Files කෑලි වලට කඩන්න

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Files කෑලි වලට කඩන්න

    untitled.JPG


    HJ-Split ගැන :-
    මම අද කියන්න යන්නේ පොඩ්ඩක් වෙනස් Software එකක් ගැන.මේ Software එක තියෙන්නේ ලොකු ලොකු Files පොඩි පොඩි කොටස්වලට කඩන්න.මේ Software එක 100% ක් Free.මේක ගොඩාක් වටින්නේ Internet එකට Files Upload කරන අයට.මොකද සාමාන්‍යයෙන් File එකක් Internet එකට Upload කරනවා කියන්නේ පොඩ්ඩක් වෙලාව එහෙම යන වැඩක් කියලා කවුරු කවුරුත් දන්නවානේ.අපි හිතමු ඔයාට Film එකක් Internet එකට Upload කරන්න ඕනවුනා කියලා.සාමාන්‍යයෙන් Film එකක් 700MB විතර වෙනවානේ. ඔය File එක Internet එකට Upload කරන්න ගියහම පැයගානක් නැත්නම් දවස් ගානක් යන්නත් තියෙනවා.එක ඉතින් තීරනය වෙන්නේ ඔයාගේ Internet Connection එකේ හැරටියට තමා.දැන් ඔන්න SLT කට්ටිය අළුත් Connection 3ක් ම හඳුන්වලා දීලා තියෙනවා.හැබැයි ඒවායේ Speed එක එහෙම වැඩි වුනාට ඒ වගේම ඒවායේ ගානත් වැඩීනේ ,ඒ වගේ Connection එකකින් නම් පොඩ්ඩක් ඉක්මනට වැඩ කරගන්න තිබ්බා.එහෙම කලත් ටිකක් වෙලාව නම් යනවා එක File එකක් Upload කරනකොට.ඒක හින්දා File එක කොටස් 4කට විතර කඩලා Upload කලා නම් වැඩේ ලේසී.UPS නැති අයටත් හොඳයි,මොකද නැත්නම් ලයිට් ගියොත් ඔක්කෝම ඉවරනේ.
    හරි අපි දැන් වැඩේට බහිමු ,මුලින්ම මේ File එක Download කරගන්න.ඊට පස්සේ මේ File එක Extract කරගන්න.දැන් ඔයාට පේන්න තියෙනව ඇති හරි ලකුනක් දාපු Icon එකක් ඒක උඩ Double Click කරන්න.දැන් ඔයාට Split කියලා Button එකක් පෙනෙයි.ඒක උඩ Click කරන්න.දැන් ඒකේ Input File ගිහින් ඔයාට කොටස්වලට කඩන්න ඕන Video එක හරි Software එක හරි File එක හරි පෙන්වන්න.File ගොඩක්නම් ඒ File ගොඩ Win RAR වලින් Compress කරලා ඉවර වෙලා HJ-Split එකට Input කරන්න.දැන් Output කියන තැනින් ඔයාට මේ කැඩිලා එන File ටික එන්න ඕන තැන පෙන්වන්න.ඊට පස්සේ ඔය යටින් තියෙන Split File size කියන එකේ ඔයාට මේ File එක කැඩුනහම එක File එකකට එන්න ඕන උපරිම Size එක දාන්න.මෙතන ප්‍රමාණැය දාන්න තියන තැනට එහා පැත්තේ Kilobyte ද Megabyte ද කියන එක හදාගන්න පුළුවන්.දැන් Start කරන්න.ඔන්න දැ Split වෙලා ඉවර වෙයි.
    දැන් ඔයා කැමති විදිහකට ඔය කැඩිච්ච File ටික Internet එකට Upload කරන්න.හැබැයි ඔය File ටික Download කරන කෙනත් මේ Software එක භාවිතා කරලා ඔය File ටික Joint කරගන්න ඕනේ.ඒක කරන්නේ මෙහෙමයි.HJ-Split Open කරගන්න.දැන් ඒකේ තියෙන Joint කියන Button එක උඩ Click කරන්න.අර Download කරපු File ටික Input කරන්න. ඊට පස්සේ Output එක යන්න ඕන තැනත් පෙන්වන්න. දැන් Start කරන්න.ඔන්න දැන් ඔය File කටික එකතු වෙලා Output වෙන්න දීපුතැන එක File එකක් හැදිලා ඇති.ඒක සාමාන්‍ය විදිහට Open කරන්න.Video File එකක් නම් නිකන්ම Open කරන්න පුළුවන්.කලින් කිව්ව වගේ Compress කරලා Split කරපු එකක්නම් දැන් ඒක එක File එකක් වෙලා ඇති ඒක Extract කරලා ඔයාට ආයිත් අර File ටික ගන්න පුළුවන්.

    ඔයාලා මේක ගොඩක් දුරට තේරුම්ගන්න ඇති කියලා මම හිතනවා.මොකද මම මීලඟට දෙන්නේ ඔයාලට ගොඩාක් වටින Adobe Collection එක වගේ ලොකු Software. ඒක හින්දා ඔයාලට මේක ඉගෙනගන්න එක ගොඩාක් වටියි කියලා මම හිතනවා.ඒ වගේම මතක් කරන්න ඕනේ මේතමයි මම මේතාක් ලියපු දිගම ලිපිය.


    මෙතනින් බාගන්න​
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    HJSplit watata wada FFSJ Simple, Fast And Easy to Understand

    menna deke wenasa Mama test karapu ekak
    (Core2Duo @2.4Ghz 3GB Ram Laptop)

    To Join 2.78 GB
    HJ Split 4:03:40
    FFJS 2:13:57 x1.82 Faster

    To Join 350MB
    HJ Split 0:14:28
    FFJS 0:10:39 x1.37 Faster

    Download From Here
    Click Here
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    www.rarlab.com/download.htm


    එලකිරි මචං

    මගේ ලඟ මේක තියෙනවා


    මට .rar files join කරන්න පුලුවන් software එකක් දෙන්නකෝ
    :)



    මරු ජෝක් එක :lol:
    සිරාවටමද නෙමෙයි නේද ඇහුවෙ? :confused:


    මොකටද RAR files join කරන්නෙ?
    rar කෑලි ගොඩකින් තනි rar එකක් හදන්න ඕනෙම
    ඕනෙ නම්, WinRar එකෙන් extract කරල ආයමත් RAR එකක් හදපන්!



    .