අඩෝ පට්ටම වටින ත්‍රෙඩ් එකක්. මෙහෙම තමන් දන්න එව්වා කියන්නේ නෑ අද කාලේ ෆයිවර් කරන ගොඩක් උන්.
2015 ඉඳන් ෆයිවර් කරනවා. ඩොලර් 4300ක් වගේ තමයි තාම ෆුල් ටයිම් ෆයිවර් කරලා හොයලා තියෙන්නේ. කිසිම ෆේක් ඕඩර්ස් දාගෙන නෑ. තනිකරම බයර් රික්වෙස්ට් වලින් ගේම ගැහුවේ. 2015 දී ගිග් හදන්න කියල දීල ගිග් ඉමේජස් පවා දීපු කොල්ලෙක් නිසා මම මෙහෙම හරි ගොඩ ගියේ. පස්සේ මගේ අතපසුවීම් වලිනුත් මගදී ඕඩර්ස් කැඩුනා.
මම ඒ කාලේ ෆයිවර් කරන්න කියල දීපු උන් අද ගොඩක් ඉන්නව මම ඉන්න තැනටත් එහා ගිහින්. අකවුන්ට් තුන හතර රන් කරනවා. ගිග් පවා ෆර්ස්ට් පේජ් එකට රෑන්ක් කරන ට්‍රික්ස් දන්නවා උන්. හැබැයි අපි ඇහුවත් කියන්නේ නෑ උන්. තමන්ට මොකක් හරි වාසියක් තියෙන උන්ට විතරක් උන් දන්නා දේවල් කියල දෙනවා. මුල මතක නෑ ගොඩක් උන්ට සල්ලි හ්ම්බෙද්දී. ඔන්න ඕකයි ඇත්ත.
අනික තමා මෙහෙම දන්න හැමදේම කියල දෙන එකාට හරියන්නේ නෑ හොරෙන් ගේම ගහන උන්ටමයි හරියන්නෙත්. පුදුම වැඩක් ඒකත්.