Fixed Deposit පොළී අනුපාත / corona

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    ඔන්න කාලකණ්නි ආයිත් ඊයෙත් අඩු කරල රේට්ස්:angry::angry::angry:
    Capture.jpg

    Oka thama sampath bank thibbe masa 2kta kalin
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක 2.5 වලට යනවා අනිවා ඊට වඩා නම් අඩු වෙන්නේ නැහැ
    ඕක වෙනකොට බයියෝ ආණ්ඩු කරොත් හොඳයි නැත්නම් ඕකටත් අහුවෙන්නේ විජාතික බලවේග :rofl:

    පොත් වල සල්ලි දාල තේරුමක් නැහැ වෙන investments වලට යන්න වෙනවා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචං මේකෙ මෙහෙමත් දෙයක් තියෙනව නේද,

    රේට්ස් අඩු කරද්දි බැංකුවෙ ඉන්න තැම්පතුකරුවන් ගැලවිලා යනව. දැන් උදාහරණයක් විදියට තව එක පාරක් හරි අඩු වුණොත් මමත් හිතාගෙන ඉන්නෙ තියෙන ඔක්කොම FD Withdraw කරල වෙන කොහේ හරි හොඳ තැනක් බලල ඉන්වෙස්ට් කරන්න. ඒ වගේ මිනිස්සු කී දෙනෙක්ට නම් හිතෙනවද? බැංකුවල තියෙන සල්ලි නිකංම ගලාගෙන යනව එළියට.

    බැංකු වලින් ලෝන් කියල දෙන්නෙ අනිත් පැත්තට තැම්පත්කරුවන්ගෙම සල්ලි. ඒකෙනුත් විශේෂයෙන්ම FD දාන ඒවගෙ සල්ලි. බැංකුවක ප්‍රධානම තැන්පතු මාර්ගය Fixed Deposit නේහ් මචං? ඒ සල්ලි වලින් තමයි උං ලෝන් දීල සල්ලි උපයන්නෙ. Business කරන උන්ට OD කරවල සල්ලි හොයන්නෙ. ක්‍රෙඩිට් කාඩ් වලිට සල්ලි යොදවල බැන්කුව සල්ලි හොයන්නෙ. මේ හැමදේම කරන්න ප්‍රධානම Income Source එක FD.
    ඒ නිසා නේහ් Loan & FD Rates වල පරතරය හැමතිස්සෙම 2%-2.5%ත් අතර තියාගන්නෙ හැම බෑන්ක් එකක්ම.

    ඒත් මේ වගේ අසාමාන්‍ය විදියට රේට්ස් අඩු කරන එකෙන් වෙන්නෙ බැංකුවෙ තියෙන ස්ථිර තැන්පතු සැළකියයුතු ප්‍රමාණයකින් ගැලවිලා යනව. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඉබේටම බැංකු වලට Business වලට ණය දීමේ හැකියාවත් අඩු වෙලා යනව නේද? බෑන්ක් එකට සල්ලි අඩු වුණාම කිසිම දෙයක් කරගන්න බැරුව යනව? මට හිතෙනව මේකෙ බැන්කු පද්ධතියම අන්ස්ටේබල් වෙන්න යනව කියල. එහෙම වුණොත් රටේ ආර්ථිකය ගොඩ ගන්න කියල ගත්ත තීරණ වලින් තව කඩාගෙන වැටෙන්න පුලුවන්.

    දැන් ඇමරිකාව වගේ පට්ටම දියුණු, දැවැන්ත ආර්ථිකයක් තියෙන රටක FD Rates යන්නෙ 1%-2% වගේ ගණං වලින්. එහෙම වෙලා තියෙන්නෙ උංගෙ රටේ හොඳ ආර්ථික හැකියාවක් තියෙන නිසා. ඒ වුණාට එයිට සාපේක්ෂව ආර්ථිකය අවුල් ගිහිං තියෙන ඉන්දියාවෙ වගේ 5%ට කිට්ටුව වගේ රේට්ස් යන්නෙ. ඒ ඔක්ක‌ොම එක්ක බැලුවම ආර්ථිකය වල පල්ලෙම තියෙන ලංකාවෙ 3%ට වගේ රේට්ස් ගෙනාවොත් මොනවයින් මොනව වෙයිද?

    මගේ අනිත් ප්‍රශ්නය මචං රේට්ස් අඩු කරාම ආර්ථිකයට සපෝට් එකක් වෙනව නම් හැම රටක්ම වගේ පුලුවන් තරම් බෑන්ක් රේට්ස් අඩු කරන්න පුලුවන් නේද?

    මම හිතාගෙන ඉන්න විදිය වැරදි වෙන්නත් පුලුවන්, උඹට මේ ගැන හොඳ අවබෝධයක් තියෙනව වගේ. මේක පැහැදිලි කරන්නකො.
    එල! :) :) :)

    මිනිස්සු බැංකු වල දාල තියන සල්ලි අතට ගන්න එකම තමයි මූලික අරමුන මචන්.. බැංකු මූලිකවම ණය දෙන්නෙ මිනිස්සු තැන්පතු විදිහට තියන මුදල් වලින්.. ඒත් බැංකු වලට තැන්පතු වලට අමතරව සල්ලි එන වෙනත් ක්‍රම තියනව.. ඒක නිසා තැන්පතු කොටසක් අඩු උනාට බැංකු වලට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.. ඇත්තටම ලංකාවෙ දැන් තියන තැන්පතු ප්‍රමානෙ ගොඩක් වැඩී.. මිනිස්සු සල්ලි ආයෝජනය කරන්නෙ නැතුව බැංකුවෙ දාල ඉන්නවනෙ..

    දැන් ලංකාවෙ තියන තත්වය ගත්තොත් මම BOC එක ගැන කියන්නම්.. . BOC එකේ තැන්පතු බිලියන 2000 ක් තියනව, ඒ අමතරව තව Loans , share capital එකෙන් ආපු බිලියන 250 ක් විතර තියනව.. ඒත් loans විදිහට දීල තියෙන්නෙ බිලියන 1549 යි.. සරලවම කියනවනම් මිනිස්සු සල්ලි බිලියන 500 ක් විතර ආපහු ගත්තත් BOC එකට ඒක ලොකු issue එකක් එන්නෙ නැහැ.. තැන්පතු අඩු වෙන්න පටන් ගත්තත් Bank වලට අනික් ක්‍රම (Debentures , Right issue , ) වගේ ක්‍රම වලින් තව සල්ලි ගේන්න පුලුවන්..

    බැංකු පද්ධතියම ගත්තම නම් බලපෑම අඩුයි මචන්.. උබ දැන් බංකුවෙ තියන ලක්ශ 50 ක් අරගත්තොත් ඒක අතේ තියාගෙන ඉන්නෙ නැහැනෙ ඒ සල්ලි ආපහු කොහේ හරි invest කරනවනෙ.. හිතන්න ඒ සල්ලි වලින් resturant එකක් පටන් ගන්නව කියල.. එතකොට ඒ resturant එකට invest කරන resturant එක වෙනුවෙන් වියදම් කරනවනෙ අන්තිමට ඒ වියදම් කරන සල්ලිත් කැරකිල බැංකු පද්ධතියටම එකතු වෙනව..

    මට පුලුවම් විදියට සරලවම විස්තර කලේ මචන්.. ඉතුරු ටික තව ටිකකින් දාන්නම්..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මට පුලුවම් විදියට සරලවම විස්තර කලේ මචන්.. ඉතුරු ටික තව ටිකකින් දාන්නම්..

    එල මචං. ඒක දාන්න ඉක්මණට.

    මට සරළ ප්‍රශ්නෙකුත් තියෙනව. ඇයි මේ සිද්දිය මේ විදියට යනව, ඈත අතීතයෙ ඉඳන්ම FD Rates ඉලක්කම් 2ක ගාණකින් පැවත ආවෙ? ඉස්සර ඉඳලම සිස්ටම් එකේ අවුලක්ද? මේකත් පොඩ්ඩක් විස්තර කරපං මචං
    එල! :)
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,538
    113
    Deshapalana kathavak karanne nehe kiyala deshapalana kathaavakinma ivarakarapu nisa matath kiyanna deyak thiyanava.
    Giya aanduvata issella thibuna Rajapaksa aanduve gon thakatheeru arthika kriyaamarga nisa thamai adhika nayak giya aanduvata karagahaganna vuney. Thavath avurudu gaanak mona aanduva avath eke curse eka ratatama thiyanava.

    Ow poli adu unath lankawe un business karanne ne. Mehe business walata hariyana environment ekak ne. Covid nisa kohomath market ekak hadenna kal yanawa anik ratawala.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,538
    113
    මිනිස්සු බැංකු වල දාල තියන සල්ලි අතට ගන්න එකම තමයි මූලික අරමුන මචන්.. බැංකු මූලිකවම ණය දෙන්නෙ මිනිස්සු තැන්පතු විදිහට තියන මුදල් වලින්.. ඒත් බැංකු වලට තැන්පතු වලට අමතරව සල්ලි එන වෙනත් ක්‍රම තියනව.. ඒක නිසා තැන්පතු කොටසක් අඩු උනාට බැංකු වලට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.. ඇත්තටම ලංකාවෙ දැන් තියන තැන්පතු ප්‍රමානෙ ගොඩක් වැඩී.. මිනිස්සු සල්ලි ආයෝජනය කරන්නෙ නැතුව බැංකුවෙ දාල ඉන්නවනෙ..

    දැන් ලංකාවෙ තියන තත්වය ගත්තොත් මම BOC එක ගැන කියන්නම්.. . BOC එකේ තැන්පතු බිලියන 2000 ක් තියනව, ඒ අමතරව තව Loans , share capital එකෙන් ආපු බිලියන 250 ක් විතර තියනව.. ඒත් loans විදිහට දීල තියෙන්නෙ බිලියන 1549 යි.. සරලවම කියනවනම් මිනිස්සු සල්ලි බිලියන 500 ක් විතර ආපහු ගත්තත් BOC එකට ඒක ලොකු issue එකක් එන්නෙ නැහැ.. තැන්පතු අඩු වෙන්න පටන් ගත්තත් Bank වලට අනික් ක්‍රම (Debentures , Right issue , ) වගේ ක්‍රම වලින් තව සල්ලි ගේන්න පුලුවන්..

    බැංකු පද්ධතියම ගත්තම නම් බලපෑම අඩුයි මචන්.. උබ දැන් බංකුවෙ තියන ලක්ශ 50 ක් අරගත්තොත් ඒක අතේ තියාගෙන ඉන්නෙ නැහැනෙ ඒ සල්ලි ආපහු කොහේ හරි invest කරනවනෙ.. හිතන්න ඒ සල්ලි වලින් resturant එකක් පටන් ගන්නව කියල.. එතකොට ඒ resturant එකට invest කරන resturant එක වෙනුවෙන් වියදම් කරනවනෙ අන්තිමට ඒ වියදම් කරන සල්ලිත් කැරකිල බැංකු පද්ධතියටම එකතු වෙනව..

    මට පුලුවම් විදියට සරලවම විස්තර කලේ මචන්.. ඉතුරු ටික තව ටිකකින් දාන්නම්..

    Restaurant eka padu wenawa. sallith ne. godak welavata naya wela. Banku paddathiyata ei. Thamange salli loss :lol::lol::lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,279
    113
    Malabe
    Ow poli adu unath lankawe un business karanne ne. Mehe business walata hariyana environment ekak ne. Covid nisa kohomath market ekak hadenna kal yanawa anik ratawala.

    Million 23 inna podi rataka loku janagahanayak inna rataval vagey invest karanna amarui. Ae ratavala investment ekak 'hit' venna lesi saha eeta passe goda. Apey minissu issara indala puruduvela inne salli save karanna. Davasey vedakarala gedara gihin pavula ekka sathutu venna. Salli ithuru karanne hadisi amaaruvakata, vedakata vagey ewata. Savings salli invest karanna velaavak kapakaranna behe family eka nisa, saha eka venama operation ekak nisa.

    Bank percentage eka vedikaranna venava, mokada savings thiyana hamotama invest kireemey danumak nehe, saha physically weak ayata barinisa.

    Apey ratey godak aya innava FD interest eken jeevathvena. 'Investment' saha 'spending' patalavaganna epa.
     
    Last edited:

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    Me Awurudde thawa rates godak adu wei machan hema bank ekama n Financial Company ekakma masa 6kata wage loans walatai leasing walatai sahan dunnama e masa 6tama ewata interest hamben ne banks walata e unata deposits walata interest gewanna wenava meka loku loss ekak banks walata...
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ජනාධිපති ඊයේ දාපු සීන් එකෙන් fixed rates වෙනස් වෙයිද ?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    mamath damma ekak dan masa kipekata udadi
    adu kaloth a salli adala land ekak gannawa

    ඔව් ඒක ඇත්ත. අඩුගානට ගන්නත් පුළුවන් මේ දවස් වල ඉඩම්.

    අපි කල්පිරෙන්න කලින් සල්ලි ගත්තොත් මොකද වෙන්නේ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    මචො මන් දන්න්න විදිහට මට එකපාරක් අවුරුදු 5 කට දාපු එකකට අවුරුදු දේකක් විතර යද්දි එකපාරට පොලිය අඩු උනා මතක විදිහට 2010, 2011 වගේ. මන් දන්නෙත් නැතිව අරක කැන්සල් වෙලා. මොකද මන් මාසෙන් මාසේ සල්ලි වැටෙන්න දීලා හැම මාසෙම වගේ ගත්තා එක දවසක් යනකොට පොතේ සල්ලි නෑ. බැන්කුවෙන් අහපුවාම කිවේ අයේ දාන්න කියලා අයේ දැම්මහම පොලිය අඩු උනා. Peoples bank.
     
    • Dislike
    • Wow
    Reactions: KrishanL89 and jcj

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මිනිස්සු බැංකු වල දාල තියන සල්ලි අතට ගන්න එකම තමයි මූලික අරමුන මචන්.. බැංකු මූලිකවම ණය දෙන්නෙ මිනිස්සු තැන්පතු විදිහට තියන මුදල් වලින්.. ඒත් බැංකු වලට තැන්පතු වලට අමතරව සල්ලි එන වෙනත් ක්‍රම තියනව.. ඒක නිසා තැන්පතු කොටසක් අඩු උනාට බැංකු වලට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.. ඇත්තටම ලංකාවෙ දැන් තියන තැන්පතු ප්‍රමානෙ ගොඩක් වැඩී.. මිනිස්සු සල්ලි ආයෝජනය කරන්නෙ නැතුව බැංකුවෙ දාල ඉන්නවනෙ..

    දැන් ලංකාවෙ තියන තත්වය ගත්තොත් මම BOC එක ගැන කියන්නම්.. . BOC එකේ තැන්පතු බිලියන 2000 ක් තියනව, ඒ අමතරව තව Loans , share capital එකෙන් ආපු බිලියන 250 ක් විතර තියනව.. ඒත් loans විදිහට දීල තියෙන්නෙ බිලියන 1549 යි.. සරලවම කියනවනම් මිනිස්සු සල්ලි බිලියන 500 ක් විතර ආපහු ගත්තත් BOC එකට ඒක ලොකු issue එකක් එන්නෙ නැහැ.. තැන්පතු අඩු වෙන්න පටන් ගත්තත් Bank වලට අනික් ක්‍රම (Debentures , Right issue , ) වගේ ක්‍රම වලින් තව සල්ලි ගේන්න පුලුවන්..

    බැංකු පද්ධතියම ගත්තම නම් බලපෑම අඩුයි මචන්.. උබ දැන් බංකුවෙ තියන ලක්ශ 50 ක් අරගත්තොත් ඒක අතේ තියාගෙන ඉන්නෙ නැහැනෙ ඒ සල්ලි ආපහු කොහේ හරි invest කරනවනෙ.. හිතන්න ඒ සල්ලි වලින් resturant එකක් පටන් ගන්නව කියල.. එතකොට ඒ resturant එකට invest කරන resturant එක වෙනුවෙන් වියදම් කරනවනෙ අන්තිමට ඒ වියදම් කරන සල්ලිත් කැරකිල බැංකු පද්ධතියටම එකතු වෙනව..

    මට පුලුවම් විදියට සරලවම විස්තර කලේ මචන්.. ඉතුරු ටික තව ටිකකින් දාන්නම්..
    උබ හිතෙනවද ඔය ෆික්ස් ඩිපොසිට් වලින් ජිවත් වෙන අය බිස්නස් කරවී කියල ,අනික ඔය ෆික්ස් දාපු ගොඩක් අය බිස්නස් කරන්න පුළුවන් නම් ඕක නැහැනේ
    ඕකෙන් වෙන්නේ බිස්නස් නොදැන කරන්න ගිහිල්ල කට්ටියක් බන්ක්රප්ට් වේවි
    තව කට්ටියක් ඔය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඉන්න හොරුන්ට අහු වේවි (පොලි වැඩි ක්‍රම )
    මම කියන්නේ හැමෝටම ඉන්වෙස්මන්ට් ස්කෙදුල් ,බිස්නස් තේරෙන්නේ නැහැ
    ඕකෙන් වෙන්නේ තවත් සක්විති වගේ උන්ට පර හදල දෙන එක

    මම නම් දකින්නේ ලොකු විවසනයක් ඕකෙන් වෙන්නේ හොදකට වඩා
     
    • Like
    Reactions: sithija.h

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    ඔව් ඒක ඇත්ත. අඩුගානට ගන්නත් පුළුවන් මේ දවස් වල ඉඩම්.

    අපි කල්පිරෙන්න කලින් සල්ලි ගත්තොත් මොකද වෙන්නේ?
    මන් ගත්තා ගත්ත අවුරුද්දේ ඒවෙනකම් ගෙවපු පොලිය ආපහු කැපුවා. 😃😃😃
     
    • Like
    • Dislike
    Reactions: bestdivx and jcj

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචො මන් දන්න්න විදිහට මට එකපාරක් අවුරුදු 5 කට දාපු එකකට අවුරුදු දේකක් විතර යද්දි එකපාරට පොලිය අඩු උනා මතක විදිහට 2010, 2011 වගේ. මන් දන්නෙත් නැතිව අරක කැන්සල් වෙලා. මොකද මන් මාසෙන් මාසේ සල්ලි වැටෙන්න දීලා හැම මාසෙම වගේ ගත්තා එක දවසක් යනකොට පොතේ සල්ලි නෑ. බැන්කුවෙන් අහපුවාම කිවේ අයේ දාන්න කියලා අයේ දැම්මහම පොලිය අඩු උනා. Peoples bank.
    අවුරුදු 5කට -% ගානකට දැම්ම නම් උන්ට ඒක කැන්සල් කරන්ඩ බෑ දන්න විදියට කල් පිරෙනකන් අවුරුදු 5හේ.
     
    • Like
    Reactions: Genuine and XpressM

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    අවුරුදු 5කට -% ගානකට දැම්ම නම් උන්ට ඒක කැන්සල් කරන්ඩ බෑ දන්න විදියට කල් පිරෙනකන් අවුරුදු 5හේ.
    එහෙම උනා බන් ඔය මන් කියන කාලේ. මන් දන්න දෙතුන්දේනෙකුටම උනා. මොකද ඉට කලින් ඔවා 12.5 විතර තිබ්බේ. එකපාරට 8.25 විතර වගේ වැටුනා. අන්න ඒ කාලේ එහෙඅ දෙයක් උනා තර්ක කරන්න ගියේ නෑ. හරියටම අවුරුද්දක් සම්පුර්න වෙද්දි තමා උන් වැඩේ කරේ. මන් අවුරුදු ගානකට දැම්මට මාසෙන් මාසේ පොලිය වැටෙන්න දලා තිබ්බේ. ඔක කල් පිරුනත් ඉබේම තව අවුරුද්දකට වැටෙන එකනේ වෙන්නේ අපි මොකුත් කරේ නැත්තම්. ඒත් ඒවෙලාවෙදි මට බැන්කුවට ගිහින් ආපහු හදාගන්නත් උනා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම උනා බන් ඔය මන් කියන කාලේ. මන් දන්න දෙතුන්දේනෙකුටම උනා. මොකද ඉට කලින් ඔවා 12.5 විතර තිබ්බේ. එකපාරට 8.25 විතර වගේ වැටුනා. අන්න ඒ කාලේ එහෙඅ දෙයක් උනා තර්ක කරන්න ගියේ නෑ. හරියටම අවුරුද්දක් සම්පුර්න වෙද්දි තමා උන් වැඩේ කරේ. මන් අවුරුදු ගානකට දැම්මට මාසෙන් මාසේ පොලිය වැටෙන්න දලා තිබ්බේ. ඔක කල් පිරුනත් ඉබේම තව අවුරුද්දකට වැටෙන එකනේ වෙන්නේ අපි මොකුත් කරේ නැත්තම්. ඒත් ඒවෙලාවෙදි මට බැන්කුවට ගිහින් ආපහු හදාගන්නත් උනා.
    සමහරවිට රේට්ස් වෙනස් වෙන විදිය අනුව variable rates විදියට දැම්ම නිසා වෙන්ඩ ඇති එහෙම වෙන්නෙ..එකම ගානට දානවට වඩා අපේ ඩිපොසිට් එක තියෙන කාලෙ රේට්ස් වැඩි උනොත් ඒ වාසිය අපිට ලැබෙනව..අඩු උනොත් අපිට පාඩුයි..