පිවිසි පළමු වතාවයි. එංගලන්තය හමුවේ 4-2ක් විදිහට පාරාජයට පත්වෙන්නේ ජර්මානු කණ්ඩායමයි. රටවල් 16 ක් තරඟ 32 කදී හමුවුණු මේ තරඟාවලි ලක්ෂ 15කට අධික පිරිසක් නරඹා තිබුණා. මෙම තරඟාවලියේ සිව්වන ස්ථානයට පත්වූනේ සෝවියට් රුසියන් කණ්ඩායමයි.
1970 මෙක්සිකෝවට
සත්කාරකත්වයේ වාසිය මෙක්සිකෝවට යන්තම් හෝ ලබාදුන්නේ නැති බ්‍රසීල කණ්ඩායම වසර 12ක් තුල තුන්වෙනි වතාවටත් ලෝක ශූරයන් බවට පත්වෙනවා. ඔවුන් අතින් පරාජය වුනේ ඉතාලි කණ්ඩායමයි. බ්‍රසීල කණ්ඩායමේ Pele ලොවටම තරුවක් බවට පත්වෙන්නේ මේ තරඟාවලිය එක්කයි. අවසන් තරඟයේ බ්‍රසීලය ලබාගත් ගෝල 4න් තුනක්ම එල්ලවන්නේ ඔහුගෙන්. මේ තරඟාවලියටත් සහභාගීවුනේ කන්ඩායම් 16ක් පමණයි.
ප්‍රථම වරට 1974 ජර්මනියට
1974 පාපන්දු ලෝක කුසලානය පැවැත්වුනේ ජර්මනියේදීයි. එහිදී අවසන් මහා තරඟයේ තියුණු තරඟයකින් පස්සේ ඉතා අවාසනාවන්ත විදිහට සත්කාරක ජර්මනිය පරාජයට පත්කරලා නෙදර්ලන්ත කණ්ඩායම පාපන්දු ලෝක කුසලානය හිමිකරගන්නවා.එවර රන් සපත්තුව සම්මානය හිමිවෙන්නේ පෝලන්තයේ ග්‍රෙගෝස් ලාටෝ ටයි. බ්‍රසීලයිට එවර හිමිවන්නේ හතරවැනි ස්ථානයයි.මිලියන 2කට ආසන්න පිරිසක් මේ තරඟාවලිය නරඹා තිබුණා.
FIFA කුසලානයේ රසබර අතීතය 2 වැනි කොටසට..
උපුටා ගැනීම - www.her.lk